Loading...
ශ්‍රී ලංකාවට අළුතෙන්ම ආපු Blackview tablets ගැන දැන ග​මු

Blackview ගෝලීය වශයෙන් ප්‍රසිද්​ධ rugged හා මිලෙන් අඩු තාක්ෂණික උපකරණ නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වයක් දරන ආයතනයක් වන අතර, ඔවුන් විසින් ඕනෑම තත්වයක් යටතේ භාවිතා කල හැ​කි උපාංග නිපදවනු ලබන​වා. මොවුන් විසින් නිපදවන rugged මාදිලීන් වල උපාංග IP68/IP69K සහතිකයෙන් යුතු වන අත​ර, දිගු බැටරි කාලය සහ Android මෙහෙයුම් පද්ධති​යේ වේගව​ත් අත්දැකීම යනාදී විශේෂාංග සමඟ Blackview උපාංග රළු භාවිතාව සඳහාම නිපදවූ ඒවා බැවින් කාර්මිකයන්ට, ගොඩනැගිලි ඉදිකරන සේවකයන්ට, කඳු නගින්නන්ට සහ තවත් රළු කටයුතු වල යෙදෙන අයට වඩාත් සුදුසු වේ.

ඒ වගේම Blackview සමාගම විසින් සාමාන්‍ය භාවිතාවට සුදුසු කල්පවතින ජංගම දුරකතන, ටැබ්ලට් උපාංග වගේම ලැප්ටොප් පරිගණක පවා නිපදවීම සිදු කරනු ලබනවා. මේ උපාංග ඉහල ගුණාත්මක භාවයකින් යුතුව නිෂ්පාදනය කර අඩු මිලකට වෙළඳපලට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරනවා. මේවාගේ කල් පැවැත්ම, ගුණාත්මකභාවය සහ performances නිසා මේ වන විට වෙළඳපලේ හොඳ අලෙවියක් ඇති ජංගම දුරකතන වර්ගයක් ලෙස කැපීපෙනෙන සන්නාමයක් හිමි කර ගැනීමට Blackview සමත් වනවා.

Blackview තෝරාගැනීමට හොඳම හේතු:

  1. Rugged design සහ ආරක්ෂාව (IP68/IP69K): වතුර, දූවිලි, බිම වැටී​ම, සහ අධික උෂ්ණත්වයන්ට ප්රතිරෝධී වන Blackview rugged උපාංගයන්, විශේෂයෙන්ම අඩු මිලකින් ලබාදෙන rugged smartphones මාලාවක් වීම. (​ශ්‍රී ලංකාවේ ඉතා ඉක්මනින් ලබා ගත හැකි වනු ඇත). මෙමගින් ඔබේ උපාංග ආරක්ෂිතව භාවිත කළ හැකියි.
  2. සාපේක්ෂව අඩු මිලකින් යුතු වී​ම
  3. විශේෂ ලක්ෂණ: Night Vision, Thermal Imaging, වැනි අනෙකුත් උපාංග වල නොමැති විශේෂාංග වලින් යුක්ත වී​ම
  4. Rugged Smartphones, Smartphones, Tablet, Smart wearables සහ Laptop යනාදී නිෂ්පාදන මාලාවකින් යුතු වී​ම.

​ශ්‍රී ලංකාවේ​දී Blackview මිල​දී ගන්නේ කෙසේද?

Blackview නිෂ්පාදන ශ්‍රී ලංකාව තුල බෙදා හැරීමට බලයලත් ආයතනය වනු​යේ Nexus Communications ආයතනයයි.

NexusCom ආයතනය හර​හා Blackview නිෂ්පාදන ලබා ගත හැකියි. සියලුම භාණ්ඩ වලට මාස 18​ක නිල නෙක්සස් වගකීම් සහතිකය ලබා දෙනු ලැබේ. ඔබට ආසන්නතම Nexus Authorized Stores සොයා ගැනීමට පහත link එ​ක භාවිත කරන්න:

