Loading...
සැප්තම්බර් 15 වන දින Apple සමාගම විසින් පැවැත්වීමට නියමිත Time Flies event එකේදී iPhone 12 නිකුත් නොවීමට ඉඩ ඇති බව වාර්තා වේ

මීට දින කිහිපයකට පෙර ඇපල් සමාගම විසින් iPhone 12 event එක පැවැත්වෙන දිනය නිවේදනය කිරීමට සූදානම් බව පවස්සමින් අප විසින් පුවතක් රැගෙන ආවා. ඊට දිනකට පසුව (සැප්තැම්බර් 8 දින) ඇපල් සමාගමේ SVP of Marketing අංශයේ සේවය කරන Greg Joswiak විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තවත් දින 7කින් Apple Event එක හරහා මුණ ගැසෙමු ලෙසටයි. ඒ අනුව මෙවර Apple Event එක මේ මස 15 වන දින පැවැත්වීමට නියමිතයි.

මෙම event එක ඔවුන් විසින් නම් කර ඇත්තේ Time Flies ලෙසයි. මීට පෙර Bloombergහි පලවූ වාර්ථාවකට අනුව මෙම වසරේදී ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම Apple watch දෙකක් නිකුත් කිරීමට නියමිතව පවතින අතර ඒවා Apple Watch Series 6 සහ Apple Watch Series 3 එකේ මිල අඩු version එකක් වන බව එහි සඳහන්.

මීට පෙර අන්තර්ජාලය හරහා පලවූ වාර්ථා සහ අප විසින් කල වාර්ථා වලට අනුව කියවුනේ iPhone 12 series එක ඇපල් සමාගම විසින් නිකුත් කිරීම ප්‍රමාද වන බවත් එය බොහො දුරට මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිත බවත්ය.

Apple iPhone 12 එලි දැකීම කල් යයි?
Apple සමාගමේ මීලග ප්‍රදාන iPhone හා අනෙකුත් Apple Devices එලි දැකීමට නියමිතවතිබුනේ සැප්තැම්බර් මාසයේ මුල බාගයේය. මෙය ටික කලක සිට Apple සමාගම එකම කාලාන්තරයකසිදු කරන්නෙ එක් එලිදැක්වීමක සිට පුරා වසරක් එම device වෙලදපල තුල පවත්වාගෙනයාමටයි. කෙසේ නමුත් මීලග එලි දැක්වීම වන iPhone 12 හා iPhone 12 Pro වගේ…

එම වාර්ථා සමඟ සලකා බලන විට එළඹෙන සැප්තැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිත Time Flies event එක හරහා iPhone 12 series එක නිකුත් වේද යන්න පිළිබද ගැටළුවක් සහ අවිනිශ්තභාවයක් පවතී. එමෙන්ම මෙවරඇප්ල් සමාගම විසින් ඔවුන් සැප්තැම්බර් 15 වන දින පැවැත්වීමට නියමිතව පවතින event එක සම්ප්‍රදායෙන් පිටව Time Flies ලෙස නම් කිරීමෙන්ද මෙම අපැහැදිලි බව තහවුරු වේ.

මේ පිළිබඳව The Vergeහි Editor-in-chief සහ CNBCහි සේවය කරන Nilay Patel විසින් Twitter පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි කියැවෙන්නේ මෙවර සැප්තැම්බර් මස 15 වන දින පැවැත්වීමට නියමිත event එකේ නමට අනුව බොහෝ දුරට එහෙඉදී නිකුත් වීමට ඉඩ ඇත්තේ නව Apple Watch එක සහ නව iPad එක පමණක් බවත්, iPhone 12 series එක නිකුත් කිරීම මෙයින් සති කිහිපයකට පසුව සිදු කරනු ඇති බවයි.

මීට අමතරව මෙම event එකේදී මිල අඩු HomePod speaker එකක්, Over-ear headphone එකක්, නව Apple TV version එකක් සහ AirTags නිකුත් කරනු ඇති බව අදහස් පලවනවා.

Apple සමාගම ඔවුන්ගේ මෙම Time Flies event එක සැප්තැම්බර් 15 වැනි දින එරට වේලාවෙන් උදෑසන 10ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:30) ආරම්භ කිරීමට නියමිත අතර එදිනට ලොව පුරා සිටින තාක්ෂණයට ඇල්මක් දක්වන සියල්ලටම livestream හරහා නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා.

Sources: Apple, The Verge , Bloomberg & GSM Arena