Loading...
Blog, News website කර​න අපි අදම WordPress අත ඇරලා Ghost වලට මාරු වෙන්න ඕනේ මේ නිසා​යි

Blogging, News website එකක් කරන කෙනෙක්ද? WordPress පාවිච්චි කරලා කරලා එපා වෙලාද? Website එක ගොඩක් slow වෙලාද?

ඔයා blogging කරන කෙනෙක් නම් හෝ News website එකක් කරන කෙනෙක් නම් WordPress පාවිච්චි කරන ඔයාලට ලොකු ප්‍රශ්නයක් තමයි website එකේ තියෙන speed එක මදි කම. මේකට ලොකුම හේතුව තමයි WordPress කියන්නේ blogging වලටම පමණක් නිර්මාණය කරපු CMS එකක් නොවීම. WordPress කියන්නේ බහුකාර්ය CMS එකක්. ඉතිං ඒකට තියන හොඳම විසදුම තමයි blogging වලටම පමණක් නිර්මාණය වෙච්ච CMS එකක් භාවිතා කරන්න යොමු වෙන එක.

මම අද කියන්න යන්නේ blogging සඳහාම පමණක් නිර්මාණය වෙච්ච CMS platform එකක් ගැන. ඒක තමයි Ghost. ලංකාවේ වැඩිය ප්‍රසිද්ධ නැති උනත් ලෝකය පුරාවටම මේ වෙනකොට විශාල වශයෙන් භාවිතා කරන CMS Platform එකක් තමයි Ghost කියන්නේ. උදාහරණ විදිහට ගත්තොත් Buffer, OpenAI, Mozilla, Ulessys කියන ආයතන පවා ඔවුන්ගේ blog නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ Ghost CMS එක.

Ghost CMS එක භාවිතා කිරීමේදී ඔයාට blogging සඳහාම පමණක් වෙන් වුනු විශේෂාංග රාශියක් පමණක් භාවිතා කිරීමේ ඉඩ කඩ ලැබෙනවා. නමුත් WordPress භාවිතා කිරීමේදී ඔයාට blogging වලට අමතරව ඔබට අනවශ්‍ය තවත් වෙනත් විශේෂාංග පවා WordPress ස්ථාපනය කිරීමේදීම ඔබට ලබා දෙනවා. මේ ආකාරයට අත්‍යාවශ්‍යම විශේෂාංග පමණක් එකතු කරමින් නිර්මාණය කිරීම නිසා  Ghost CMS එක කාර්යක්ෂමතාවයෙන් ඉතාමත් ඉහළින් තියෙන CMS එකක් බවට පත් වී තිබෙනවා.

මොකක්ද මේ Ghost කියන්නේ?

Ghost CMS එක කියන්නේ ලාබහ් ලැබීමේ පරමාර්ථයෙන් තොරව නිර්මාණය කරන ලද මෘදුකාංග වේදිකාවක්. 2013දී ප්‍රථම වරට ලොවට එලිදක්වන මේ CMS Platform එක ඇමරිකානු ඩොලර් 190,000ක මූලික ආධාර වලින් නිර්මාණය වීම ඇරඹෙනවා. John o’nolan විසින් ආරම්භ කෙරෙන මේ ව්‍යාපෘතිය මේ වන විට ලොව පුරා මිලියන 2.5ක ස්ථාපිත කිරීම අභිබවා යාමට සමත්වෙලා තියෙනවා. මෙහි හොඳම කොටස වන්නේ 2021 වර්ෂය ආරම්භ වන විටත් ලොව පුරා Ghost CMS එක භාවිතා කරමින් මෙහෙයවුනු වෙබ් අඩවි 7,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් පැවතීමයි.

