Loading...
PC එකක් build කරනකොට CPU එකෙයි GPU එකෙයි Bottleneck වලිය ඇති නොවන ආකාරයට සකසා ගන්නේ කෙසේද?

PC එකක් බිල්ඩ් කරන කෙනෙක්ට පාර්ට්ස් තෝරද්දි අනිවාර්යයෙන් විසඳන්න වෙන දෙයක් තමා බොටල්නෙක් කියන්නේ. මේක සරලවම පැහැදිලි කරන්නම්. හිතන්න අඟල් 12ක බටේකින් වතුර අරං යනව කියල. හිතන්න 12ට 2 සොකට් එකක් ගහල මේක අඟල් දෙකේ බටේකට සෙට් කලා කියල.

අන්න එතකොට වෙන දේට තමා බොටල්නෙක් කියන්නේ. ලොකුබටෙන් අරං එන ජල පරිමාව එකපාරටම යන්න බැරුව හිරවෙලා පීඩනයක් හැදෙනව.

PC වලත් එකිනෙකට ගැලපෙන පාර්ට්ස් දැම්මේ නැත්නම් මේන් මේ දේම වෙනව.මේක PC එකේ CPU එක හා GPU එක අතර විතරක් නෙවේ වෙන්නේ. ඕනෑම ඩේටා ගලන කම්පොනන්ට්ස් දෙකක් අතර වෙන්න පුළුවන්.

ජනප්‍රියම බොටල්නෙක් එකනෙ GPU/CPU බොටල්නෙක් එක.

හිතන්න Intel Core i5 8Gen CPU එකක් එක්ක GTX550Ti එකක් පාවිච්චි කලා කියල. ඒකෙදි වෙන්නේ CPU එක සෑහෙන්න වේගෙන් ප්‍රොසෙස් කරනව. නමුත් GPU එක ඊට වඩා හිමින් වැඩකරන්නේ. ඉතින් වෙන්නේ CPU එක ප්‍රොසෙසින් කරල ඉවරවෙලා GPU එක ෆිනිශ් වෙනකන් බලන් ඉන්නව.

එහෙම නැත්නම් මේකෙ අනිත්පැත්ත. GTX1070 එකක් එක්ක First Gen Core i3 එකක් පාවිච්චි කලා නම් GPU එක කලින් ප්‍රොසෙසින් කරල CPU එක ඉවරවෙනකන් බලන් ඉන්නව.

මේ අවස්තා දෙකේදිම ගේම් එකක නම් Fps ඩ්‍රොප් වෙනව. ඊට අමතරව Fps Spikes හැදෙනව. ඒකියන්නෙ සමහර වෙලාවට ගේම්වල රෙන්ඩර් කරන්න හෝ ප්‍රොසෙසින් කරන්න පහසු තැනකදි CPU එකයි GPU එකයි සමව පාවිච්චි වෙනව. එතකොට එක්කෝ එකපාරටම fps වැඩිවෙලා ක්ශණිකව අඩුවෙනව.

අනිත් බොටල්නෙක් වීම වෙන්නේ මුලු පීසී එකම හා Hard disk එක අතර. මොකද වර්තමාන පීසී වල තියන ස්ලෝම කෑල්ල තමා HDD එක. ( SSD උනත් එහෙමයි. මොකද පීසී එකේ අනික්වා GB/s වේගෙන් යනකොට හොඳම SSD පවා යන්නේ 500MB/s වගේ )

මේකෙදි වෙන්නේ ඉඳල හිටල ස්ටටර් වෙන එකයි ලෝඩ් වෙන්න වෙලාවක් යන එකයි.

Microsoft Windows 10 වල නම් මේකට විසඳුමක් විදිහට ෆයිල්ස් කලින් ලෝඩ් කරන Machine Learning Algorithm එකක් පාවිච්චි වෙනව SuperFetch එකේ. ඒකත් මහාලොකුවට සාර්ථක නෑ.

Intel Optane කියන්නේ HDD කෑශින් මෙතඩ් එකක්. ඒකෙත් යම් සාර්ථකත්වයක් තියනව.

හැබැයි යම් දවසක රැම් එකෙ ස්පීඩ් එකෙන් ඩේටා R/W කරන්න පුළුවන් HDD එනකන් ඔය බොටල්නෙක් එක විසඳන්න බෑ ඉතින්. ඒවගේම මදර්බෝඩ් එකේ රැම් එක ඩුවල් චැනල් සපෝර්ට් නම් අනිවාර්යයෙන් රැම් එක සමාන මොඩියිල් දෙකක් පෝර්ට් දෙකේ ගහන්න. ඒකෙන් යම්තරමකට පර්ෆෝමන්ස් ඉහල යනව.

බොටල්නෙක් එකක් තියන්වද කියල බලන්න පුළුවන් සයිට්ස් තියනව.

https://thebottlenecker.com/calculator

කියන්නේ එහෙම එකක්. ඒකෙන් දළවශයෙන් බලාගන්න පුළුවන් PC එකේ බොටල්නෙක් එකක් තියනවද, මොකේද තියෙන්නෙ එහෙම කියල.