Loading...
අලුතින් TV එකක් ගන්නද? Expert කෙනෙක් විදිහට TV එකක් ගන්න මෙන්න කරුණු 11ක් Simple විදියට

හැමෝම කැමතියි ගෙදරට අලුතින් මොනවා හරි දෙයක් එකතු කරන්න, උත්සව කාලේ වගේම ඊට පසු කාලෙදිත් අපිට ගන්න ආස කරන දේවල් වලින් එකක් තමයි රුපවාහිනි යන්ත්‍රයක් කියන්නේ. ඉතින් අද අපි කියන්නට යන්නේ රුපවාහිනියක් මිලදී ගන්නකොට අනිවාර්‍යෙන් හිතන්නට ඕනේ කාරනා කිහිපයක් ගැන.

මූලික කාරණා

1. වර්ගය

එකිනෙකාගේ කැමැත්ත වෙනස්. සමහර ඇය ජපන් තාක්ෂනය ආසා කරනවා වගේම , සමහර අය යුරෝපිය කලාපයේ තාක්ෂණයට කැමතියි. වියදම් අඩුවෙන් කරන්න උත්සහ කරන අය, චීන තාක්ෂනය පසුපස යන්නට කැමතියි. එත් මේ සියලු තාක්ෂණ උපදෙස් පිට රටවල් වලින් ආවත් මේ ටීවී එකලස් වෙන්නේ චීනයේ නිසා ඒ තාක්ෂණික උපදෙස්  මේවාට වලංගුද කියලත් වෙලාවකට හිතෙනවා.

ඒ නිසා ඔබට අන්තර්ජාල භාවිතා කරන්නට පුළුවන් නම්, ඔබ කැමති මිලදීගන්න බලාපොරොත්තු වෙන ටීවී එක ගැන පොඩ්ඩක් රිවීව්ස් කියවලා ඉන්න එක හුඟක් නුවණක්කාර වැඩක්. ෆොරම් වල අලවියෙන් පසු සේවාව වගේම භාවිතයේදී අත්විඳින්නට ලැබෙන ගැටළු/ පහසුකම්  ගැනත් කියලා තියෙන නිසා අපට අපේ කැමැති දේ වෙත යොමුවෙන්න තියෙන හැකියාව ඉතා ඉහලයි.

2. ඒජන්තවරු සහ ගෙවීම් ක්‍රම

ඔබ කැමැත්තෙන් ගන්න ඉන්න ටීවී එක මේ රටට ගෙන්වන වෙළඳ ඒජන්තවරයා සේවය ලබාදෙන කඩවල් සහ ඒවායින් එකවර මිලදී ගන්නකොට කොතරම් මිලක් අඩුවෙනවද, ඒ වගේම කොටස් වශයෙන් මිලදී ගන්න කොට අපට වාරිකෙකට කොතරම් මුදලක් ගෙවන්නට වෙනවද කියන කාරනා ගැන සැලකිලිමත් වෙන එක බොහොම වටිනවා.

3. වගකීමේ සහතිකය

මිලදී ගන්න කලින් අපි සොයා බැලිය යුතු අනිවා ෆැක්ට් එකක් තමයි මේ. මොකද අපි මිලදී ගන්න භාණ්ඩයේ අලවියෙන් පසු සේවාව ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක අත්‍යාවශ්‍යයි. අලෙවියෙන් පසු සේවාව සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා වගේම සමහර සමාගම් දෙන්නේ 1 අවුරුදු වගකීම පමණක් වන අතර අබාන්ස් වැනි සමාගම් වලින් මුදල් ගෙවීමෙන් අනතුරුව වැඩි කාලයකට වගකීමේ සහතිකය දිගු කරගැනීමේ හැකියාව තියෙනවා.

ටෙක්නිකල් කාරනා

1. ඩිස්ප්ලේ  ප්‍රමාණ

ටීවී එකේ ප්‍රධානම සාධකය තමා තිරය. ගොඩක් අය කැමති පුළුල් තිරයක් තියෙන රුපවාහිනියකට. ප්‍රමාණ වලින් නම් අඟල් 23, 28, 32, 40, 42, 55 වගේ ප්‍රමාණ වලින් ගන්න පුළුවන්.

