Loading...
Arduino හැදින්වීම (Lesson 01)

සරලවම Arduino කියන්නේ Programmable circuit Board වර්ගයක් මෙන්ම programming language එකක් තියන platform එකකි. එක එක වර්ගේ Circuit board වර්ග ගොඩක් මෙන්ම එමගින් LED එකක් දැල්වීමේ සිට Smart Home එකකටත් එහා ගිය වැඩක් කරන්න පුලුවන් සෙන්සර් විශාල ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් හරි අපූරූ platform එකක් තමයි මේ Arduino කියන්නේ. අපගේ ප්‍රධානම අරමුන වනුයේ මෙම arduino programming language එක ඔබ වෙත සරලව ඉගැන්වීමයි.

Arduino ප්‍රධාන Board ගැන

Arduino වලදී අපිට එක එක වර්ගයේ Board විශාල සංඛ්‍යාවක් දැක ගන්න පුලුවන්. ඇතැම් ඒවා කුඩා ප්‍රමාණයේ project වලට යොදාගන්නා අතර ඇතැම් ඒවා විශාල ප්‍රමාණයේ project වලට අවශ්‍ය වන ලෙස නිර්මාණය කර තිබ්බේ. තවද විවිධ features අඩු වැඩි කරමින් එකිනෙකට වෙනස්ව ඒවා නිර්මාණය කර ඇත. ඒ අතරින් ආඩුඊනෝ මුලින්ම පටන් ගන්න කෙනෙක්ට Arduino Uno board එක විශේෂ වෙනවා. මිල, PIN ගණන, ප්‍රමාණය, features අනුව uno board එක ඉතා හොද තේරීමකි. ඉදිරියට අපි කතා කරනුයේ uno සහ nodeMCU board භාවිතා කරමින් කරන ක්‍රියාකාරකම් ගැනයි.

Arduino Boards
Sensors

මෙම Board වලට අමතරව wires හා power cable ද, transistors, sensors, modules, LED, display වැනි අමතර උපාංග ඔබගේ අවශ්‍යතාවය අනුව මිලදීගැනීමට ඔබට සිදුවේ. මේවා මිලදී ගැනීමේදී විවිධ ආයතන විශාල ගනනක් තිබීම නිසා නිවැරදිව වැඩ කරනවද බලා සාධාරණ මිලට ලබා ගැනීම ඔබගේ තීරණයකි.

NodeMCU
Uno Board

Arduino IDE එක

මෙම Arduino භාෂාව ලිවිය හැකිවන පරිදි arduino.cc එකෙන්ම IDE එකක් නිර්මාණය කර තිබේ. මෙය ඉතා සැහැල්ලු software එකක් වන අතර ඉතා අඩු performance ඇති පරිගණකයකට උවත් install කරගත හැකිය. එහි එය මෙතනින් ඩවුන්ලෝඩ් කර install කරගැනීමට පුලුවන්.

Download Now

ඊලග post එකෙන් අපි මෙම IDE එකේ ඇති අපට අවශ්‍ය features ගැන හදුන්වා කතා කරමු.

ARDUINO IDE

ඒනම් අදට සමු ගන්නවා. අදහස් සහ අඩුපාඩු Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.