Loading...
App Store, Maps සහ තවත් Apple සේවාවන් රැසක් බිඳ වැටෙයි; පැය තුනකට ආසන්න කාලයකට පසුව යථා තත්වයට පත් කිරීමට Apple සමාගම කටයුතු කර​යි

ඊයේ දිනයේදී App Store, iCloud, Maps සහ iMessage සේවාවන් ඇතුලුව Apple සේවාවන් රැසක් බිඳ වැටීමට ලක් වුන අතර ලොව පුරා විශාල පිරිසක් මේ පිළිබඳව Twitter හරහා වාර්තා කරන්නට වුනා. මෙම සේවා බිඳ වැටීම පැය තුනකට ආසන්න කාලයක් පුරාවට පැවති අතර, මේ හේතුවෙන්

  • Maps හරහා navigate කිරීම
  • iMessage හරහා එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගැනීම
  • Apple music හරහා online ගීත වලට ශ්‍රවණය කිරීම
  • App Store හරහා apps download කිරීම, update කිරීම
  • Podcast upload කිරීම සහ ශ්‍රවණය කිරීම
  • Apple Store හරහා මිලදී ගැනීම් කිරීම

සහ තවත් සේවාව රැසකට පිවිසීමේ හැකියාව අවහිර වී තිබුණු. විශේෂයෙන්ම Find My Device සේවාවට පවා මේ හරහා බාධා පැමිණි තිබුණි. ඒ ආකරයෙ​න් බිඳ වැටී තිබුණු සේවාවන් 19 පිළිබඳව Apple System Status Page එක තුල දැක්වුනේ පහතාකාරයට. මෙම සේවාවන් බිඳ වැටීම පිළිබඳව Apple සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැති නමුත් ඔවුන්ගේ System Status Page එක හරහා එම බිඳ වැටීම පිළිබඳව දැනුම් දීම සිදු කර තිබුණි.

මෙම බිඳ වැටීම ඊයේ දිනයේදී 12:55 ET (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:25ට පමණ) වලට පමණ ඇරඹී ඇති අතර දහසකට අධික පරිශීලකයන් ප්‍රමාණයක් මේ පිළිබඳව Downdetector වෙබ් අඩවියට වාර්තා කර තිබුණි. මෙය මුළින්ම වාර්තා වී තිබුණේ Apple App Store හරහා වන අතර එතැන් පටන් Fitness+, Maps සහ iCloud system එක හා සම්බන්ධ සේවාවන් වල බිඳ වැටීම වාර්තා වී ඇත.

පැය තුනකට අධික කාලයක් පුරාවට පැවති මෙම සේවා බිඳ වැටීම ක්‍රම ක්‍රමයෙන් ය​ථා තත්වයට පත් කරගැනීමට Apple සමාගම සමත් වූ අතර, පරිශීලකයන් විසින් වාර්තා කරනල ලද්දේ මුලින්ම App Store එකට පිවිසීමට තිබුණු බාධාවන් ඉවත්ව ගොස් ය​ථා තත්වයට පැවති බවයි. කෙසේ නමුත් ඔවුන් වාර්තා කර තිබුණේ පෙරදාට වඩා මන්දගාමී බවක් එහි තිබුණු බවයි. පසුව එක සුපුරුදු රිද්මයට පත්ව තිබුණි. ඉන් පසුව පිළිවෙලින් iMessage, Apple Music සේවාවන් යථා තත්වයට පත් වූ අතර ඉන් පසුව Apple Maps යථා තත්වය​ට පත් වී ඇත.

Sources: CNBC, Reuters