Loading...
Infrared හරහා ක්‍රියාත්මකවන Under display TouchID එකක් සඳහා Apple සමාගම patent බලපත්‍ර ලබා ගනී

Touch ID වල ඊලඟ generation එක වෙනුවෙන් මෑතකදී Apple සමාගම patent බලපත්‍රය ලබාගත්තා. මේ සඳහා ඔවුන් අයදුම් කරේ පසුගිය 2019 වසරේදී යී. ඒ patent බලපත්‍රය ඔවුන් ලබාගත්තේ display එක යටින් පිහිටන infrared light technology එකෙන් යුතු TouchID එකක් සඳහායි.

ඉතින් මේ patent එක ලබා දුන්නේ United States Patent and Trademark Office එකෙන්. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි device screen එකේ යටින් feature වෙන අලුත් image sensor එක. Patent එක දිහා බලනකොට දැකගන්න පුලුවන් වෙන primary element එක තමයි user ගේ ඇඟිල්ල map කරන්න photosensitive element එකක් use වෙන අතරේ display එක පුරාවට shortwave light එකක් emit කරන අලුත් optical imaging system එක.

වෙනත් වචන වලින් කීවොත් මේක appear වෙන්නේ in display fingerprint scanner එකක් විදිහටයි. මෙතන Apple ලා highlight කරන “Shortwave Infrared light” කියන දේ next generation touch ID වල crucial component එකක් වේවි.

කොහොම උනත් මේක දැනට patent එකක් විතරයි. සහ දැනට මේක ඇත්තටම develop කරනවාද කියන දේ ගැන කිසිම confirmation එකක් නෑ. තව පැත්තකින් ගත්තොත් Apple ලා ඔවුන්ගේ flagship iPhones වලට Face ID සඳහා ලොකු focus එකක් දෙමින් හිටියේ අද ඊයෙක ඉඳන් නෙවෙයි. ඉතින් මේ technology එක ඉදිරියේදී budget iPhones කීපයකට වගේම iPads සඳහත් implement වේවි.

Source : Gizmochina