Loading...
Bing සෙවුම් යන්ත්‍රය Microsoft Bing ලෙස නම් කිරීමට Microsoft ආයතයන කටයුතු කරයි

කාලයක් තිස්සේ දිගින් දිගටම Microsoft සමාගම නොනවත්වාම උත්සාහ කරා ඔවුන්ගේ Bing search engine එක දැනට අන්තර්ජාලය ආක්‍රමණයකට නතු කරන් ඉන්න Google සමාගමට එරෙහිව තරඟකරුවෙක් විදිහට develop කරන්න. ඉතින් ඒකේ තවත් එක ප්‍රතිඵලයක් විදිහට Microsoft සමාගම ඔවුන්ගේ search engine එක ‘Microsoft Bing’ හැටියට rebrand කරලා තියෙනවා. ඉතින් මේක පටන් අරගෙන තියෙන්නේ logo එකත් update කරලයි.

“The change will better reflect the continued integration of our search experiences across the Microsoft family” - Microsoft

ඉතින් මේ අලුත් logo එකෙත් ඔවුන් දක්වලා තියෙන්නේ lowercase ‘b’ letter එක. ඒත් අර කලින් square edges එක්ක bloky styling එක මේ වතාවෙදි smoother ribbon-shaped pattern එකකින් replace වෙලා තියෙනවා. මේ වෙද්දී Bing search site එක අලුත් logo එකෙන් update වෙලා තිබුණත් official Bing blog එක සහ අනිත් Microsoft official websites වල icons තවමත් වෙනස් කරල නෑ.

Rebranding වලට අමතරව, Microsoft සමාගම ඔවුන්ගේ අලුත් philanthropy program එකත් announce කලා. ඒ තමා ‘Give with Bing’. මේ ගැන කියනව නම් මේක ‘Microsoft Rewards’ වල extension එකක් විදිහට හඳුන්වල දෙන්න පුලුවන්. මේ හරහා usersලට Bing searches හරහා points earn කරන්න පුලුවන්. ඒ වගේම ඒ earn කරපු points වෙන අයට donate කරන්නත් පුලුවන්.

ඉතින් මේ rebranding එක සිදු වෙන්නේ Microsoft සමාගමේ product base එක පුළුල් කරගැනීමේ එක පියවරක් හැටියට. මෙහි තවත් පියවර හැටියට Office 365 මෘදුකාංගය Microsoft 365 ලෙසත්, Windows Store මෘදුකාංගය Microsoft Store ලෙසත් rename කෙරුණා

Source : Microsoft Bing, The Verge