Loading...
M1 mac පරිගණක මත ARM Windows සංස්කරණය Natively ධාවනය කල හැකි බව CRAIG FEDERIGHI විසින් ප්‍රකාශ කරයි

අලුත්ම Apple M1 chip එකෙන් බලගැන්වෙන Apple සමාගමේ අලුත් ම laptops line-up එකට reviewers ලගෙන් ලැබෙන්නේ ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්. x86 ඉඳන් ARM වලට shift වීම ලොකු platform transition එකක් වුනා. ඒ තුලින් performance පැත්ත ගොඩක් improve වුනා. ඒකට විශාල දායකත්වයක් M1 chip එක සහ Rosetta 2 විසින් ලබා දුන්නා.

කෙසේ වෙතත් M1 chip එකේ තියෙන major drawback එකක් තමා Boot Camp support එක නැති වීම. ඉතින් ඔයාගෙ workflow එකට Windows apps ඕන වෙනව නම් ඔයාගෙ Mac එකේ Windows copy එකක් boot up කිරීමෙ හැකියාව නැතුව යනවා.

කොහොම උනත් මේකට CrossOver 20 වගේ මෘදුකාංග තියෙනවා. ඒ වගේම ඉදිරියේදී M1 සඳහා තව emulation software පැමිණීමට නියමිතයි. ඒත් එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ තමා M1 Macs වලට Boot Camp support එක නැත්තෙ ඇයි? ඉතින් ඒකට උත්තරේ විදිහට පැහැදිලි වෙන දේ තමා Microsoft ලා ඔවුන්ගේ Windows වල ARM version එක කලින් install කරලා නැති device එකක install කරන්න Microsoft විසින් ඉඩ නොදීම.

කෙසේවෙතත් M1 chip එකට ARM Windows run කරන්න පුලුවන් වෙනවා. ඒ ගැන Apple සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන Craig Federighi මහතා පැවසුවේ මෙයාකාරයෙන්.

“We have the core technologies for them to do that, to run their ARM version of Windows, which in turn of course supports x86 user mode applications. But that’s a decision Microsoft has to make, to bring to license that technology for users to run on these Macs. But the Macs are certainly very capable of it.”

කොහොම උනත් Microsoft ලා ARM Windows Apple වල Boot Camp එක එක්ක run කරන්න ඉඩ දෙයිද කියන දේ ගැන තවම confirmation එකක් නැහැ.

Source : 9to5mac