Loading...
අපට නොමිලේ සේවය ලබා දෙන හොඳම Cloud Storage 10

Cloud storage එකක් යනු වර්තමානය වනවිට අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරන දෙයක් වී හමාරය. සෑම විටම cloud storage එකක් භාවිතා වන්නේ තමන් සතුව ඇති වටිනා Photos, Videos, Documents වැනි දෑ ගබඩා කර තබා ගැනීමටයි. Android මෙහෙයුම් පද්ධතියක් සහිත සෑම දුරකතනයකම පාහේ Google drive cloud storage එකද, සෑම iOS මෙහෙයුම් පද්ධතියක් සහිත සෑම දුරකතනයකම පාහේ iCloud storage එකද දැක ගත හැක.

අද අපි කතා කරමු නොමිලේ ලබාගන්න පුලුවන් හොඳම Cloud storages පිලිබඳව.

01. 100GB free දෙන Degoo

Degoo කියන්නෙ ලංකවේ වැඩිය ප්‍රචලිත නොවන මුත් 100GB ධාරිතාවයක Storage එකක් නොමිලේම ලබා දෙන Cloud storage එකක්. මෙම Degoo storage සේවාවට Register වීමෙන් පසු අපගේ Account එක Active තත්වයේ පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් දින 90 කට වතාවක්වත් Log වීම කල යුතුය. එමෙන්ම මෙම Degoo storage හි මව් රට වන්නේ ස්වීඩනයයි.

02. නමින් වගේම storage එකෙනුත් වැඩි - Mega

Mega යනු වර්තමානය වන විට බෙහෙවින්ම ප්‍රචලිත වී ඇති Cloud storage එකක් බව නිවැරදිය. ඊට සුවිශේෂී හේතුව වන්නෙ Mega storage සතුව ඇති Server speed එකයි. Mega cloud storage උපත ලබන්නේ 2013 වසරේ නවසීලන්තයේදීය. මෙම Mega storage service එක මගින් අපට පලමු දින 30 තුල 50Gb storage එකක්ද ඉන් අනතුරුව 15Gb storage එකක්ද නොමිලේ භාවිතා කල හැක. එමෙන්ම Mega Pc software එක මෙන්ම Android Application එක Download කිරීමෙන්ද අපට නොමිලේ ලැබෙන Storage එක වැඩි කර ගත හැක.

03. Android හැමෝටම හම්බෙන Google Drive

Google drive යනු වර්තමානය වන විට වැඩිපුරම භාවිතා වන Cloud storage service එක ලෙස හැඳින්විය හැක. සෑම android මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතනයකම පාසා Pre installed App එකක් ලෙස Google Drive සෑම ජංගම දුරකතනයක දැක බලා ගත හැක. එමෙන්ම දුරකතනය මිලදී ගැනීමේදීම අපට 15Gb Storage එකක් නොමිලේම ලැබෙනු ඇත. නමුත් Google pixel වැනි Android one මෙහෙයුම් පද්ධති වලින් සමන්විත ජංගම දුරකතන මාදිලි සඳහා ඇතැම් විට 100Gb ඉක්මවා ගොස් ඇති Storage එකක් නොමිලේම ලබා ගත හැක.Google drive උපත ලබන්නෙ 2012 වසරේදී ඇමරිකාවේය.

04. Box — 10GB of free cloud storage

Box යනු 2005 වසරේදී ඇමරිකාවේ උපත ලද Cloud Storage Service එකකි. මීට පෙර කතා කල සියලුම Cloud storage services වලට වඩා දිගු අතීතයක් මෙම Box cloud storage service එක සතුය. මෙම Box cloud storage service එක මගින් අපට නොමිලේ 10GB storage එකක් ලබා ගත හැක. මෙහි අවාසියක් ලෙස දක්නට ඇත්තෙ මෙයට අපට එකවර upload කර හැක්කේ 250MB Size Files පමනක් වීමය.

