Loading...
Apple සමාගම ඔවුන්ගේ "First-Ever" virtual WWDC 2020 එක ජූනි 22 පැවැත්වීමට නියමිතයි

Apple සමාගම තම ප්‍රථම, එහෙමත් නැත්තම් එයාලගේම වචනයෙන් කියනව නම් first-ever virtual WWDC event එක 2020 ජූනි මාසේ 22 පවත්වන්නට යෙදිලා තියෙනවා. ඒ ගැන ගිය මාසේ මුලදිම Apple සමාගම announce කරත් අපි ඒ ගැන දවස් 10ක් තියලා ඔයාලට කියන්න හැදුවේ event එක ලංවෙන්න ලංවෙන්න උණුහුම වැඩි වෙන නිසා. ඔන්න ඉතිං අපි news එක ගේනකොට Apple සමාගම keynote එකේ schedule එකත් release කරල තියෙනවා.

Apple සමාගමේ නිල blog වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට ඔවුන් විසින් WWDC 2020 keynote එක මේ ජූනි 22 සිට ජූනි 26 වන දින වන තෙක් පැවැත්වෙනවා. ජූනි 22 වෙන දින ඔවුන් ඇමරිකාවේ වේලාවෙන් පෙරවරු 10ට Keynote එක Apple Park එකේ සිට live stream එක ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා.

Apple සමාගම විසින් නිල වශයෙන් මොනවද මේ පාර WWDC 2020 එකේදි කතා වෙන්නේ කියල ප්‍රකාශ කරල නැත්තත් වෙනදා වගේම මේ පාරත් ඔවුන්ගේ next-gen softwares,  iOS 14, watchOS 7, iPadOS, සහ macOS ගැන කතාකරනවා කියල කවුරුත්ම දන්නවා. ඒ වගේම iOS වල එනවා කියන home screen widgets සහ Google Playහි තියෙන Google Play Instant වගේම try out apps before installing them කියන දෙක ගැන කතාවෙයි කියලත් ආරංචි පල වෙනවා.

පල්ලෙහයින් තියෙන්නේ schedule එක.

  • Special Event Keynote - June 22, 10 a.m. PDT
  • Platforms State of the Union - June 22, 2 p.m. PDT
  • 100+ Engineering Sessions - June 23 to 26
  • All-New Apple Developer Forums - Redesign coming June 18
  • 1-on-1 Developer Labs (by appointment) - June 23 to 26

ඉතිං අවසානයේදී බලමු අළුත් මොනවද අපිට එන තොරතුරු කියල. සාමාන්‍ය අපිට වැදගත් වෙන තොරතුරු තිබ්බොත් අපි අරගෙන එන්නම්.

Source: Apple Newsroom