Loading...
මාර්තු මස ජනප්‍රිය video game එක; Assassin's Creed Shadows

Assassin' creed series එකේ 14 වෙනි main game එකක් විදියට තමා Assassin's creed shadow මාර්තු 20 release වුනේ. Single action role-playing game එකක් වන මේක Game Community එක වගේම Ubisoft එකත් උනන්දුවෙන් බලාගෙන හිටපු game එකක්. Ubisoft එකට ඇති වෙලා තියෙන තත්වය මගහරව ගන්න මේ game එක ගැන ගොඩක් විශ්වාසය තියල තියෙනවා.

Game එකේ development එක ගැන කිව්වොත්, game එක develop කරන්නෙ Ubisoft Quebec එකෙන්. Quebec වල තියෙන ubisoft studio එකකින්. ඒවගේම Publish කරන්නෙ Ubisoft එකෙන්. Ubisoft anvil engine එකෙන් develop කරල තියෙන මේ game එක PS5, Xbox series X/S, Window, MacOS සදහා release කරල තියෙනවා.

Story

Game එක පැත්තට හැරුනොත්, මේකෙ background එකේ හැදෙන්නෙ 16 වෙන සියවසේ ජපානයේ සෙන්ගෝකූ යුගයේ අවසානයට ආසන්නවයි. ප්‍රධාන චරිත දෙකක දෘෂ්ටිකෝණයෙන් මේ game එක play කරන්න පුළුවන්. එක character එකක් තමා නින්ජා පරපුරෙන් එන NAOE. අනෙක් කෙනා තමා ජාපනෙට වහළෙක් විදියට එන YASUKE. YASUKE කියන්නෙ ඇත්තට සෙන්ගෝකූ යුගයේ හිටපු අප්‍රිකානු සම්බවයක් තියෙන සමුරායිවරයෙක්.

මේකෙදි මුලු කතාවම කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මුල කොටස විතරක් කියන්නම්. 1581 දී ලුයිස් ෆ්‍රොයිස් සහ ඇලෙස්සැන්ඩ්‍රෝ වැලිග්නානෝ සමග ඔහුගේ ආරක්ෂකයා වගේම සේවකය වෙන ඩියෝගෝ ජපානයට ගොඩ බහිනවා. ඒ ජපානය තුළ නිදහසේ වෙලදාම කිරීමට ඒවන විට පාලකයාව සිටි ඔඩා නොබුනාගාගෙන් අවසර ඉල්ලීමටයි.. එහිදී නොබුනාගා ඩියෝගෝ තමා හට දෙන්නේ නම් පමණක් යන කොන්දේසිය මත වෙළදාමට අවසර දෙන බව කියා සිටිනවා. ඒ අනුව නොබුනාගා යටතේ සමුරායිවරයෙකු වන ඩියෝගෝ යසුකේ ලෙස නම වෙනස් කර ගන්නවා. ඔඩා නොබුනාගාට තම පක්ෂපාතීත්වය පෙන්වමින් යසුකේ ජපානය එක්සත් කිරීමට සටන් කරනවා.

මේ සදහා ඉගා පළාතේ සටනකට යසුකේ සහ ඔහුගේ හමුදාව යනවා. මේ බව දැනගන්න නාගාටෝ ( නාඕගෙ පියා, female character) නාඕට කොෆුන් එකක (සොහොන් මන්දිරයක් වගේ තැනක්) සගවලා තියෙන පෙට්ටියක් ලබා ගන්න පවරනවා. එහිදී ඔහු ඔහුගේ අතේ සගවාගත හැකි අසිපත නාඕට ලබා දෙනවා. රහසිගත පෙට්ටිය ලබාගන්න යද්දි නාඕ වෙස්මුහුණක් පැළදගෙන හිටපු සමුරායි කෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වෙනවා. ඇගේ පියා ඇයව බේරගත්තත් ඔවුන්ට එම පෙට්ටිය අහිමි වෙනවා. නාඕ කෙසේ හෝ ඔහුව සොයාගෙන නැවත එම පෙට්ටිය ලබා ගන්නවා. ඇය එය රැගෙන පළා යද්දි නැවත විශාල කණ්ඩායමක (ෂින්බකුෆු) ප්‍රහාරයකට ලක් වෙනවා.එතනදි ඇගේ පියා මිය යනවා, නමුත් නාඕ බේරෙනවා.

