Loading...
හෙලිකොප්ටර් ලොවේ දැවැන්තයා Mil Mi-26

හෙලිකොප්ටර් ලොවේ දැවැන්තයා කියද්දි ගොඩක් අය හිතන්නේ ඉන්නවා ලොකුම එක තමා ඇමරිකාව සතු වන Boeing CH-47 Chinook එක තමා ලොකුම එක කියලා. නමුත් ඇත්තටම ඇමෙරිකාව සතුවන ලොකුම හෙලිකොප්ටරය වන්නෙ Sikorsky CH-53E Super Stallion එකයි. භාවිතයේ පවතින හෙලිකොප්ටර් අතරින් දැවැන්තයා වන්නෙ මේ  Mil Mi-26 තමයි.

දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මම භාවිතයේ පවතින කියලා කිව්වෙ ඇයි කියලා?

ඇත්තටම මම එහෙම කිව්වෙ දැනට භාවිතයේ නොපවතින, Mil Mi-26 ට වඩා ගොඩක් ලොකු හෙලිකොප්ටරයක් තිබීමයි. ඒ තමයි සෝවියට්ලා විසින්ම නිර්මාණය කරන ලද Mil V-12 කියන හෙලිකොප්ටර් එක. සෝවියට් ලා විසින් මෙවැනි ලොකු helicopter නිර්මාණය කිරීමට විශේෂම හේතුව වූයේ ඇමෙරිකාව සතු spy plane වලට අහු නොවී එයාලගේ ICBM දියත් කිරීමෙ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමටයි.

මේකට සෝවියට් ඉන්ජිනේරුවෝ මුලින්ම යෝජනා කරේ දුම්රිය මගින් රැගෙන යාම නමුත් පසුව සෝවියට්ලාට වැටහුනා මේ රේල් පාර ට්‍රැක් කරගෙන ගියොත් ඇමෙරිකාවට ICBM තිබෙන තැන හඳුනා ගන්ඩ පුළුවන්. මේකට විසඳුමක් කල්පනා කරන සෝවියට් ඉන්ජිනේරුවන්ට අදහසක් එනවා මේ ICBM ගුවන් මගින් රැගෙන යාමට. එතකොට ඇමෙරිකානු Spy plane එකට මේවා ගෙනියන්නෙ කොහෙටද කියලා හරියටම හොයාගන්ඩ බැහැ. එ අනුව තමා සෝවියට්ලා තිරණය කරන්නෙ වීශාල බරක් එසවිය හැකි විශාල පේලෝඩ් බේ එකක් ඇති හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීමට.

මේ අනුව තමයි සෝවියට්ලා නිපදවන්නේ Mil Mi 6 කියන හෙලිකොප්ටර් එක මේකට ආසන්න වශයෙන් ටොන් 25ක පමණ බරක් එසවිය හැක. නමුත් සෝවියට්ලාට උවමනා වෙනවා මේ වගේ දෙගුණයක් පමණ බර එසවිය හැකි හෙලිකොප්ටර් යානයක් ඒ අනුව සෝවියට් ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරනවා Mil mi 6 මෙන් දෙගුනයක් බර ඉසලිය හැකි Mil V-12 කියන හෙලිකොප්ටරය. එ නිකන්ම නොවෙ අදටත් ලොව කිසිම හෙලිකොප්ටරයක් විසින් බිඳ දමා නොමැති ටොන් 40ක බරක් අඩි 6600ක උසකට ඔසවාගෙන යමින්. නමුත් සෝවියට්ලාගෙ මේ උත්සහයත් වතුරේ යනවා ඇමරිකාව විසින් දියත් කරපු Spy satellite එක නිසා.

