Loading...
2021 වර්ෂයේදී නිකුත් වීමට නියමිත MacBook Pro සඳහා SD Card Reader සහ HDMI Port ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

Apple සමාගම විසින් නිපදවන MacBook වර්ගයේ පරිගණක යනු ලොව ඉතාමත් සුපතල ලැප්ටොප් වර්ගයේ පරිගණක වර්ගයකි. මෑත කාලීනව නිපදවන MacBook Pro සහ MacBook Air වර්ගයේ පරිගණක වල අපට අනෙකුත් නිෂ්පාදකයන් විසින් නිපදවන ලැප්ටොප් පරිගණකයන් වල දක්නට ලැබෙන SD Card readers, USB Ports සහ HDMI ports දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට ඔවුන් විසින් ලබා දී ඇත්තේ USB-C සහ Thunder bolt ports පමණි.

පසුගිය වර්ෂයේ Apple සමාගම විසින් නිෂ්පාදිත M1 chipset එක සහිතව නිපදවන ලද MacBook Pro සහ MacBook Air එලිදැක්වීමෙන් අනතුරව, 2021 වර්ෂයේදී නව MacBook Pro පරිගණක දෙකක් එලිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම තොරතුරු වලට අනුව 202 වසරේ එලිදැක්වීමට නියමිත MacBook Pro පරිගණක දෙකෙහිම SD card reader එකක් සහ HDMI port එකක් අඩංගු වීමට නියමිතයි.

MacBook පරිගණක වලින් ports කිහිපයක්ම ඉවත් කර USB-C සහ Thunderbolt ports ඇතුලත් කිරීම 2016 වර්ෂයේදී ආරම්භ කල අතර ඒ හේතුව නිසා බොහොමයක් MacBook භාවිතා කරන්නන් හට USB hubs සහ dongles භාවිතා කිරීමට සිදු උනා.

නමුත් Apple Analyst කෙනෙක් වන Ming-Chi Kuoට අනුව 2021 වර්ෂයේ නිකුත් වීමට ඇති MacBook වල Touch Bar එක ඉවත් කර MagSafe පහසුකම නැවත රැගෙන ඒමට Apple සමාගම කටයුතු කරන අතර තවත් ports කිහිපයක් ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබනවා.

Kuo stated his predictions in a recent note to investors. As per reports, Apple is working with a company named Genesys Logic. The said company will reportedly be an exclusive controller supplier for the SD card reader.

Kuoට අනුව මේ වන විට Apple සමාගම විසින් Genesys Logic නම් සමාගමක් සමඟ වැඩකටයුතු කරන අතර Genesys Logic සමාගම විසින් SD Card readers සඳහා වන controller නිපදවනු ලබයි. Kuoඅ අනුව 2021 වර්ෂයේ තෙවන කාර්තුව වන විට මෙම නව MacBook Pro මාදිලි දෙකක් එලි දැක්වීමට නියමිතය.

Source: GizmoChina