Loading...
ලෝකයේ හොඳම මෝටර් රථ සන්නාම 84 අයිති ආයතන 24

ලෝකයේ මුල් පෙලේ ප්‍රමුඛතම මෝටර් රථ සන්නාම (බ්‍රෑන්ඩ්ස්) 84 හි අයිතිය තියෙන්නේ ආයතන 24 ක් ඇතුළතයි. විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත කතාව. මේ ලිපියෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ ආයතන සහ ඒවාට අදාල බ්‍රෑන්ඩ්ස් මොනාද කියන එකයි. මේකේ ගොඩක් කරුණු දැකලා ඔය පුදුම වෙනවා නොඅනුමානයි.

මුලින්ම කියන්න ඕනේ විශේෂම කාරණය තමයි මේ ආයතන 24 අයත් වෙන්නෙත් රටවල් 9 කට වීම. ඒ කියන්නේ මේ රටවල් 9 තමයි ලෝකෙම මෝටර් රථ ක්ෂේත්‍රය පාලනය කරන්නේ. ඔයාලට හොඳටම අනුමාන කරන්නත් පුළුවන් 9ක් තමයි මේ. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ චීනය තමයි ඒ රටවල් 9.

අපි දැන් බලමු මොනාද මේ ආයතන සහ ඒවාට අදාල බ්‍රෑන්ඩ්ස් මොනාද කියන එක.

1. General Motors (GM) - ඇමරිකා එක්සත් ජනපදය

  • Chevrolet - ඇමරිකා එක්සත් ජනපදය
  • Buick - ඇමරිකා එක්සත් ජනපදය
  • GMC - ඇමරිකා එක්සත් ජනපදය
  • Cadillac - ඇමරිකා එක්සත් ජනපදය
  • Holden - ඕස්ට්‍රේලියාව

2. Ford Motor Company - ඇමරිකා එක්සත් ජනපදය

  • Ford - ඇමරිකා එක්සත් ජනපදය
  • Lincoln - ඇමරිකා එක්සත් ජනපදය
  • Troller - බ්‍රසීලය

3. Tesla, Inc. - ඇමරිකා එක්සත් ජනපදය

Tesla - ඇමරිකා එක්සත් ජනපදය

4. Aston Martin Lagonda Global Holdings PLC - එක්සත් රාජධානිය

  • Aston Martin - එක්සත් රාජධානිය

5. McLaren Group Limited - එක්සත් රාජධානිය

  • McLaren - එක්සත් රාජධානිය

6. Daimler AG - ජර්මනිය

  • Mercedes-Benz - ජර්මනිය
  • Mercedes-AMG - ජර්මනිය
  • Mercedes-Maybach - ජර්මනිය
  • Smart - ජර්මනිය
  • Freightliner - ඇමරිකා එක්සත් ජනපදය
  • Denza - චීනය
  • Fuso - ජපානය

7. Fiat Chrysler Automobiles N.V. - ඇමරිකා එක්සත් ජනපදය සහ ඉතාලිය

  • Fiat - ඉතාලිය  
  • Abarth - ඉතාලිය
  • Alfa Romeo - ඉතාලිය
  • Lancia - ඉතාලිය
  • Maserati - ඉතාලිය
  • Chrysler - ඇමරිකා එක්සත් ජනපදය
  • Dodge - ඇමරිකා එක්සත් ජනපදය
  • Ram - ඇමරිකා එක්සත් ජනපදය
  • Jeep - ඇමරිකා එක්සත් ජනපදය

8. Peugeot S.A. - ප්‍රංශය

  • Peugeot - ප්‍රංශය
  • Citroën - ප්‍රංශය
  • DS - ප්‍රංශය
  • Opel - ජර්මනිය
  • Vauxhall - එක්සත් රාජධානිය

9. Volkswagen AG - ජර්මනිය

  • Volkswagen - ජර්මනිය
  • Audi - ජර්මනිය
  • Porsche - ජර්මනිය
  • Bentley - එක්සත් රාජධානිය
  • Bugatti - ප්‍රංශය
  • Lamborghini - ඉතාලිය
  • Škoda - චෙක් ජනරජය
  • SEAT - ස්පාඤ්ඤය

10. BMW AG - ජර්මනිය

  • BMW - ජර්මනිය
  • Mini - එක්සත් රාජධානිය
  • Rolls-Royce - එක්සත් රාජධානිය

11. Ferrari N.V. - ඉතාලිය

  • Ferrari - ඉතාලිය

12. Tata Motors Limited - ඉන්දියාව

  • Tata - ඉන්දියාව
  • Jaguar - එක්සත් රාජධානිය
  • Land Rover - එක්සත් රාජධානිය

13. Mahindra & Mahindra Limited - ඉන්දියාව  

  • Mahindra - ඉන්දියාව  
  • SsangYong - දකුණු කොරියාව

14. Renault S.A. - ප්‍රංශය

  • Renault - ප්‍රංශය
  • Alpine - ප්‍රංශය
  • Renault Samsung - දකුණු කොරියාව
  • Dacia - රුමේනියාව
  • Lada - රුසියාව
  • Dongfeng - චීනය

15. Nissan Motor Co., Ltd. - ජපානය

  • Nissan - ජපානය
  • Infiniti - ජපානය
  • Datsun - ජපානය
  • Nismo - ජපානය

16. Mitsubishi Motors Corporation - ජපානය

  • Mitsubishi - ජපානය

17. Toyota Motor Corporation - ජපානය

  • Toyota - ජපානය
  • Lexus - ජපානය
  • Hino - ජපානය
  • Daihatsu - ජපානය
  • Subaru - ජපානය
  • Ranz - චීනය

18. Suzuki Motor Corporation - ජපානය

  • Suzuki - ජපානය
  • Maruti Suzuki - ඉන්දියාව

19. Mazda Motor Corporation - ජපානය

  • Mazda - ජපානය

20. Isuzu Motors Ltd. - ජපානය

  • Isuzu - ජපානය

21. Honda Motor Co., Ltd. - ජපානය

  • Honda - ජපානය
  • Acura - ජපානය

22. Hyundai Motor Company - දකුණු කොරියාව

  • Hyundai - දකුණු කොරියාව
  • KIA - දකුණු කොරියාව
  • Genesis - දකුණු කොරියාව

23. SAIC Motor Corporation Limited - චීනය

  • MG - එක්සත් රාජධානිය
  • Maxus - චීනය
  • Roewe - චීනය

24. Zhejiang Geely Holding Group Co., Ltd. - චීනය

  • Geely - චීනය
  • Lynk & Co - චීනය
  • Lotus - එක්සත් රාජධානිය
  • Proton - මැලේසියාව
  • Volvo - ස්වීඩනය
  • Polestar - ස්වීඩනය

ඊළඟ ලිපිවලින් අපි වෙන වෙනම මේ ආයතන සහ බ්‍රෑන්ඩ්ස් ගැන වැඩි විස්තර කතා කරමු. ජය වේවා.