2. ඩිස්ප්ලේ වර්ග

වර්ග නම් ප්‍රධාන වශයෙන් 4 පමණ තමා තියෙන්නේ Plasma, LCD, LED, OLED ආදී වශයෙන්.

  • Plasma ටීවී
    ඔබ තත්වයෙන් ඉහල සහ සිනමාත්මක අත්දැකීම් වලට කැමති, කෙනෙක් නම් ඔබට ගැලපෙනම ටීවී වර්ගය ප්ලාස්මා ටීවී වෙන්න පුළුවන්, ප්ලාස්මා තිර සහිත රුපවාහිනී සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි වගේම තිරය අතිශය දීප්තිමත් නිසා එක දිගට බලන්නට කුඩා අපහසුවක් තියෙනවා.
  • LCD – Liquid Crystal Display
    මේ වර්ගයේ ටීවී හොයාගන්න ලේසියි, භාවිතයට පහසුයි වගේම මිලෙන් සාධාරණයි. ඒ වගේම තමා විදුලිය පිරිමැසීම අතින් ඉහල තත්වයක් තියෙනවා. හැබැයි ඔබ Xbox, Playstation එකක් එක්ක ඔබේ ටීවී එක භාවිතා කරන්න සිටිනවා නම් මේ වර්ගය එතරම් හොඳ විසඳුමක් වෙන්නේ නැහැ. අනික් අවාසිය තමා මෙහි බලන කෝණය මත වර්ණ වෙනස් වෙන නිසා රුපවාහිනිය ඉදිරියේන් සිටින කෙනෙකුට හැරෙන්නට නියම වර්ණ, පැත්තෙන් සිටින කෙනෙකුට පෙනෙන්නේ නැහැ.
  • LED – Light Emitting Diode
    LCD ටීවී තිරයේ පිටුපසින් LED බැක් ලයිට් එකක් තියෙන නිසා මේ වර්ගයේ තිරය බොහොම දීප්තිමත් කියං එක අලුත් කාරනාවක් නෙවෙයි.  ඔබේ ටීවී එකේ ඔප්ෂන් එකක් විදිහට “Local Dimming” කියන පහසුකම තියෙනවා නම් එය ඔබේ රුපවාහිනියේ වර්ණ වෙනස් වීමේ අනුපාතයට බලපානවා. නිදසුනක් විදිහට ඔබේ තිරය මත තියෙන රුපය කළු නම්, එය කළු ලෙස පෙන්වන්නේ ඒ පසුබිමේ තියෙන LED ආලෝකය අඩුකිරිමෙනුයි. හැබැයි මෙහි විදුලිය වැයවීම නම් ජංගම දුරකථන display වලට වඩා ටිකක් වැඩියි.
  • OLED – Organic Light Emitting Diode
    මේ ටීවී වර්ගේ නම් අනෙක් ටීවී වලින් පොඩ්ඩක් වෙනස්. මේ තිර වර්ගය විදුලිය ඉතුරු කරන වර්ගයක් වුනත් LCD තරම් විදුලිය ඉතුරු කරන්නට සමත් නැහැ. අනික් කාරනාව තමා මේ ටීවී වර්ගය එක දිගට භාවිතා කරන කොට රුප වල දීප්තිය අඩු වන තත්වයක් තියෙනවා. ඉහල විභේදන අනුපාතයක් තියෙන මේ තිර වර්ගය තුලත් අර නරඹන්නට හැකි කෝණයේ ගැටලුව උද්ගත වෙනවා.

3. දර්ශන අනුපාතය – Aspect Ratio

වර්තමානයේ එන ගොඩක් ටීවී වල Aspect Ratio එක 16:9 වශයෙන් තමා තියෙන්නේ. අපට ලැබෙන සමහර චැනල් පවා එන්නේ මේ දර්ශන අනුපාතයෙන් යුතුවයි. එයට හේතුව තමා පුළුල් පරාසයක් තුල විහිදුනු සිනමාත්මක රුප දකින්නට ලැබෙන්නේ මේ පරාසය තුල වීම.