ආරම්භයේ පටන්ම WordPress වලට වඩා වේගවත්ව ක්‍රියාකරන Ghost CMS එක සමඟින් ලොව නන්දෙසින් එක්වන විශාල මෘදුකාංග සංවර්ධකයන් පිරිසක් විසින් එය මේ වන විටත් දිනෙන් දින සංවර්ධනය කරමින් පවතිනවා. Ghost CMS එක මුළුමනින්ම නිර්මාණය වී තිබෙන්නේ Node.js භාවිතා කරමින් වන අතර  WordPress නිර්මාණය කිරීමට භාවිතා කර තිබෙන්නේ PHP කියන script language එකයි.

ඇයි ඔයා WordPress වෙනුවට Ghost භාවිතා කරන්න ඕනේ?

පෙර සඳහන් කරපු ආකාරයට, Ghost කියන්නේ ඉතාමත් නම්‍යශීලී පහසුකම් රාශියකින් සමන්විත මෘදුකාංග වේදිකාවක්. අපි ඒ විශේෂාංග එකින් එක අරගෙන විශ්ලේෂණය කරමු.

සිත් ඇදගන්නා සුළු text editor එක

Ghost CMS එක සතුව පවතින rich text editor එක ඉතාමත් නම්‍යශීලී text editor එකක් වන අතර ඒ හරහා image galleries, embed cards, Markdown, HTML සහ තවත් විශාල විශේෂාංග රාශියක් අපට අත්විදීමේ හැකියාව ලැබී තිබෙනවා.

පරිශීකයන් හරහා මුදල් උපයා ගැනීමට ඇති හැකියාව

මෙහි ඇති වඩාත්ම වැදගත් විශේෂාංග ලෙස සැලකිය හැක්කේ Ghost CMS එක භාවිතා කරමින් වෙබ් අඩවියක් නිර්මාණය කරන ඔබට ඉතාමත් පහසුවෙන් ඒ හරහා මුදල් ඉපයීමේ හැකියාව ලබා දෙන Premium membership කියන පහසුකම ලබා දී තිබීමයි. ඔබට නොමිලේ පරිශීකයන් බඳවා ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් එම පරිශීලකයන්ට ඔවුන්ගේ profile එක premium membership එකක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ හරහා ගෙවීම් සිදුකල පරිශීලකයන්ට පමණක් පිවිසිය හැකි ආකාරයට ලිපි පල කිරීමේ හැකියාවද පවතිනවා. ඊට අමතරව ඔයාට පුලුවන් ලියාපදිංචි වුනු පරිශීලකයන්ට නොමිලේම newsetters යැවීමටත්.

සියළුම Ad networks සඳහා සහය දැක්වීම

මෙය ඉතාමත් වටිනා මෙන්ම advance විශේෂාංගයක්වනවා. Ghost CMS එක ලොව ඇති සියළුම ad network සඳහා සහය දැක්වීම සිදු කරනවා. ඒ අතර Google Adsense, Facebook Audience Network (Instant Articles), Taboola සහ තවත් විශාල ad network ප්‍රමාණයක් ඇතුලත් වනවා. ඒ වගේම මෙම ad networks සඳහා ඉතාමත් පහසුවෙන් සහය දැක්වීම සිදු කරනු ලබනවා.

WordPress හරහා Member registrations, member management, payments, subscriptions සහ email newsletter වැනි පහසුකම් ලබා ගැනීමට නම් වෙනම plugins ස්ථාපනය කිරීමට සිදුවන අතර එලෙසින් plugins ස්ථාපනය කිරීම WordPress වෙබ් අඩවිය මන්දගාමී වීමට හේතු වනවා. එමෙන්ම ඔබට එම plugins නීත්‍යානුකූලව භාවිතා කිරීමට නම් මාසිකව යම් මුදල් ප්‍රමාණයක ගෙවීමටත් සිදුවනවා. නමුත් Ghost CMS භාවිතා කරනවා නම් ඔයාට එවැනි ගැටළු පන නොනගින්නේ, එකී සියළුම පහසුකම් සහ විශේෂාංගයන් සියල්ලම නොමිලේම ඔබට Ghost CMS එක හරහා ලබා ගැනීමට හැකි වීමයි.

