Loading...
2020 වසරේ හොඳම Photo Editing Apps 09

සියලුදෙනාම පාහේ දන්න සහ භාවිත කරන app එකක් තමයි photo editing app එකක් කියලා කියන්නේ.

අපි කලින් ගත් Photo එකකට text එකක් එකතු කරන්න, photo කිහිපයක් යොදාගෙන photo collage එකක් හදන්න මෙන්ම Photo එකකින් යම් දෙයක් ඉවත් කරන්නට හෝ එකතු කරන්නට Photo Editing Apps යොදා ගන්නවා. Play store එකට ගිහිල්ලා Photo Editing Apps එකක් කියලා search කළාම විවිධ නම් වලින් විශාල app ප්‍රමාණයක් අපට පෙන්වනවා.

එත් කොහොමද මේ app වලින් හොඳ app එකක් තෝරගන්නේ කියලා ප්‍රශ්නයක් අපි හැමෝටම මතු වෙනවානේ. ඔන්න ඒ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අද අපි මේ ලිපිය තුළින් 2020 වසරේ හොඳම Photo Editing Apps කිහිපයක් ගැන විස්තර ගේනවා.

ඒනම් අපි බලමු ඒ Photo Editing Apps මොනවාද කියලා.

1.  Adobe Sparks

මේ app එක තුළින් texts, images සහ videos එකතු කරලා ඉක්මනින්,ලස්සනට සහ පහසුවෙන් visual content එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. එසේම මෙමඟින් තුන් ආකාරයක content එකක් නිර්මාණයට ඉඩ ලබා දෙනවා.

  1. Texts, images සහ videos යොදා ගෙන story එකක් නිර්මාණය කිරීමට page භාවිතය:
    මෙහිදී නිර්මාණය කරලා අවසන් වුණාම ඔවුන් ඔයාලගේ කතාව ඕනෑම web browser එකකින් බැලිය හැකි responsive web page එකක් ලෙස ඉදිරිපත් කරනවා.
  2. Social media සඳහා optimized කරන ලද images නිර්මාණය කිරීමට post භාවිතය:
    ඔයාලා images සහ texts සැපයූ විට ඔවුන් ඔයාලට සෑම social media platform එකක් සඳහාම image එකෙහි size එක සහ නිවැරදි shape එක නිර්මාණයට උදව් කරනවා.
  3. Video එකක් නිර්මාණයට video භාවිතය
    ඔයාලගේ computer එකෙන් හෝ iOS camera roll එකෙන් හෝ videos එකතු කිරීම , text එකක් එකතු කිරීම සහ ඔයාලගේ කටහඩ හෝ පසුබිම් සංගීතයක් හෝ  එකතු කිරීම  සිදු කරමින් අපූරු videos නිර්මාණයට සහ බෙදාහැරීමට ඔවුන් ඔයාලට උදව් කරනවා.

2. BeFunky Graphic Designer

මේ app එක විවිධ වර්ගයේ visual content නිර්මාණයට දායකත්වය දක්වනවා.මෙමඟින් ,

  1. Banner Maker
  2. Flyer Maker
  3. Potser Maker
  4. Card Maker
  5. Infographic Maker
  6. Brochure Maker  ආදිය ඉක්මනින් නිර්මාණයට හැකියාව පවතිනවා.

3. Canva

Canva කියන්නේ social media graphics, presentations, posters සහ අනෙකුත් visual content නිර්මාණයට ඉඩ දෙන graphic design platform එකක්. එමඟින් Design සඳහා ඔයාලට අවශ්‍යimages, photo filters, free icons සහ shapes, fonts වැනි පහසුකම් සපයනවා.

4. Fotor

වෘත්තීය සහ විනෝදාත්මක photograpersලා සඳහා online photo editor app එකක් තමයි Fotor කියලා කියන්නේ.

Effects, classic content, Basic edit adjustment, HDR tech, portrait Touch up වැනි features එමඟින් ලබා දෙනවා.

5. Image Quotes

Quotes ඉදිරිපත් කරන්න කැමති අය සඳහා මේ app එක  වඩාත් සුදුසු වෙනවා. Image Quote ලෙස දැන් හඳුන්වන මෙය කලින් Instaquote ලෙස හදුන්වා තිබෙනවා.bachround images ලෙස පවතින හෝ ඔයාලගේ images යොදා ගන්න පුළුවන්.background එක මෙන්ම font එක ද edit කිරීමට හැකියාව පවතිනවා.

6. Pablo Brush

Social media content නිර්මාණය කිරීම සඳහා මේ app එක යොදා ගන්නවා.භාවිතය පහසු වීම සහ filters සමඟ images නිර්මාණයට විවිධ වූ  tools රාශියක් පවතිනවා.එසේම logo නිර්මාණය සඳහාද මෙය යොදා ගන්න පුළුවන්.

7. Photo Collage

Photos edit කිරීමට සහ rearrange කිරීමට මෙය යොදා ගන්නවා.මෙහි දී ස්වයංක්‍රීයව Collage එකක් නිර්මාණය කෙරෙනවා. Text, stickers එකතු කිරීමට, resize, rotate කිරීමට හැකියාවක් ඇති අතර  මෙහි photo frame templates 60කට වඩා පවතිනවා. Google Play store එකෙන් මෙය ලබා ගන්න පුළුවන්.

8. Pixlr

Photoshop වැනි editing features සහ  functions සහිත photo editing app එකක් තමයි Pixlr කියලා කියන්නේ. Pixlr Express සහ Autodesk Pixlr ලෙස ද මෙය හඳුන්වනු ලබනවා.effects, layers, color replace, brushes වැනි features ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

9. Intasize

Intasize කියලා කියන්නේ photo editing සහ video editing කරන්න පුළුවන් app එකක් .

Free photo සහ video editor, photo borders, text එකතු කිරීම, collage නිර්මාණය කිරීම ආදී features ලබා දෙනවා.

සැ.යු.
1. මේ ලිපියේ සඳහන් වෙන download links සඳහා සහය දක්වන්නේ Android දුරකථන, iPhones සහ iPads පමණි. සහය දක්වන Store එකේ ලෝගෝ එක Download button එකේ දක්වා ඇත.
2. මෙහි සඳහන්ව ඇත්තේ බහුලව භාවිතා නොවන නමුත් විශාල features ප්‍රමාණයක් නොමිලේ ලබාදෙන Appsය.