Loading...
2022දී ඔබට මිලදී ගත හැකි හොඳම Midrange Devices 10ක්

මේ දින වල Flagship දුරකථනයක් මිලදී ගැනීමට යාම එතරම් නුවනට හුරු කරුණක් නොවෙයි. එහෙමයි කියලා Budget Device අරගෙන Lag වෙවී ඉන්න නෙමෙයි ගෙවන ගානට වටින හොඳ Midrange Devices කිහිපයක් ගැන කෙටියෙන් හඳුන්වා දීමක් කරන්න තමයි සූදානම් වෙන්නෙ. හරි අපි බලමු මොනවද මේ හොඳම Midrange Smartphones 10 කියලා.

මේක කියවනකොට අපි මෙහි සඳහන් කරලා තියෙන ජංගම දුරකතන වල ශ්‍රී ලංකා​වේ මිල ගණන් ගැන විමසුවොත් ඔයාට හිතෙයි මේ midrange devicesදත් කියලා. නමුත් මේ වෙනකොට ලංකාවේ තියෙන ආර්ථික පසුබිම හමුවේ රුපියල අවප්‍රමාණය වීමත් සමඟම ඩොලරයකට ගෙවීමට ඇති රුපියල් ප්‍රමාණය ඉහළ යාමත් සමඟින් මෙම ජංගම දුරකතන වල​ට මිල අදහාගත නොහැකි මිලක් නියම වී ඇති බව මතක තියාගෙනම මේ ලිපිය කියවන්න.

01. OnePlus Nord 2

2021 වසරේ නිකුත් කල මෙම Device එක හැමඅතින්ම හොඳ Smartphone එකක් විදිහට Highly Recommand  කරන්න පුලුවන් Device එකක්.

OnePlus Nord 2

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • 80W Fast Charging‌‌
  • 5G Connectivity‌‌
  • Flagship Level Main Cam එක‌‌
  • User friendly Oxygen OS එක‌‌
  • MediaTek Dimensity 1200 5G (6nm) Chipset

මේ Device එකේ අඩුපාඩුවක් විදිහට දකින්න පුලුවන් දේවල් තමයි, Display refresh rate එක 90Hz දක්වා පමණක් වීම හා කිසිඳු water resistant Ip rate එකක් නොමැති වීමයි.

නමුත් MediaTek Dimensity 1200 (6nm) Chipset එක නිසා මේ Device එක හරහා ඉතාමත් හොඳ proformance එකක් ලබා ගන්න පුලුවන්. ඉතින් ගෙවන ගානට හොඳ වටින Device එකක් තමයි මේක.

02. Poco X4 Pro 5G

Poco X4 Pro 5G Midrange Smartphones එකක් ලෙස දැක්වීමට තරමක් අපහසු හේතුව එහි තරමක් මිල අධිකභාවයයි, නමුත් එය ගෙවන මිලටත් වඩා ඉතා සුවිශේෂී වටිනාකමක් ලබා දෙන Device එකක්. හරියටම කිව්වොත් Flagship Level එකට තරමක් සමීප Device එකක්.

Poco X4 Pro 5G

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • 120Hz Amoled Display‌‌
  • 108Mp Main Camera‌‌
  • ආකර්ශණීය Design එක‌‌
  • Snapdragon 695 5G (6nm) Chipset

මේ Device එකේ දකින අඩුපාඩු විදිහට User Friendly නොමැති MIUI එක හා Plastic Body එක හඳුන්වා දෙන්න පුලුවන්.

මේ Device එකත් හොඳට perform කරන Gamersලට වඩාත් සුදුසු Device එකක්. ඉතින් මේකත් ගෙවන මිලට උපරිම සාධාරණයක් කරන Device එකක් තමයි.