Inbuilt SEO

වෙබ් අඩවිය​ක් පවත්වාගෙන යන ඕනෑම කෙනෙක්ට තියෙන ලොකුම හිසරදය තමයි SEO, එහෙමත් නැත්තම් Search Engine Optimization කියන්නේ. WordPress වලදි අපිට SEO එක නියාම ආකාරයෙන් කරගන්න නම් මුදල් ගෙවා plugins මිලදී ගන්න වෙනවා. නමුත් ඒ plugins හරහා සිදු කරන සියලුම දේවල් කිසිම plugin එකක් ස්ථාපනය නොකර සිදු කරගැනීමට අවශ්‍ය කරන පහසුකම් සියල්ලම Ghost එකට ඇතුලත් කිරීමට එහි නිර්මාපකයෝ කටයුතු කරලා තියෙනවා. ඒ හේතුව නිසා අමතර කිසිදු මුදලක් ගෙවීමකින් තොරව SEO කටයුතු සිදු කරගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා YoastSEO වැනි plugins සඳහා සිදු කල යුතු වියදම් කපා හැරීමේ හැකියාව ලැබෙන්නේ ඒ හරහා සිදු කරගත හැකි සියලුම දෑ Ghost හරහා නොමිලේම ලබා දීම නිසයි.

Ghost හරහා පහත SEO පහසුකම් ලැබෙනවා.

  • Google Sitemap එක ස්වයංක්‍රීයව නිර්මාණය නිර්මාණය වීම
  • Custom page metadata ඇතුලත් කිරීමට හැකිවීම
  • Canonical tags ඇතුලත් කිරීමේ හැකියාව
  • Tidy markup and attributes ඇතුලත් කිරීමේ හැකියාව
  • Clean permalink සහ custom URL structures පහසුකම
  • Google AMP pages
  • Optimized URLs
  • Microformats
  • Facebook Open Graph tags
  • Support for Twitter cards
  • Clean semantic markup

මේ කිසිවකට අතිරේක කිසිදු plugin එකක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවේ.

පහසුවෙන් Themes ස්තාපනය කිරීමේ හැකියාව

සාමාන්‍යෙන් WordPress භාවිතා කරන අය හොදින් අත්විදින කාරණාවක් තමයි WordPress theme එකක් මිලදී ගැනීමෙන් පසුව එහි එක් එක් ආකාරයෙන් setup කිරීම්, theme import කිරීම වැනි කරදර කාරී දේවල් සිදු කිරීමට වෙනවා. නමුත් Ghost හිශී එවැනි කරදරකාරී දේවල් සිදු කිරීමට වන්නේ නෑ. එහිදී ඔබට කලින් සකසාගත් theme එකක් භාවිතා කිරීමට සිදුවනවා. මෙහි ඇති ප්‍රධානතම වාසිය නම් ඔබට HTML සහ CSS පිලිබද දැනුමක් ඇති නම් ඔබගේ ඒ දැනුම භාවිතා කරගනිමින් ඔබගේ theme එක ඔබටම සකසා ගැනීමට හැකි වීම.

වේගවත් බව

සැබැවින්ම Ghost වේගවත්. එයට හොඳම උදාහරණය තමයි Android වැඩකාරයෝ වෙබ් අඩවිය. Modern Technology Stack එකක් වන Node.js භාවිතා කරමින් නිර්මාණය වී තිබීම එයට හේතුවයි. WordPress හා සසඳන විට Ghost 1,900% ගුණයකින් වේගවත් බව සහතික කරලා තියෙනවා. WordPress විසින් එක request එකකට ප්‍රතිචාර දැක්වීමට ගත කරන වේලාවේදී Ghost විසින් requests 19කට ප්‍රතිචාර දැක්වීමට සමත් වෙනවා. මේ වේගය ඔයාගේ වෙබ් අඩවිය search engine වල ශ්‍රේණි ගත කිරීමේදී බෙහෙවින් වැදගත් වන්නේ Core web vitals වලට ඇති සහය දැක්වීම නිසායි.