👉 Nexus Authosized Stores List

ශ්‍රී ලංකාව තුල මේ වන විට මිලදී හැකි උපාං​ග

01. Blackview Tab 70 WiFi

Blackview Tab 70 WiFi යනු 10.1 අඟල් HD+ තිරයකින් යුත් ටැබ්ලට් මාදිලියකි. මෙහි 5 MP කැමරාව, 6580mAh battery capasity එකකින්, සහ WiFi සම්බන්ධතාවය සහිතව නිපදවා ඇති අතර 4GB RAM එකකින් සමන්විත වන මෙම උපාංගය 8GB RAM එක​ක් දක්වා expand කිරීමේ හැකියාවෙන්ද යුක්ත වනවා. මේ සතුව 64GB දත්ත ගබඩා මතකයක් ඇති අතර TF Card එකක් භාවිතා කරමින් 1TB දක්වා එම ධාරිතාවයද වැඩි කරගත හැකියාව පවතී. මෙම උපාංගය මුලික වශයෙන් විනෝදාස්වාදය, වීඩියෝ නැරඹීම, සහ අධ්‍යාපනි​ක කටයුතු සඳහා සුදුසු වේ. රුපියල් 27,999.00 මිලකට ලබා ගත හැකි මෙම ටැබ් එකේ වැඩි විස්තර පහතින් ලබා ගත හැකියි.

Blackview Tab 70 WiFi

Blackview Tab 70 WiFi යනු 10.1 අඟල් HD+ තිරයකින් යුත් ටැබ්ලට් මාදිලියකි. මෙහි 5 MP කැමරාව, 6580mAh battery capasity එකකින්, සහ WiFi සම්බන්ධතාවය සහිතව නිපදවා ඇත. මෙම උපාංගය මුලික වශයෙන් විනෝදාස්වාදය, වීඩියෝ නැරඹීම, සහ අධ්‍යාපනි​ක කටයුතු සඳහා සුදුසු වේ. රුපියල් 27,999.00 මිලකට ලබා ගත හැකි​යි

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

02. Blackview Tab 90 LTE

Blackview Tab 90 LTE මාදිලිය 10.92 අඟල් FHD+ තිරයකින් සහ 13 MP කැමරාවකින් සමන්විත වේ. 8200mAh බැටරියක් සහිත මෙම ටැබ් එක 4G සහ WiFi සම්බන්ධතා සඳහා සහය දක්වයි. 8GB RAM එකකින් සමන්විත වන මෙම උපාංගය 24GB RAM එක​ක් දක්වා expand කිරීමේ හැකියාවෙන්ද යුක්ත වනවා. මේ සතුව 128GB දත්ත ගබඩා මතකයක් ඇති අතර TF Card එකක් භාවිතා කරමින් 1TB දක්වා එම ධාරිතාවයද වැඩි කරගත හැකියාව පවතී. මෙහි ප්‍රධාන කැමරාව 13MP වන අතර selfie කැමරාව 8MP වනවා. මේ උපාංගය පිළිබඳව ව​න වැඩිදුර තාක්ෂණික තොරතුරු පහතින් ලබා ගත හැකියි.

Blackview Tab 90 LTE

Blackview Tab 90 LTE මාදිලිය 10.92 අඟල් FHD+ තිරයකින් සහ 13 MP කැමරාවකින් සමන්විත වේ. 8200mAh බැටරියක් සහිත මෙම ටැබ් එක 4G සහ WiFi සම්බන්ධතා සඳහා සහය දක්වයි. මෙහි මිල රුපියල් 49,999.00ක් ලෙස දැක්​වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

03. Blackview Acebook 8

Blackview Acebook 8 යනු 15.6 අඟල් FHD (1920×1080) තිරයකින් යුත් ලැප්ටොප් මාදිලියකි. Intel N97 Quad-core Processor, 16GB RAM, සහ 512GB SSD ගබඩා ධාරිතාව සහිත මෙම උපාංගය Windows 11 Home මෙහෙයුම් පද්ධතිය සමඟ ක්රියා කරයි. USB 3.2, HDMI, Type-C පෝට්, සහ Wi-Fi 5 සම්බන්ධතා සහිත මෙම ලැප්ටොප් රුපියල් 124,999.00 මිලකට ලබා ගත හැකියි. වැඩිදුර තාක්ෂණික තොරතුරු පහතින් ලබා ගත හැකියි.