03. Samsung Galaxy A52s 5G

දැනට ලොව බොහෝ දෙනෙක් ප්‍රියකරනම Smartphone එකක් විදිහට මෙම A52s 5G Device එක හඳුන්වා දෙන්න පුලුවන්. මොකද මේක ගිය අවුරුදෙ අගදි Release කරපු A series Device එකක් වුනත් මේ වසරේ නිකුත් කරපු අනෙකුත් A Series එකේ Device වලට වඩා හොඳට Perform කිරීම හා Energy Efficiancy එක අතින් ඉතා හොඳ වීම මෙයට හේතුවයි.

Samsung Galaxy A52s 5G

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • 120Hz sAmoled Display‌‌
  • Powerful Quard Camera Setup + OIS‌‌
  • Powerful Snapdragon 778G Chipset (6nm)‌‌
  • IP67 dust/water resistant

අනෙක් Midrange Device වලට වඩා මෙය සුවිශේෂ වන්නෙ මෙහි 32Mp Selfie Camera එක මඟින් 4K 30fps දක්වා Videos record කල හැකි වීමයි. තවද අනෙකුත් Midrange Devices වල දක්නට නොලැබෙන IP67 dust/water resistant පහසුකමද එක්කර තිබෙනවා. ඒ වගේම වඩාත් User Friendly OneUI Experince එකත් ලැබී තිබෙනවා.‌‌අඩුපාඩු ලෙස මිල තරමක් ඉහල වීම,Plastic Build සහ 25W දක්වා පමණක් Charging Support කිරීම පෙන්වා දෙන්න පුලුවන්. කොහොම නමුත් A53 හො A73 Device වලට වඩා හොඳ Option එකක් විදිහට හඳුන්වා දෙන්න පුලුවන්.

04. Moto G200

තවත් හොඳ Performance වලින් පරිපූර්ණ Midranger Device එකක් විදිහට මේ Device එක හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම මෙය දැරිය හැකි මිලකට ලබා ගන්නත් පුලුවන්.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • Powerful Snapdragon 888+ Chipset‌‌
  • 144Hz Refresh rate‌‌
  • 108Mp Main camera

මේ Smartphone එකෙන් Flagship level එකේ performance එකක් සාධාරණ මිලකට ලබාගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්.

අඩුපාඩු ලෙසට පවතින කාරණා නම් මෙයට ඇත්තෙ LCD Display එකක් වීම හා මෙයට ලැබෙනුයේ එක OS Update එකක් පමණක් වීමයි.

05. Redmi Note 11 Pro 5G

Redmi කියන්නෙ කොහොමත් ගෙවන මුදලට සාධාරණයක් කරන සමාගමක්නෙ. ඉතින් මේ Device එකේ Specs වගේම Design එකත් ආකර්ෂණීයයි කියලා අපිට හඳුන්වා දෙන්න පුලුවන්.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • 108MP Pro-grade main camera
  • 67W turbocharging
  • Super AMOLED FHD+ 120Hz, 700 nits, 1200 nits (peak)
  • Snapdragon 695 5G (6 nm)
  • IP53, dust and splash resistant

මේකෙ තියෙන අඩුපාඩු විදිහට MIUI එක සහ Plastic Body එක පෙන්වා දෙන්න පුලුවන්. නමුත් ගෙවන මිලට උපරිම සාධාරණයක් කරන Device එකක් කියලා කියන්න පුලුවන්.

06. Realme GT 2

Realme කියන්නෙ මේ වෙද්දි අනෙක් හැම Smartphone Brand එකකටම අභියෝග කරපු Brand එකක්. මොකද ගෙවන මිලට වඩා බොහෝමයක් Features ඔවුන් විසින් ලබා දෙන නිසා.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • Powerful Snapdragon 888
  • 120Hz Amoled Display
  • 65W Fast charging
  • Good Main Camera

අඩුපාඩු විදිහට Scondary camera වල එතරම් quality එකක් නොමැතිකම හා Plastic build එක හඳුන්වා දෙන්න පුලුවන්.