05. pCloud — 10GB of free cloud storage

pCloud යනු 2013 වසරේදී ස්විට්සර්ලන්තයේදී උපත ලද cloud storage service එකක්ය. pcloud storage service එක මගින්ද අපට 10GB storage එකක් නොමිලේම ලබා ගත හැක. Box cloud storage එකේ අපට එක වර upload කර හැක්කේ 250MB files පමනක් වන අතර මෙම pcloud service  තුල කිසිදු limit එකකින් තොරව  files upload කර හැක.

06. Icedrive — 10GB of free cloud storage

Icedrive යනු 2019 වසරේදී එංගලන්තයේදී උපත ලද cloud service එකකි. මෙම Icedrive cloud storage එක මගින්ද අපට 10Gb free storage එකක් ලබා ගත හැකි අතර එකවර 3gb දක්වා දාරිතාවයකින් යුතු files upload කල හැක. ආරක්ශිත උපක්‍රමයක් ලෙස අප භාවිතා කරන two factor authentication ක්‍රමය තවමත් මෙම Icedrive සතුව නොමැත.

07. MediaFire — 10GB of free cloud storage

Google drive , Mega මෙන්ම තවත් ඉතාමත් ප්‍රචලිත Cloud storage එකක් ලෙස Media fire හැඳින්විය හැක. Media fire cloud storage service එක උපත ලබන්නේ 2006 වසරේ ඇමරිකාව තුලදීය. මේ cloud service එක මගින්ද 10GB storage එකක් නොමිලේම ලබා දෙන අතර එක වර 4GB දක්වා වූ දාරිතාවයකින් යුතු files upload කල හැක. එමෙන්ම මෙම Media fire cloud service applications අපට Android, iOS, Windows යන සියලුම මෙහෙයුම් පද්ධති වල භාවිතා කිරීමට හැකිවීම විශේශ වාසියක් ලෙස පෙන්වා දිය හැක.

08. MiMedia — 10GB of free cloud storage

Mimedia යනු media files වලට ප්‍රමුඛතාව දුන් cloud storage service එකක් කීවොත් නිවැරදිය. මෙම cloud service එක උපත ලබන්නේ 2010 වසරේදී ඇමරිකාවේය. මෙම cloud storage service එක මගින්ද අපට 10GB storage එකක් නොමිලයේ ලබා ගත හැකි අතර එකවර upload කල හැකි file වල දාරිතාවය 5GB වේ.

09. Syncplicity — 10GB of free cloud storage

2008 වසරේ ප්‍රංශයේ උපත ලද මෙම Cloud storage service එක මගින්ද අපට 10GB storage එකක් නොමිලයේම ලබා ගත හැක. අනිකුත් Cloud storage services වලට වඩා මෙහි ඇති වාසියක් වන්නේ අපට කැමති දාරිතාවයකින් යුතු files එකවර upload කිරීමට හැකිවීමයි. කෙසේ වුවත් මෙය එතරම් කතා බහට ලක්වන ප්‍රචලිත cloud storage එකක් නම් නොවේ.

10. OneDrive — 5GB of free cloud storage

OneDrive යනු අප සෑම දෙනාම භාවිතා කරන windows මෙහෙයුම් පද්ධතිය සමඟින් එන Cloud storage service එකයි. මෙහි හිමිකාරීත්වය තිබෙන්නේ Microsoft සමාගමට වන අතර මෙම Cloud storage එකෙහි ආරම්භය ලෙස 2004 වසර දැක්විය හැක. Google drive තරමටම ප්‍රචලිත මෙම Cloud storage එක මගින්ද අපට 5GB storage එකක් නොමිලයේම ලබා ගත හැකි අතරම කිසිදු File size limit එකකින් තොරව files upload කිරීමේ පහසුකමද ඇත. මෙම cloud storage service එක භාවිතා කිරීමට Microsoft ගිනුමක් තිබිය යුතු වේ.