ඉහත කියපු හේතුවය් Mil V-12 පැන නැගුන  තාක්ෂණික දෝෂ නිසායි සෝවියට් ල තීරණය කරනවා Mil V-12 ප්‍රොජෙක්ට් එක අතහැර දමා Single Rotter එකක් සහිත heavy lift helicopter එකක් නිර්මාණය කිරීමට. ඒ අනුව තමා අපි කතා කිරීමට බලාපොරොත්තු වන Mil mi 26 කියන දැනට ලොව පවතින විශාලතම හෙලිකොප්ටරය බිහිවන්නේ. (මෙයට 56T පමණ බරක් එසලිය හැකි බවටද අන්තර්ජාලයෙ සමහර තැන්වල සඳහන් වෙනවා. නමුත් මෙම යානයෙන් එපමණක් ඔසවාගෙන ගියාද යන්න ගැන හරිහමන් සඳහනක් නැත) සෝවියට් ලා මේ Mil mi 26 කියන හෙලිකොප්ටරයට හරි අපූරු කෝඩ් නේම් එකක් තබනවා. ඒ තමයි (Halo) කියන නම.

Lotarev D-136 turboshaft engines දෙකක එකතුවෙන් ලබාදෙන (හෝස් පවර්)   22,474hp සහා  main rotter එකෙ Blade 8ක් සහා Tail Rotter එකෙ පවතින Blade 5ක් මගින් මෙම දැවැන්ත යෝධයාට බලය ලබා දෙනවා.

දිගින් 40m ක් ද පළලින් 8.2m ද උසින් 8.1m වන මෙම යානයට 295Km/h වන උපරිම වේගයක ලගා විය හැක එ වගේම එක ඉන්ධන පිරවීමකින් මෙයට 800km විතර පියාසර කරන්න පුලුවන්.

දැන් ඔයලා කල්පනා කරනවා ඇති නේද මේකෙ fuel consumption එක කොහොමද කියලා. ඉන්ධන ලීටර් 12,000ක් පමණ මෙහි ඉන්ධන ටැන්කියෙ ගබඩා කළ හැකි අතර මේ යානය පැයක් පියාසර කරවන්න තෙල් ලීටර් 3800ක් පමණ උවමනා වෙනවා. ඒ කියන්නෙ විනාඩියට ආසන්න වශයෙන් ලීටර් 64ක් ආසන්න වශයෙන් තත්පරේකට තෙල් ලීටරයක් පමණ වැය වණවා

1980 වසරේදි ලොවට ඉදිරිපත් කරන ලද මෙම යානා 2015 පමණ විට යානා 316ක් පමණ නිශ්පාදනය කර ඇති බව තමා අන්තර්ජාලයෙ සඳහන් වෙන්නෙ. මේ වන විට මෙම යානා Russian Air Force , Aeroflot , Algerian Air Force හා Indian Air Force සහා China Fire fighting department එක විසින් භාවිත කරනු ලබනවා. ඊට අමතරව සිවිලියන්ලා ප්‍රවාහනය කිරිම සඳහාද භාවිතා කරන භවටද අන්තර්ජාලයේ සඳහන් වනවා.

කැබින් එකෙ උස 3.1m වන අතර පළලින් 12.1m ද දිගින් 12.1m ද වන අතර මෙහි මගින් 100ක ප්‍රමාණයක් සඳහාද ඉඩ පහසුකම් ඇත. මේ සඳහා Mi-26P කියන වර්ශන් එක භාවිතා කරනවා. නමුත් තවමත් වැඩිම මගින් ප්‍රමාණයක් රැගෙන ගිය හෙලිකොප්ටරයට හිමි පදවිය එක දරා සිටින්නෙ සොවියට්ලා විසින්ම 1968 දි පළමු වරට නිර්මාණය කරනු ලැබු Mil V-12 කියන යානයයි. ඒ මගින් 200ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින්.

ඒ වගේම මෙම Mil mi 26 යානයට මිනිත්තුවට අඩි 1522ක එසවීමක් කළ හැකියි. එනම් තත්පරේට අඩි 25ක්. එවගේම තමා මේම Mi 26 යානයේ උපරිම Service Ceiling ඒක වන්නෙ 4600m එහෙමත් නැතිනම් අඩි 15,100ක්.