07. Poco F4 GT

Gaming වලටම කියාපු Smartphone එකක් විදිහට මේ Poco F4 GT Device එක හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම ගෙවන මිලට ඉතා සාධාරණ වටිනාකමක් එක් කරන Device එකක්.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • Powerful Snapdragon 8 Gen 1 chipset
  • Pop-up shoulder buttons
  • Fast 120W charging
  • 120Hz AMOLED display

මේ Device එකට RGB lightings ඇතුලත් වීම එහි ඇති ආකර්ශණීයත්වය තවත් වැඩි කරනවා.

අඩුපාඩු ලෙස Battery life එකේ මදිකම, User friendly නොවන MIUI එක සහ සාමාන්‍ය මට්ටමේ Camera performance පෙන්වා දෙන්න පුලුවන්. ඔන්න Gamerලා ඉන්නව නම් දෙපාරක් නොහිතා ගන්න කියාපු Device එකක්.

08. Realme 9 Pro+

Realme 9 Pro+ යනු Realme Budget 9 series එකේ Topම Device එකක්. Battery Performance ඉහළින්ම ඉන්න Smartphone එකක්.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • Two-day battery life
  • Solid 50Mp main camera
  • Color-changing design
  • 120Hz Display

Battery එක දවස් 2ක් ඇද ගන්න පුලුවන් Device එකක් කියන්නෙ අද කාලෙ ලංකාවට ගැලපෙනම Device එකක්. ඉතින් මේ Realme 9 Pro+ එක ඒකට කියාපුම Device එකක්.

අඩුපාඩු විදිහට මේකෙ Secondary camera වල quality එක තරමක් අඩු වීම, සාමාන්‍ය මට්ටමේ Performance එකක් ලබා ගත හැකි වීම පෙන්වා දෙන්න පුලුවන්.

09. Asus ZenFone 8

කොටින්ම Flagship smartphone එකකට බෙහෙවින්ම සමානතා දක්වන දුරකතයක් වුනත් මෙහි මිල නම් Midrange මට්ටමේ පැවතීම සුවිශේෂීත්වයයි.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • Compact build
  • Snapdragon 888
  • IP68 waterproofing
  • Lightweight (169g)

තරමක් සැහැල්ලු වගේම IP68 waterprooing device එකක්. Flagship Level එකේ Performance එකක් මේ Device එක හරහා බලා ගන්න පුලුවන්. සැහැල්ලු Device එකක් කියන්නෙ Gaming වලදි අත් වලට අපහසුවකින් තොරව හසුරවගන්න පුලුවන්.

අඩුපාඩු විදිහට Battery life එකේ මදිකම හා Device එකේ පිටුපස Plain design එක පෙන්වා දෙන්න පුලුවන්.

10. Samsung Galaxy A73 5G

මේ Device එක ගොඩක් වෙලාවට A52s 5G වලට සමාන ලක්ෂණ පෙන්වනවා. ඉතින් මේ Device එකට Android Os Update 4ක් ලැබීමට නියමිතයි. මෙහි Display එක හරහා ඉතාමත්ම උසස් තත්වයේ රූප බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේකෙ තියෙන Highlighted Specs මොනාද බලමු.

  • 4 Major OS Updates.
  • Poweful Snapdragon 778G 5G (6nm)
  • Super AMOLED Plus, 120Hz, 800 nits (HBM)
  • IP67 dust/water resistant
  • Powerful Quard Camera Setup + OIS

අඩුපාඩු ලෙස මිල තරමක් ඉහල වීම,Plastic Build එක සහ 25W දක්වා පමණක් Charging Support කිරීම පෙන්වා දෙන්න පුලුවන්.

මේවගෙ මිල ගනන් සඳහන් කරලා නැත්තෙ පවතින තත්වය යටතෙ ඒම මිල ගණන් නිතරම උච්චාවචනය වෙන නිසයි.