මේක ගැන බය වෙන්නට දෙයක් නැහැ. අපිට ඕනෑම් ටීවී එකක් සෙටින්ග්ස් වලින් මේ තත්වය වෙනසක් කරගන්නට පුළුවන්.

4. Refresh Rate

මෙයින් අදහස් වෙන්නේ තිරය තත්පරයට කී වරක් refresh වෙනවද කියනැ අදහසයි. එය පෙන්වන්නේ හර්ට්ස් (Hz) වලින්. ටීවී පෙට්ටියේ 60Hz, 120Hz, 144Hz, 240Hzආදී වශයෙන් ලකුණු කර ඇති බව ඔබ දකීවි එයින් කියවෙන්නේ අප භාවිතා කරන ටීවී එකේ ඉහත කියවූ අගය තමයි. ඔබ වීඩියෝ ගේම් කොන්සෝල් එකක් භාවිතා කරනවා මේ ටීවී එක සමඟ ඔබට වටින්නේ 120Hz හෝ එයින් උඩ ටීවී එකක්. සාමාන්‍ය භාවිතාවට නම් 60Hz උනත් හොඳටම ප්‍රමාණවත්.

5. I/O (Input/Output) Ports

ඔබ රුපවාහිනියක් මිලදිගන්නකොට පොඩ්ඩක් රුපවාහිනිය පසුපස හෝ පසෙකින් ඇති USB, HDMI, AV ports වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. මොකද ඔබට හදිසියේ Chromecast, Apple TV, Cable TV box, PEO TV box වගේම ඔබේ portable hard drives වැනි දේවල් සම්බන්ධ කරන්නට උවමනා වූ විට මේ ports  ගොඩක් උවමනා වෙනවා.

6. Smart TV? ඒ මොකක්ද?

වෙනත් ටීවී වල වගේ නෙවෙයි ස්මාර්ට් ටීවී හරහා අපට ජාල ගත වෙන්න පුළුවන්, ඒ වගේම එහි YouTube, Netflix වැනි සේවා සඳහා සහය සපයන වා. එමෙන්ම අපට ඒ තුලින් Wi-Fi කනෙක්ෂන් එකක්  ස්ථාපිත කරලා ඒ හරහා Skype සම්බන්ධතාවත් ලබාගැනීමේ හැකියාව තියෙනවා.

මේ වර්ගයේ ටීවී ටිකක් මිලෙන් නම් අධිකයි. එහෙත් අතේ මුදල් යහමින් ගැවසෙනවා නම් මේ වර්ගයේ ටීවී එකක් ගත්තට පාඩුවක් නම් වෙන්නේ නැහැ කවදාවත්.

7. හිල් සහිත ලාභ බඩු

ලංකාවේ බහුතරයක් උත්සහ කරන්නේ අඩු මුදලක් ලබා දීලා වැඩි වටිනාකමින් යුතු දේවල් මිලදී ගන්න. ඉතින් මේ ගැන දන්නා වෙළෙන්දෝ අපනයන කරුවන් කරන්නේ චීනය, වියෙට්නාමය වැනි රටවල් වලින් අඩු මුදලකට ඇති ප්‍රසිද්ධ වෙළඳ නාම වල රුපවාහිනි තොග පිටින් ගෙන්වන එක. එතකොට ලංකාවේ අඩු මිලට විකුනන්න ඉතා පහසුයි. එත් කල් පැවැත්මෙන් නම් එතරම් විශ්වාසයක් තියන්න බැහැ.

8. දොඩම් ගොඩ බදාගන්න එපා

අතේ තියෙන්නේ සල්ලි කියක් උනත් තියෙන ලොකුම ටීවී එක ගන්න උත්සහ කරන්න එපා. ඔබට ප්‍රමාණවත් තරමේ කාමරයක් නැති නම්. ලොකු ටීවී එකක රුපය ඇසට හසුකරගන්න අඩුම තරමේ පොඩ්ඩක් පිටුපසින් වත් ඔබේ ආසනය තියෙන්න ඕනේ. නැතිනම් එයත් හරියට ODC 1st Class ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බැලුවා වගේ තමා.

ඒ නිසා ඔබේ කාමරයට ගැලපෙන රුපවාහිනිය නිතරම තෝරාගන්න වග බලාගන්න.