ලොව පවතින තාක්ෂණික සේවාවන් රැසකට සහය දැක්වීම

Ghost විසින් ලොව පවතින සේවාව විශාල ප්‍රමාණයකට සහය දක්වනු ලබනවා. ඒ සියල්ල ඔබට Ghostහි backend එකෙහි ඇති integrations tab එක හරහා බලා ගැනීමේ හැකියාව පවතිනවා.

එතකො​ට Ghost වල අවාසි ඇත්තෙම නැද්ද?

ඉතින් මේ මං කරපු Ghost vs WordPress සංසන්දනාත්මක විශ්ලේෂනයේදී Ghost ඇයි WordPress වලට වඩා ඉස්සරහින් කියන සාධක වලින් වඩාත්ම වැදගත් කාරණාවන් පමණයි. අපි Ghost වල තියෙන දුර්වලතා මොනවාද කියලත් කතා කරමු.

Ghost ධාවනය වීමට අවමය  1 Core processor එකක්, 1GB RAM එකක් අවමය අවශ්‍ය වෙනවා. ඒ වගේම Ghost ධාවන වීමට අවශ්‍ය කරන සහ ඔවුන් විසින් නිර්දේශ කරන Node version එකක් server එක මත ස්ථාපනය කල යුතු වනවා. බොහොමයක් shared hosting සපයන hosting providersලා විසින් ඔවුන්ගේ server මත Node ස්ථාපනය කර නැති නිසා ඒ හරහා ඔබට Ghost install කිරීමේ හැකියාව හිමි වන්නෙ නෑ. ඉතිං ඔයාට VPS එකක් සඳහා යොමු වීමට සිදුවනවා. එය එක්තරා දුර්වලතාවයක් ලෙස හැදින්වූවත්, වෙබ් අඩවියේ වේගය සම්බන්ධයෙන් සලකා බලන විට එය ඉතාමත් හොඳ ප්‍රවේශයක් විදිහට තමයි අපි දකින්නේ.

WordPress වල වගේ plugins නැති නිසා Ghost වලට ආධුනිකයෙකුට එය භාවිතා කිරීමේදී යම්තාක් දුරකට අපහසුතා මතුවෙන්න පුළුවන්. නමුත් මීට කලින් සඳහන් කල ආකාරයට වෙනත් සේවාවන් Ghost සමඟින් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ හරහා වෙබ් අඩවිය මන්දගාමී නොවී සුපුරුදු රිද්මයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.

WordPress සඳහා විශාල වශයෙන් tutorials අන්තර්ජාලය තුල තිබුණත් Ghost සඳහා එවැනි tutorials විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ නෑ. නමුත්, active community එකක් Ghost එකට තියෙනවා. සමහර ප්‍රශ්න වලට උත්තර අපි හොයාගන්නෙත් ඒ community එකෙන්.

Ghost භාවිතා කිරීමේදි Android වැඩකාරයෝ අපේ සහය

Android වැඩකාරයෝ වෙබ් අඩවිය Ghost සමඟින් පවත්වාගෙන යාමට තීරණය කර එම පියවර ගැනීමෙන් පසුව Android වැඩකාරයෝ අපිටත් විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්න සිදු වුනා. නමුත් ඒ එකින් එක පහසුවෙන් විසදා ගැනීමට අපිට හැකියාව ලැබුනා. ඒ සඳහා Ghostහි forum එක බෙහෙවින් උදව් වූ අතර සෑම විටම අපත් එක්ක රැදී සිටි TechNews.LKහි කසුන් ජයරත්න සහ Android වැඩකාරයෝහි Rezor Kenway අත්වැල සැපයූවා.

ඉතිං Ghost භාවිතා කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් Ghost instant එක setup කිරීමේ සිට සියළුම කටයුතු සිදු කරදීමට Android වැඩකාරයෝ අපි ඔවුන්ට සහය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා අප විසින් මූලික ගාස්තූන් තීරණය කර ඇති අතර අප හා සම්බන්ධ වීමෙන් එම මිල ගණන් දැන ගැනීමට හැකියි. අප විසින් ලබා දෙන සේවාවන් පහත පරිදියි.

