Loading...
Apple Watch Ultra මාදිලිය 2024 දී අඟල් 2.1ක Display එකක් සමඟ පැමිණෙන බව වාර්තා වෙයි

දැනට පවතින Apple Watch Series එකේ විශාලම Display එක පවතින Watch එක ලෙස Apple Watch Ultra දැක්විය හැකි අතර එය අඟල් 1.92 කින් යුක්ත වේ. නමුත් Hong Kong ආයෝජන සමාගමක් වන Haitong International Securities හි නව වාර්තාවක මීළඟ Apple Watch එකට මීටත් වඩා විශාල තිරයක් ඇතුළත් විය හැකි බව සඳහන් කර තිබෙනවා.

Apple Watch Ultra Display via macrumors.com

වැඩි දුරටත් එහි දැක්වෙන්නේ Apple සමාගම විසින් 2024 දී Apple Watch Ultra හි Display එක අඟල් 2.1 ක micro-LED display එකක් සමඟ යාවත්කාලීන කරන අතර මෙම නවතම Display එක සමගින් වර්තමාන Apple Watch සහ එහි OLED තිරය අභිබවා ගිය වඩා ඉහළ Brightness Level එකකින් සමන්විත වනු ඇති බවයි.

මීට අමතරව Apple සමාගම විසින් Air Pods Lite ලෙස Low Budget Wireless Earbuds 2ක් හදුන්වා දෙනු ඇතැයි විශ්ලේෂකයින් අපේක්ෂා කරනවා.

මේ පිළිබවද වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි අතර ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: gsmarena.com