Blackview Acebook 8

Blackview Acebook 8 යනු 15.6 අඟල් FHD (1920×1080) තිරයකින් යුත් ලැප්ටොප් මාදිලියකි. Intel N97 Quad-core Processor, 16GB RAM, සහ 512GB SSD ගබඩා ධාරිතාව සහිත මෙම උපාංගය Windows 11 Home මෙහෙයුම් පද්ධතිය සමඟ ක්රියා කරයි. USB 3.2, HDMI, Type-C පෝට්, සහ Wi-Fi 5 සම්බන්ධතා සහිත මෙම ලැප්ටොප් රුපියල් 124,999.00 මිලකට ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

නුදුරේදී​ම ශ්‍රී ලංකාව තුල එලිදැක්වීමට නියමිත උපාංග

01. Blackview MEGA 2

Blackview MEGA 2 යනු අඟල් 12ක තිරයකින් යුතු Tablet මාදිලියේ උපාංගයක් වන අත​ර 9000mAh battery capasity එකකින් යුක්ත වනවා. 12GB RAM එකකින් සහ 256GB capasity එකකින් යුතු මේ tablet එකෙහි RAM එක 24GB දක්වා expand කිරීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම TF Card එකක් භාවිතා කරමින් 2TB දක්වා ධාරිතාවයකට expand කිරීමේ හැකියාවත මෙම Tablet එකට හැකියාව පවතිනවා.

WiFi සහ Cellular යන සම්බන්ධතාවයක් දෙකම මෙහි භාවිතා කල හැකි අතර විශාල තිරයකින් යුතු නිසා මෙම උපාංගය මුලික වශයෙන් විනෝදාස්වාදය, වීඩියෝ නැරඹීම, සහ අධ්‍යාපනි​ක කටයුතු සඳහා සුදුසු වේ.

Celestial Grey, lce Blue; Moss Green යන වර්ණයන්ගෙන් සමන්විත මේ tablet එක නුදුරේදීම ශ්‍රී ලංකාව තුල එළිදැක්වීමට සූදානම් වනවා.

Blackview MEGA 2

Blackview MEGA 2 යනු අඟල් 12ක තිරයකින් යුතු Tablet මාදිලියේ උපාංගයක් වන අත​ර 9000mAh battery capasity එකකින් යුක්ත වනවා. WiFi සහ Cellular යන සම්බන්ධතාවයක් දෙකම මෙහි භාවිතා කල හැකි අතර විශාල තිරයකින් යුතු නිසා මෙම උපාංගය මුලික වශයෙන් විනෝදාස්වාදය, වීඩියෝ නැරඹීම, සහ අධ්‍යාපනි​ක කටයුතු සඳහා සුදුසු වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

02. Blackview Tab 60 Pro

Blackview Tab 60 Pro යනු අඟල් 10.1ක තිරයකින් යුතු Tablet මාදිලියේ උපාංගයක් වන අත​ර 7700mAh battery capasity එකකින් යුක්ත වනවා. 4GB RAM එකකින් සහ 128GB capasity එකකින් යුතු මේ tablet එකෙහි RAM එක 12GB දක්වා expand කිරීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම TF Card එකක් භාවිතා කරමින් 2TB දක්වා ධාරිතාවයකට expand කිරීමේ හැකියාවත මෙම Tablet එකට හැකියාව පවතිනවා.

WiFi සහ Cellular යන සම්බන්ධතාවයක් දෙකම මෙහි භාවිතා කල හැකි අතර විශාල තිරයකින් යුතු නිසා මෙම උපාංගය මුලික වශයෙන් විනෝදාස්වාදය, වීඩියෝ නැරඹීම, සහ අධ්‍යාපනි​ක කටයුතු සඳහා සුදුසු වේ.

Blackview Tab 60 Pro

Blackview Tab 60 Pro යනු අඟල් 10.1ක තිරයකින් යුතු Tablet මාදිලියේ උපාංගයක් වන අත​ර 7700mAh battery capasity එකකින් යුක්ත වනවා. WiFi සහ Cellular යන සම්බන්ධතාවයක් දෙකම මෙහි භාවිතා කල හැකි අතර විශාල තිරයකින් යුතු නිසා මෙම උපාංගය මුලික වශයෙන් විනෝදාස්වාදය, වීඩියෝ නැරඹීම, සහ අධ්‍යාපනි​ක කටයුතු සඳහා සුදුසු වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

ශ්‍රී ලංකාවට Blackview නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීම සඳහා බලයලත් නියෝජිතයා වන Nexus Communications පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්​න.