  • Install and Setup Ghost - Starting at $30
  • Customize Ghost Theme - Starting at $50 (will depend on the requirement)
  • Develop Ghost Theme from scratch - Starting at $200
  • Fix any Ghost errors - Starting at $20
  • Ghost website consultation - Starting at $5/hr
  • Migrate to Ghost - Starting at $10 (ඔයා දැනටමත් WordPress, Medium, Substack, Tumbler, SquareSpace, Jekyll වැනි platforms භාවිතා කරනවා නම් අපිට පුළුවන් Ghost වලට migrate කරන්න. දැනටමත් ඔයා WordPress වලින් හෝ වෙන යම් ආකාරයකින් blog එකක් පවත්වාගෙන යනවා නම් එහි තියෙන posts 50ක් දක්වා අපි $10ක් අය කරනවා. ඉන්පසුව වැඩි වන ප්‍රමාණයට අපි අය කිරීම වැඩි කරනවා. මෙහිදී Ghost Installation එකේ මිල ගණන් ඇතුලත් වී නැති බව කරුණාවෙන් සලකන්න.)
  • On-page SEO Experts (with Shen Tharindu Senanayake) - Price will be decided by Tharindu
  • Update Ghost to the latest version (if you took our service to setup Ghost, free for 01 year) - Starting at $10
  • Review/Audit Ghost Website - Starting at  $35
  • Teach Ghost theme development - Starting at $100

අපි මේ වෙනකොට Ghost setup කිරීම සඳහා පහත server සඳහා සහය දක්වනු ලබනවා.

  • Amazon Web Services (AWS)
  • Google Cloud Platform (GCP)
  • DigitalOcean (DO)
  • Linode
  • Vultr
  • UpCloud
  • Microsoft Azure (upcoming)
  • Oracle Cloud Infrastructure (OCI) (upcoming)

මේ වෙනකොට Tech News සපයන Android වැඩකාරයෝ සහ TechNews.LK කියන වෙබ් අඩවි දෙකම ක්‍රියාත්මක වන්නේ Ghost භාවිතා කිරීමෙනි. ඒ වගේම ලංකාවේ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන අය ආදරේ කරන YouTuber කෙනෙක්ගේ Blog එකත් Ghost මත නිර්මාණය කර දෙන්න Android වැඩකාරයෝ කටයුතු කලා. මේ තියෙන්නේ එයා අපිට දුන්න testimonial එක. (නම දැන්ම සඳහන් කරන්න විදිහක් නෑ, project එක ශ්‍රී ලංකාව target නොකරන නිසා)

“The Internet is a messy & busy place and we have to make everything perfect on our website before we request a few seconds of attention from our audience. Thimira at “Android වැඩකාරයෝ  Digital” clearly understands that fact and is paranoid about perfection. They pay extreme attention to color science, typography, reading experience, performance, and everything in between.
Usually, when I’m designing and developing websites, I ask the designer and developer what to do and sometimes how to do it. With Android වැඩකාරයෝ Digital, I never had to do that. They did everything way beyond my expectations. In other words, they took care of my baby even better than I do.”

ඉතිං ඔයාත් blogging වලටම විතරක් යොමු වෙන කෙනෙක් නම්, WordPress නිසා එපා වෙලා නම් අදම අපිට කතා කරන්න, Ghost එක්ක ඔයාගේ ගමන පටන් ගන්න, එහෙමත් නැත්තම් ඔයාගේ දැනටමත් තියෙන වෙබ්සයිට් එක Ghost වලට migrate කරගන්න.

මීට වඩා වැඩි දුර විස්තර අවශ්‍ය නම් ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. WhatsApp කරන්න 0766965221ට.

සැ.යු. Ghost.org වෙතින් ඔවුන්ගේම hosting සේවාවක Ghost blog අඩවි පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන අතර Open Source ආකාරයට ඔවුන්ගේ මෙම මෘදුකාංග වේදිකාව එලිදක්වා ඇති අතර ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව එය භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.