සෑම Android හෝ iOS යාවත්කාලීන කිරීමක් සමඟම ඒවායේ වැඩිදියුණු කළ ආරක්ෂාව සහ දත්ත වල ආරක්ෂාව යම් තාක් දුරකින් හෝ වැඩි වන බව අප දන්නවා.
නමුත් "Android සහ iOS මෙහෙයුම් පද්ධති ඇත්තටම ඔය කියන තරම්ම ආරක්ෂිතද?"
මෙය අපට මේ මොහොතේ පිළිතුරු දිය නොහැකි ප්රශ්නයකි.
ලැබී ඇති නිල පුවත් වලට අනුව Apple සමාගමේ නවතම iOS 15 සංස්කරණය ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර නොවූ විරූ විශාල පියවරක් තබා ඇත.

මෑතකදී පැවති හැකර්වරුන්ගේ සංසදවලදී, විවිධ Data Breaches සහ Data Leaks (දත්ත උල්ලංඝනය කිරීම් සහ කාන්දු වීම්) වලින් එකතු කරන ලද Passwords බිලියන 8.4 ක් ඇතුළත් 100GB ගොනුවක් විකුණා ඇති බව අපට අසන්නට ලැබුණි.
මේ අනුව, වර්තමාන ප්‍රධාන තාක්ෂණ සමාගම් කිසිවකටත් ඔවුන්ගේ පද්ධති සුරක්ෂිත බව ඔප්පු කළ නොහැකි වී ඇත. කෙසේ වෙතත්, මෙම ප්රශ්නය විසඳීම සඳහා, Apple සමාගම විසින් විසින් "මුරපද සංකල්පය" විනාශ කිරීමට සැරසෙන බව අනාවරණය වී තිබේ.
Apple සමාගම අනෙකුත් තාක්ෂණික දැවැන්තයන් මෙන්, වඩාත් ආරක්ෂිත Login Methods මත ක්‍රියා කරයි. ඉතින් Apple සමාගම ඔවුන්ගේ iOS 15 සහ MacOS සඳහා නව "Passkeys in iCloud Keychain" අත්හදා බැලීමට සැරසෙන බවට වාර්තා වනවා.

Apps සහ Platforms වලට පිවිසීමේදී Usernames භාවිතා කරන සත්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වනු ඇත.ඊට අමතරව, නව පද්ධතිය මඟින් සමහර ආරක්ශක ක්‍රම භාවිතා කරනුයේ නිවැරදි හිමිකරුට පමණක් එයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා ය.
එබැවින් ඔබ තවමත් සත්‍යාපනය සඳහා Password එකක් භාවිතා කරන්නේ නම්, Apple විසින් "Password" යන්න ඵුස්සක් බවට පත් කරනු ඇත. හැකර්වරු Passwords සොරකම් කළත් ඔවුන්ට ඒවා භාවිතා කළ නොහැකි වනු ඇත.
මේ මොහොතේ iCloud Keychain හි Passkeys භාවිතා කිරීමට සූදානම් නැත. WWDC 2021 Event එකේදී තුළ Apple විසින් එය විස්තර නොකිරීමට ප්‍රධාන හේතුව මෙයයි. නමුත් පසුව, Apple සමාගම විසින් Developerවරුන් සඳහා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී Apple සමාගම මේ සංකල්පය පිළිබඳ යම් විස්තරයක් ලබා දුන්නේය.
එම Presentation එකේදී Apple සමාගම පැවසුවේ iPhone, iPad සහ Mac භාවිතා කරන්නන්ට Face ID, Touch ID හෝ Physical Security Key එක සමඟ Username එක හරහා Log වීමට හැකි බවයි. එනම් න්‍යායාත්මකව, හැකර්වරුන්ට තවමත් මෙම සත්‍යාපන දත්ත වලට ප්‍රවේශ විය හැකිය. නමුත් ප්‍රායෝගිකව එය අඩු විය හැකිය.
ඊට අමතරව මෙම සියලු ක්‍රමවලට ස්ථිර වාසියක් ඇත. ඔබට Password එක මතක තබා ගත යුතු නැත. තවද ඔබට මෙම සත්‍යාපන දත්ත Apps කිහිපයකම භාවිතා කළ හැකිය.

නමුත් මෙහි සමහරක් අවාසි ද ඇත. Face ID හෝ Touch ID සත්‍යාපනය ක්‍රියාත්මක වන දෘඩාංග වෙත ඔබට ප්‍රවේශය අහිමි වුවහොත්, ඔබට Apps / Services වෙත පිවිසිය නොහැක.
දෙවනුව, Android සහ Windows වෙතින් එකම Online Account එකකට පිවිසීමට පරිශීලකයින්ට නොහැකි වනු ඇත. මේ නිසා Apple, Google සහ Microsoft යන සමාගම් අතර පොදු අන්තර් ක්‍රියාකාරීත්ව ප්‍රමිතියක් නිර්මාණය කරන බවට කිසිදු සලකුණක් නොමැත. එබැවින් මෙහි යම් යම් අවාසි සහගත ලකුණුද නැතුවාම නොවේ.
Source: Gizchina