Loading...
A13 Bionic වෙතින් බල ගැන්වෙන Apple Studio Display නම් පෙරළිකාර display එකක් හදුන්වාදීමට Apple සමාගම කටයුතු කර​යි

ඊයේ දිනයේදී පැවති Peek Performance event එකේදී Apple සමාගම විසින් එලිදැක්වූ තවත් එක් පෙරලිකාර නිෂ්පාදනයක් ලෙස Apple Studio Display එක හැදින්වීමට පුළුවන්. මෙය Mac Studio එක එලිදැක්වීමට සමාගාමීවම එලිදැක්වීමට කටයුතු කෙරුණු අතර මෙය බෙහෙවින්ම උපකාර වනුයේ සහ ප්‍රයෝජනවත් වනුයේ නිර්මාණ සිදු කරන වෘත්තිකයන්ටය.

මෙම පෙරලිකාර තිරය P3 Wide Colors, nits 600ක දීප්තිමත්භාවයකින් යුතු True Tone පහසුකමින් යුක්ත වන අතර ඉතාමත් විශිෂ්ඨ මට්ටමේ දර්ශන ලබා දෙන අඟල් 27ක 5K Retina Display එකක්‍ වන අතර එය සතුව anti-reflective coating එකක් ඇති අතර glare තත්වයන් මඟ හරවා ගැනීම සඳහා වන nanotectured glass නම් පහසුකමින් යුතු තිරයක් තෝරාගැනීමේ අවස්ථාව​ද ලබා දී තිබෙනවා.

මෙය display එකක් ලෙසින් හැදින්වූවාට එහි ඇතුලත් කර ඇති hardware සතුව iPhone වල ඇතුලත් වන A13 Bionic chipset එකක්ද ඇතුලත් වනවා. එවැනි උපාංගයක් display එකකට ඇතුලත් කිරීමේ Apple සමාගමේ පරමාර්ථය වී ඇත්තේ A13 Bionic chipset එක සතුව ඇති artificial intelligence පහසුකම භාවිතා කරමින් මෙම display එකට ඇතුලත් කර ඇති කැමරාවට සහය ලබා ගැනිමයි.

Apple Studio Display එක සතුව 12MP front-facing කැමරාවක් ඇති අතර එය Apple සමාගමේ Center Stage නම් පහසුකමෙන් බලගැන්වෙනවා. Center Stage පහසුකම හරහා සිදු කෙරෙන්නේ තිරය ඉදිරිපස වාඩිවී සිටින පරිශීලකයාගේ චලනයන් හදුනාගෙන එය අනුගමනය කරමින් පරිශීලකයා නිරතුරුවම දර්ශනපථය තුල රඳවා ගැනීමයි.

මෙහි ඇති තවත් ප්‍රධානතම පහසුකමක් වන්නේ speakers 6කින් යුතු ශබ්දවාහිනී පහසුකමයි. එය force-canceling woofers 4කින්  සහ tweeters දෙකකින් යුක්ත වනවා. එය MacBook Pro එකක ඇති sound system එකට බෙහෙවින් සමානවනවා. මෙම ශබ්දවාහිනී පද්ධතිය spartial audio සහ Dolby Atmos යන පහසුකම් සඳහාද සහය දක්වනු ලබනවා. මීට අමතර voice සහ video calls වල කටහඬ හොදින් ලබා ගැනීම සඳහා ඒ සඳහාම වෙන්වූ studio-quality microphones තුනකින් මෙම display එක සමන්විතවනවා.

මෙම නව display එක සතුව narrow bezels ඇති අතර අංශක 30ක ආනතියක් දක්වා එහා මෙහා කිරීමේ හැකියාවද සතු වනවා. එය මෙම display එකටම එන stand එක සතුව ඇති පහසුකමක් වන අතර එහි උස සකස් කිරීමේ හැකියාවක් ලබා දී නැත. නමුත් ඊට අමතරව තවත් විකල්ප දෙකකින් යුතු stands දෙකක් Apple සමාගම විසින් හදුන්වා දී ඇති අතර එහිදී එක් stand එකකදී අංශක 30ක ආනතිය සහ උස සකස් කිරීමේ හැකියාව ලබා දී ඇත. අනෙක් විකල්පය ලෙස VESA mounting option එක ලබා දීමට කටයුතු කර තිබෙනවා. එහිදී අපට මෙම display එක landscape සහ portrait යන ආකාර දෙකෙන් භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඉහත කී පහසුකම් වලට අමතරව මෙම dipslay එක සතුව 10Gbps දත්ත හුවමාරු වේගයක් ඇති USB Type-C ports තුනක් ඇති අත​ර එක් Thunderbold port එකක් සතුවනවා. මෙම Thunderbolt port එකෙන් display signals ලබා ගන්නවාට අමතරව MacBook Proහි බැටරිය ආරෝපණය කල හැකි 96W powerout එකක් සඳහාද සහය දක්වනු ලබනවා.

මේ වන විට ඔබට Apple වෙබ් අඩවිය හරහා මෙම display ඇණවම් කිරීමේ හැකියාව පවතින අතර මාර්තු 18 සිට එය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙම display එඑහි ආරම්භක මිල ඇමරිකානු ඩොලර් 1,599ක් ලෙසින් Apple සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

Source: Peek Performance event