Loading...
Android වෙත Apple Watch සහය ලබාදීම​ට ග​ත් අවුරුදු තුනක උත්සාහය අසාර්ථක වූ බව Apple සමාගම පවස​යි

කිහිප දිනකට පෙරදී එක්සත් ජනපදයේ පැවති DOJ lawsuit හි Apple සමාගම උද්වේගකර තීරණයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහිදී ඔවුන් Android සදහා Apple watch එකක් නිපදීම පිළිබද මීට වසර තුනකට පමණ පෙර සිට සළකා බලා තිබෙන බවක් ඔවුන් පවසා තිබෙනවා.

මෙහිදී DOJ lawsuit විසින් Apple සමාගමට චෝදනා කර තිබෙන්නේ මෙතෙක් කල් Apple සමාගම යනු ඒකාධිකාරියක් බවය. ඔවුන් එමගින් අදහස් කර ඇත්තේ Apple සමාගම තුල තිබෙන උපාංග කිසිදු මොහොතක වෙනත් සමාගමක් සමග ඔවුන් සම්බන්ධ නොකරන නිසා ද විය හැකී.

Apple’s smartwatch—Apple Watch—is only compatible with the iPhone. So, if Apple can steer a user towards buying an Apple Watch, it becomes more costly for that user to purchase a different kind of smartphone because doing so requires the user to abandon their costly Apple Watch and purchase a new, Android-compatible smartwatch.

ඒ සදහා ප්‍රතිචාර දක්වමින් Apple සමාගම පවසා තිබෙනේ වසර තුනක විමර්ෂණයකින් පසුව ද Android සදහා Apple watch එකක් ගෙන ඒම අපහසු කරුණක් වූ බවත් එහිදී ඔවුන් එම තීරණය අතහැර දැමීමට ද තීරණය කල බවයි.

මෙමගින් පෙනී යන්නේ Apple සමාගම කාටත් හොරා ඔවුන්ගේ නව සැලැස්මක් ගෙන ගොස් ඇති බව ය. ඉතින් අපිට ඉදිරියේදී මේ වගේ තවත් විස්තර බොහොමයක් බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන්. රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: 9to5mac.com