Loading...
රුසියාව තුල තම සියළුම නිෂ්පාදනයන් සහ සේවාවන් අලෙවි කිරී​ම Apple සමාගම විසින් විසින් නවතා දැමීමට කටයුතු කරයි

රුසියාව විසින් යුක්රේන​ය ආක්‍රමණය කිරීම හේතුවෙන් Apple සමාගම සිය නිෂ්පාදන රුසියාව තුළ අලෙවිකිරීම නවතා දැමූ බව පසුගිය අඟහරුවා​දා නිවේදනය කළා.

එම නිවේදනය තුළින් ඔවුන් කියා සිටියේ රුසියාව සිදුකරමින් සිටින යුක්රේ​න ආක්‍රමණය ගැන තම සමාගම දැඩි කනස්සල්ලට පත්ව ඇති බවත් එම නිසා ඔවුන්ගේ නිෂ්පාදන රුසියාව තුළ අලෙවි කිරීම නවතා දමන බවයි. මීට අමතරව Apple Pay වැනි ඩිජිටල් සේවාවන් සීමා කිරීම සහ රුසියානු මා​ධ්‍ය යෙදුම් එම රටින් පිටතදී ලබා ගැනීම සීමා කරන බව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියා.

පසුගිය සතිය තුළ තම සමාග​ම රුසියාවට තම නිෂ්පාදන සැපයුම් නතර කළ බවත් යුක්‍රේනය තුළ Apple Maps වල traffic සහ live පහසුකම් අක්‍රීය කිරීමට කටයුතු කළ බවත් Apple සමාගම වැඩිදුරටත් කියා සිටියේය.

Apple සමාගම මෙම තීරණය ගැනීමට මූලික වූයේ ලො​ව බොහෝ තාක්ෂණික සමාගම් තම සේවාවන් රුසියා​ව ලබා නොදී යුක්රේ​න ආක්‍රමණයට විරෝධය පළ කිරීම හේතුවෙනි. නමුත් සමහර ආරක්ෂක හා ප්‍රජාතන්ත්‍රවාදී විශේෂඥය​න් කියා සිටින්නේ, බටහිර යෙදුම් කෙරෙහි විශ්වාසය තබමින් ඒව භාවිතා කරන මේ ගැටුම් වලට විරුද්ධ ජනයාට මින් අසාධාරණයක් වන බවයි.

Facebook, YouTube සහ Twitter වැනි සමාගම් යුරෝපීය නිලධාරීන්ගේ දැඩි පීඩනය නිසා රුසියානු හිතවාදී ප්‍රකාශ අඩංගු දෑ ඉවත් කිරීමට පටන් ගෙන තිබේ. Netflix සමාගම පවා රුසියානු රාජ්‍ය නාලිකා විකාශනය ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත.

Source: CNN