Mil Mi 26හි පිරිවිතර

  • Crew: 5 (2 pilots, 1 navigator, 1 flight engineer, 1 flight technician)
  • Capacity:
  • 90 troops or 60 stretchers
  • 20,000 kg (44,000 lb) cargo
  • Length: 40.025 m (131 ft 4 in)
  • Height: 8.145 m (26 ft 9 in)
  • Empty weight: 28,200 kg (62,170 lb)
  • Gross weight: 49,600 kg (109,349 lb)
  • Max takeoff weight: 56,000 kg (123,459 lb)
  • Powerplant: 2 × ZMKB Progress D-136 turboshaft engines, 8,500 kW (11,400 hp) each
  • Main rotor diameter: 32 m (105 ft 0 in)
  • Main rotor area: 804.25 m2 (8,656.9 sq ft)
  • Blade section: root: TsAGI 12%; tip: TsAGI 9%

Mil Mi 26හි හැකියාවන්

  • Maximum speed: 295 km/h (183 mph, 159 kn)
  • Cruise speed: 255 km/h (158 mph, 138 kn)
  • Range: 500 km (310 mi, 270 nmi) with 7,700 kg (17,000 lb) cargo
  • Ferry range: 1,920 km (1,190 mi, 1,040 nmi) (with auxiliary tanks)
  • Service ceiling: 4,600 m (15,100 ft)

ඔබගෙ දැන ගැනීම සඳහා

අන්තර් ජාලයෙ සඳහන් වන තොරතුරු වලට අනුව හෙලිකොප්ටරේකට ක්ලය්ම්බ් කල හැකි උපරිම උස ලෙස සඳහන් වන්නෙ අඩි 25,000ක් නමුත් 1974 වර්ශයේදි AS350 කියන හෙලිකොප්ටරය අඩි 29,000ක් ක්ලය්ම්බ් කළ බවටද අන්තර් ජාලයෙ සඳහන් වෙනවා. නමුත් මට මෙම තොරතුරු ගැන සහතික විය නොහැක.

මෙම සුපිරි අද්විතීය හෙලිකොප්ටරය ගුවන්ගත කිරීම සඳහා Pilotsලා දෙදෙනෙක් , Flight engineer කෙනෙක් Loadmaster කෙනෙක් Navigator කෙනෙක් හා flight technician කෙනෙක් අවශය වනවා. එ කියන්නෙ සම්පූර්ණ කාර්ය මණ්ඩලය හය දෙනෙකු අවශය වනවා.

දැන් ඔයාලා කල්පනා කරනවා ඇති එක හෙලිකොප්ටරයක් පියාසර කරවීමට මොකටද පුද්ගලයන් හයදෙනෙකු කියලා. ඒකට හේතුව තමා මේවා නිර්මාණය කරේ 1970 - 80 දශක වල ඒ කාලෙ අද වගේ ඩිජිටල් ස්ක්‍රීන් වලින් මේවා කන්ට්‍රෝල් කෙරුනෙ නැහැ ඔක්කොම මැනුවල් තමා පාලනය කරන්ඩ ඕනේ. හැබැයි දැන්නම් මේවා බොහොමයක් නූතන තාක්ශනයට අනුගත වන පරිදි අප්ග්‍රේඩ් කරලා තියෙන්නෙ.

අද වන විට මෙම ගුවන් යානා military purpose , Fire fighting , Civilian transporting ඇතුලු තවත් බොහො දෑ සඳහා යොදා ගැනෙනවා. Soviet Mil Mi 26 Halo යනු දැනට ලොව වටා සෙවාවේ යෙදෙන විශාලතම හෙලිකොප්ටරය වන අතර 1977තේ සිට මෙතෙක් නිශ්පාදනය කෙරුණ යානා 316 න් බොහොමයක් අද වන විටත් ඉතා හොඳින් සේවයේ පවතිනවා.