අනතුරුව ඇය ඇගේ මිතුරියක් වෙන ටොමිකෝගේ උදව් ඉල්ලනවා. එතනදි ටොමිකෝ ඇගේ ගොවිපළ කදවුරක් ලෙස භාවිත කරන්න ඉඩ වෙනවා. සගායි නගරයට යන නාඕ අකේචි මිට්සුහයිඩ් කියන කාන්තාවගෙ උදව්වෙන් හොන්නෝජි පන්සලට රිංගා ඔඩා නොබුනාගා ඝාතනය කිරීමට සැලසුම් කරනවා. ඒ අකේචි පැවසූ පරිදි ඔඩා නොබුනාග යනු තම පියා ඝාතනය කළ ෂින්බකුෆු කණ්ඩායමේ නායකයා වූ බැවිනි. නමුත් එම ඝාතන තැත ව්‍යර්ථ වෙනවා යසුකේ නිසා.(ඔඩා නොබුනාගාගේ සමුරායිවරයා) අකේචි නාඕට බොරු කියා ඇති බවත් ෂින්බකුෆු සමග කිසිදු සබදතාවක් නොමැති බවත් කියා නොබුනාගා සියදිවි නසාගන්නවා. ඒ අකේචි අතින් තමන්ට මිය යාමට අවශ්‍ය නොවන නිසා. මේ නිසා යසුකේ රොනින් කෙනෙක් වෙනවා.(ස්වාමියකු නොමැති සමුරායිවරයෙක්)

ඒ වගේම මෙතනදි යසුකේ නාඕගේ අතෙහි සැගවිය හැකි අසිපත මගින් ඇයව හදුනාගන්නවා. ඒ නැවකදී දී ඔහුව මැරීමට සැරසි පෘතුගීසිකාරයන්ගෙන් ඔහුව බේරාගැනීමට පැමිණි Assassin අතේ ද එවැනි අසිපතක් දැකීම නිසයි.
මෙතනින් නවත්තන්න කියල හිතුවා, මොකද නැත්තං තව දිගට කතාව යන නිසා.

Game Style

Game එකේදී ටොමිකෝගෙ ගොවිපළ Hideout එකක් විදියට පවත්වගෙන යන්න ඕන. ඒ හරහා සටන් වලට අවශ්‍ය ආම්පන්න, සෙබලුන් පුහුනු කිරීම්, ආහාර පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම special highlight කරපු Features විදියට සෘතු වෙනස් වීම, පරිසරයන්ගෙ වෙනස් වීම අනුව වස්තු චලනයන් සහ විශේෂයෙන්ම බිම දිගේ බඩගෙන යාමේ හැකියාවත් ඇතුළත්. කලිං කිව්ව වගේම player ල මාරු කරගෙන play කරන්න පුළුවන්. ඉලක්ක හදුනගන්න අල්ලස් දීමට හා තොරතුරු රැස් කිරීමට ඔත්තු ජාලයක් පවත්වා ගෙන යන්න පුළුවන්. Eagle Vision එකේදී නම් බිත්ති හරහා සතුරන් පෙන්නන්නෑ මේකෙදි. ඓතිහාසික වශයෙන් නිවැරදි ආයුධ ගොඩක් බලාගන්න පුළුවන්. වගේම ඒ එක් එක් ආයුධයට skill tree එකක් බලාගන්න පුළුවන්.

Dev issue & Intel

ඒ වගේම මේ game එකේ publishing එක දෙපාරක් කල් යනව වගේම ඒකට $20M+ මුදලක් වැය වෙනවා. ඒ වගේම පෙබරවාරි මාසයේ game එකේ leak වුන සමහර clip වලින් ජපානයේ පූජනීය ස්ථානවල පිළිම සහ පූජනීය වස්තූන් සටන් නිසා විනාශ වෙන දර්ශන ඇතුලත් වෙලා තිබ්බ නිසා ජපන් මන්ත්‍රී මණ්ඩලයේ පැමිණිල්ල මත ඒ ability එක ඉවත් කරන්න වෙලා තියෙනවා.ඒ වගේ තව කරදර ගොඩක් මැද්දෙන් තමා මේ game එක release වෙන්නෙ.

විශේෂයෙන්ම සදහන් කරන්න ඕන දෙයක් තමා මේ Ubisoft + Intel partnership එක. PC & New-Gen Features Trailer එකේදී බලාගන්න පුළුවන් intel processors වලට game එක හොදට optimize කරල තියෙනවා කියල. Low end pc තියෙන players ලව පවා game එකට interest කරන්න කට‍යුතු කරල තියෙනවා ඒ හරහා.

System requirements

සමස්තයක් වශයෙන් game එක හොද ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. Ubisoft නිවේදනයට අනුව දියත් කළ දිනයේම players ල 1M පහු කරල තියෙනවා. ඉතිං ඔයාටත් මේ game එක ඔයාගෙ PC එකේ මේ requirements එක්ක play කරන්න පුළුවන්.

Minimum:
Processor: Intel Core i7 8700k/AMD Ryzen 5 3600
Memory: 16 GB RAM
Graphics: Nvidia GeForce GTX 1070 8GB/ AMD Radeon RX 5700 8GB/ Intel Arc A580 8GB
DirectX: Version 12
Storage: 115 GB available space

Recommended:
Processor: Intel Core i5 11600k/AMD Ryzen 5 5600x
Memory: 16 GB RAM
Graphics: Nvidia GeForce RTX 3060Ti 8GB/ AMD Radeon RX 6700 XT 12GB/ Intel Arc B580 12GB
DirectX: Version 12
Storage: 115 GB available space