Loading...
අගෝස්තු මාසයේ ජනප්‍රියතම video game එක - Black Myth Wukong.

මේ වෙනකොටත් ඔයාල දන්නව ඇතිනෙ මොකක්ද popular game එක කියල. චීනෙන් release වුණ පළවෙනි AAA Game එක වෙන Black myth wukong game එක release කරන්නේ Game science කියන studio එකෙන් අගෝස්තු 20 වෙනිදා. මේ Game science ආරම්භ වෙන්නෙ 2014 දී Tencent වලින් අයින් වෙලා ගිය සේවකයන් හත් දෙනෙක්ගෙන්.

ඓතිහාසික සිදුවීමක් සම්බන්ධ කරල game එකක් develop කරන්න ඒකාලෙ ඉදංම මෙයාලගෙ plan එකක් තිබ්බා. ඒ නිසා මීට අවුරුදු හතරකට කලිං ඒ කියන්නෙ 2020 අගෝස්තු 20 unreal engine 4 එකෙන් Black myth wukong game එකේ first trailer එක release කරනවා. ඒ වෙනකොට සමාගමේ හිටියේ සේවකයො තිහක් විතරයි. Trailer එකෙන් මෙයාල සේවකයෝ බදවාගෙනත් තියෙනවා.

මේ වෙන කොට PS5, Window, Xbox series X/S Black Myth Wukong game එක බලාගන්න පුළුවන්. Single player, Action, Role playing, Souls- like game එකක් මේක.

Sun Wukong කියන මේ character එක එන්නෙ චීන මහා සම්භාව්‍ය නවකතා හතරෙන් එකක් වන journey to the west කියන්න පොතෙන්. Tang sanzang කියන භික්ෂූවගේ ඉන්දියානු ගමනේදී ආරක්ෂකයෙක් විදිහට තමා wukong ඉන්නෙ.

Tang sanzang ට චීනයේ බුදුදහම නැවත නගා සිටුවීමට උපකාරකළ නිසා Wu නිදහස් වෙනවා. ස්වර්ගීය උසාවියෙන් ලැබුණු ජීවිතය ඔහු ප්‍රතික්ෂේප කරල Wu එයා ජීවත් වුන කන්දට නැවත යනවා. ස්වර්ගීය උසාවිය ඔහු අකීකරු වීම ගැන කෝපයෙන් Erlang Shen කියන දෙවියන්ව යවනවා WU ව ස්වර්ගීය උසාවියට නැවත ගේන්න. දැවැන්ත සටනකින් පසු Wu ව ගලක බැදල මුද්‍රා තබනව වගේම wukong ගේ බලයන් ධාතු හයකට වෙන් කරල චීනය පුරා විසුරුවනවා. කන්දේ සිටින දෛවෝපගත තැනැත්කු එනම් Wukong ගේ බලයන් (ධාතු හය) එක් කිරීමට යන වානරයකු මේවා සොයා ගනිමින් game එකේ ඉදිරියට යනවා.

මේක soulslike game එකක්. මේකෙ game play elements අමාරුයි. Soulslike games වල checkpoint system එකක් බලාගන්න පුළුවන්.මේකෙ checkpoint විදිහට බලාගන්න පුළුවන් වෙන්නෙ ගිනිමැළයක්. Checkpoint දෙකක් අතර හම්බෙන enemies වර්ග දෙකක්ට බලාගන්න පුළුවන්. Normal සහ bosses විදිහට. Boss fight soulslike games වල බලාගන්න පුළුවන් special දෙයක්. Boss fight එකකින් දිනන එක හිතන තරං ලේසි නෑ. Checkpoint දෙකක් අතරදි boss කෙනෙක් නොමරා මැරුනොත් ආයෙත් මුල checkpoint එකට යනවා.

Unreal 5 engine එකෙන් develop කරල තියෙන මේ game එකේ difficult level එකක් තෝරගන්න නෑ.ඒ කියන්නෙ හැමෝටම හම්බෙන්නෙ එකම difficult level එකක්. Color combination එක 3d බව, characters, story එක , surrounding එක වගේ දේවල් මේ game එකේ game experience එක player ට හොදටම දැනෙන්න සළස්සල තියෙනවා. මේ system requirements එක්ක ඔයාලත් මේක play කරන්න පුළුවන්.

System Requirements

Minimum:-

  • OS: Windows 10 64-bit
  • Processor: Intel Core i5-8400 / AMD Ryzen 5 1600
  • Memory: 16 GB RAM
  • Graphics: NVIDIA GeForce GTX 1060 6GB / AMD Radeon RX 580 8GB
  • Storage: 130 GB available space

Recommended:-

  • OS: Windows 10 64-bit
  • Processor: Intel Core i7-9700 / AMD Ryzen 5 5500
  • Memory: 16 GB RAM
  • Graphics: NVIDIA GeForce RTX 2060 / AMD Radeon RX 5700 XT / INTEL Arc A750
  • Storage: 130 GB available space