Loading...
iOS updates හරහා iPhone පැරණි මාදිලි වල performance පහත හෙලීම හේතුවෙන් Apple සමාගමට තවත් ඩොලර් මිලියන 113ක් ගෙවීමට සිදුවේ

මීට අවුරුදු තුනකට කලින්, ඒ කියන්නේ 2017 වර්ෂයේදී පැරණි iPhones වල performance අඩු කරන ආකාරයට update එකක් ලබා දීම පිළිබඳව Apple සමාගමට එරෙහිව ගොණු කෙරුණු චෝදනාවකට ඔවුන්ට වන්දි ගෙවීමට සිදු උනා. මේ සම්බන්ධයෙන් Apple සමාගම නම් ප්‍රකාශ කරේ, iPhones වල battery health එකට සමානුපාතිකව iPhone වල CPU එක පාලනය කිරීම, එහෙමත් නැත්තම් throttle කිරීම සිදු කරන නිසා මේ ආකාරයට performances අඩු වීම සිදුවන බවයි.

Apple සමාගම මේ ආකාරයට ඔවුන්ගේ එම ක්‍රියාව සාධාරණී කරණය කිරීමට පෙළඹුණත්, iPhone පාරිභෝගිකයන්ට මෙය දැනුනේ Apple සමාගම විසින් තමන් සතුව ඇති iPhone එකේ performances අඩු කර නව iPhone එකක් මිලදී ගැනීමට පෙළඹවීමට උත්සාහ දරණ බවයි.

කෙසේ වුවත් මෙම වර්ෂයේ මුලදී Apple සමාගමට මෙම චෝදනාව සඳහා $500ක වන්දි මුදලක් අදාල පාරිභෝගිකයන්ට ගෙවීමට එරට අධිකරණය වීසින් නියෝග කරා.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමඟම Apple සමාගම විසින් iPhones වල battery  health එක බලා ගත හැකි ආකාරයේ පහසුකමක් battery settings වෙත එකතු කර iOS update එකක් නිකුත් කිරීම සිදු කල අතර battery health එක අඩු වීමෙන් පසුව battery එක replace කිරීම කල යුතු අවස්ථාවේදී එය දැන්වීම සිදු කිරීම එමඟින් සිදු වුනා.

මෙම වසර මුලදී නිකුත් කෙරුණු නඩු තීන්දුවට අමතරව මේ වන විට ඇමරිකානු ප්‍රාන්ත 34ක සහ Columbia දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 113ක මුදලක් පාරිභෝගිකයන් සඳහා වන්දි වශයෙන් ගෙවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අධිකරණය විසින් පැවැත්වූ පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ battery health එක අඩු වන විට CPU throttling කර performance අඩු කිරීම පිළිබඳව Apple සමාගම විසින් තම පාරිභෝගිකයන්‍ව දැනුවත් කිරීමකින් තොරව කාලයක් පුරාවට සිදු කර ඇති බවයි

ඇරිසෝනා ප්‍රාන්තයේ අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙමින් වැඩි දුරටත් මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙසේය.

Big Tech must stop manipulating consumers and tell them the whole truth about their practices and products. I’m committed to holding these goliath technology companies to account if they conceal the truth from their users,”

මීට අමතරව වැඩිදුරටත් ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ Apple සමාගම විසින් තම iPhone පාරිභෝගිකයාට battery health එක පිළිබඳව සහ performance හා power management පිළිබඳවද නොසඟවා ප්‍රකාශ කල යුතු බවයි.

“provide truthful information to consumers about iPhone battery health, performance and power management,”

ඉදිරියේදී මෙම ඇමරිකානු ඩොලර් මිලියන 113ක මුදල අදාල ප්‍රාන්ත 34 අගතියට පාර්ශවයන්ට ලබා දීමට නියමිතයි.

Sources: The Washington Post, BBC