Loading...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන BELL 206 හෙලිකොප්ටරය

ඔන්න බහුතරයකගේ ඉල්ලීම පරිදි අපි ගෙනාවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නො.07 බලඝනය සතු Bell 206 හෙලිකොප්ටරය ගැන විස්තරයක්.

Bell 206 කියන්නේ 1962 නිපදවා පලවෙනි පරීක්ශන ගුවන්ගමන සිදුකල හෙලිකොප්ටරයක්. බෙල් 206 හෙලිකොප්ටරය Bell helicopters Textron සමාගම මගින් සැලසුම් කලේ ඇත්තටම U.S. Army එකට. ඒ සැහැල්ලු නිරීක්ශන යානාවක් ලෙසට.

ඒත් 1967 පමණ U.S Army එකෙන් කරපු පරීක්ෂණ ගුවන් ගමන් වලින් මේ මම මුලින්ම කියපු Bell 206 පලවෙනි release එකේ යානාව fail උනා. ඊට හේතු ලෙස බෙල් සමාගම දැක්වූයේ හෙලිකොප්ටරයේ haul එකේ, ඒ කියන්නේ frame එකේ අවුලක් කියලා. පසු​ව අද අපි කථා කරන මේ Bell 206 හෙලිකොප්ටරය බෙල් සමාගම මගින් redesign කරලා Bell 206 Jetliner ලෙස යලිත් U.S Army එකට ඉදිරිපත් කලා.

මේ Bell 206 Jetranger එක U.S Army එක මගින් මේ අවස්තාවේදී Quality Test එකෙන් පාස් කලේ OH58-Kiowa කියන කෝඩ් එක යටතේ.

1164271.jpg

ඇත්තටම ගත්තොත් අපි ​ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පාවිච්චි කරන්නේ මෙන්න මේ Jet Ranger model එක. පසුව එම අවුරුද්දේම, ඒ කියන්නේ 1967 දීම බෙල් සමාගම මේ හෙලිකොප්ටරය අන්තර්ජාතික වෙලදපොලටත් හදුන්වලා දුන්නා. 1967 ඉදන් 2010 වෙනකන් බෙල් සමාගම මගින් මෙම හෙලිකොප්ටර 7300ක් පමන නිපදවා අවසන් වන අතර වර්තමානයේ​ත් අලුතින් බෙල් 206 නිශ්පාදනය වෙනවා. හැබැයි පරණ ඒවට වඩා විවිධ වෙනස්කම් යටතේ.

206 එක single engine චොපෙර් එකක්. ලෝකෙ මූලිකව ම චොපර් වලට තියන නීතියක් තමයි මුහුද උඩින් යන චොපර් වලට අනිවාර්‍යයෙන් ම engine දෙකක් තිබිය යුතුයි නැත්නම් යන්න දෙන්න නෑ කියන දේ. ඉතින් ලංකාව මේ නීතිය අනුගමනය කරන නිසා 206 එක ගොඩක්ම ගොඩබිම ගුවන් ගමන් වලටයි මේක පාවිච්චි කරන්න උනේ.

Agusta-Bell_AB-206A_JetRanger,_Italy_-_Army_JP7373821.jpg

ඒත් එක්ක ම 212, 412 ආපු නිසා ඒව ගොඩක්ම ජනප්‍රිය උනා.

පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මේකෙ 212 සහ 412 ගැන. මේ පලවෙනි 2 සහ 4 යන අකුරු වලින් පිලිවෙලින් ප්‍රධාන රෝටරයේ (අවර පෙත්තේ) පෙති ගනනත් (දෙකක් සහ හතරක් වශයෙනුත්) අවසන් 2 යන්නෙන් engine දෙකක් භාවිත කරන මොඩලයක් බවත් කියවෙනවා.)

ජෙට් රේන්ජර් කියන්නෙ ඉතාමත් ප්‍රසිද්​ධ නාමයක් හෙලිකොප්ටර් ලෝකයේ. එක් වරක් මේ චොපර් නාමය ඩිස්කවරි චැනලය මගින් ලොව මෙතෙක් නිපදවූ හොඳම හෙලිකොප්ටර මාදිලිය ලෙස නොයෙක් වර්ගයේ හෙලිකොප්ටර් රාශියක් අතරින් (මොඩල සිය ගනනක්) ලෝකයේම අංක එක ලෙස නම් කරනු ලැබුවා.

මීට අමතරව ගුවන්හමුදාවේ සහ පුද්ගලික ආයතන කිහිපයක (ඩෙකෑන් ඒවියේශන් වැනි) LongRanger මාදිලියත් ඉතා සාර්ත​ක ලෙස භාවිත කෙරෙනවා.

Bell-206-Long-Ranger.jpg

මෙය ලොන්ග් ස්කිඩ් (long skid) විශේෂත්වය ඇති චොපරයක් වනවා. මුල් 206 ශෝර්ට් ස්කිඩ් (short skid) මාදිලි වනවා.

දැන් අපි කථා කරමු මේ හෙලිකොප්ටරේ technical details සහ යොදාගන්නා අවස්ථා ගැන

බෙල් 206 jetliner හෙලිකොප්ටරය බල ගැන්වෙන්නේ Allison T63-A-700 වර්ගයේ එන්ජිමකින්. (පසුව ආපු බෙල් 206 වර්ගනම් engine දෙකකින් බලගැන්වුණා)

0.jpg

මෙමගින් 317shp බලයකින් turboshaft එක කරකවනවා. එතකොට තමා blades දෙක සහ පසු පෙත්ත කැරකෙන්නේ.

Bell 206 එක දිගින් අඩි 32.28ක් සහ පළලින් අඩි 35.53ක් වෙනවා අවර පෙතිත් ඇතුලුව. උස අඩි 9.55ක් වෙනවා.

එතකොට බලමු මේ හෙලිකොප්ටරය performance අතින් කොහොමද කියලා

උපරිම වේගය පැයට කිලෝමීටර 196. එ​ක් ඉන්ධන පිරවීමකින් ​යන්න පුලුවන් උපරිම දුර කිලෝමීටර 480. එතකොට යන්න පුලුවන් උපරිම උස වෙන්නේ අඩි 18,999ක් සහ විනාඩියකට අඩි 1780ක උපරිම ඉහල නැගීමේ වේගයක් තියනවා.

එතකොට මේ හෙලිකොප්ටරය අවි ආයුධ අතින් නම් වැඩ්ඩෙක් නෙවෙයි, මොකද මේකට load කරන්න පුලුවන් උපරිම ආයුධ ප්‍රමානය වන්නේ 7.62mm මැශීන් තුවක්කු දෙකක් විතරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නම් දැන් මේ හෙලිකොප්ටරය පාවිච්චි කරන්නේ හෙලිකොප්ටර් නියමුවන් පුහුණූ කිරීමට, ප්‍රභූ ප්‍රවාහනය, විශේෂ මුදාගන්මේ මෙහෙයු​ම් සහ Heli tours සදහා විතරයි.

දැනට ලෝකයේ bell 206 jetliner එක යුධමය කාරණා සදහා පාවිච්චි කරන්නේ ලංකාවත් එක්ක රටවල් 27ක් විතරයි. නමුත් ලෝකේ බොහොමයක් රටවල් වල මේ බෙල් 206 models ප්‍රවෘත්ති වාර්තාකරනයට සහ පෞද්ගලික පාවිච්චිය සදහා ද යොදාගන්නවා.