Loading...
පරිගණක‍ භාවිතය නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටළු සහ ඒවා මගහරවා ගන්නා ආකාරය

පරිගණක භාවිත කරන්නන් දිනෙන් දින වර්ධනය වෙනවා වගේම පරිගණකය අධික ලෙස භාවිතා කිරීම නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටළුත් ඒ හා සමානවම වර්ධනය වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ දිනකට වැඩි වේලාවක් පරිගණකය භාවිත කිරීම හා නිවැරදිව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් පරිගණක භාවිත නොකිරීම නිසා තමයි. අද අපි මේ ලිපියෙන් කතා කරමු පරිගණකය නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටළු කීපයක් සහ ඒවා මගහැරවාගන්නේ කොහොමද කියලා.

පරිගණකය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු.

1. හිසරදය (Headache)

බොහෝ පරිගණක පරිශීලකයන් තුල බහුලව දකින්න ලැබෙන මේ හිසරදය ඇස් වල ඇති වෙහෙසකාරි බව හා බෙල්ලේ මාංශපේෂින්ගේ ඇති ආතතිය නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටළුවක්.

2. ආතතිය (Stress)

තාක්ෂණයේ බලපෑම නිසා ඇති වී තියෙන කාර්ය බහුල බව හා රැකියා වටපිටාව මේ ආතතියට මූලිකවම බලපානවා. නින්ද නොයාම, ආහාර අරුචිය මේ ආතතියේ ප්‍රතිඵල කීපයකි.

3. මාංශපේෂි හා අස්ථිවල ඇතිවන ගැටළු (Musculoskeletal Problems)

වැරදි ඉරියව්වෙන් නොනවත්වා පරිගණකය භාවිතා කිරීම නිසා ශරීරයේ විවිධ තැන්වල මාංශපේෂි සහ අස්ථිවල වේදනාව ඉතාම සුලබ සෞඛ්‍ය ගැටළුවක්.

4. පරිගණක දෘෂ්ටි සහලක්ෂණය (Computer Vision Syndrome)

ඇස් වියලීම, රතු වීම, පෙනුම අඩු වීම, හිසේ හා බෙල්ලේ කැක්කුම මේ ගැටළුවේ ස්වභාවයක්. නොකඩවා පරිගණකයේ පැය 6ක් වගේ කාලයක් ඇලී ගැලී සිටීමෙන් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ.

5. කාපල දෝනා සහලක්ෂණය (Carpel Tunnel Syndrome)

අතේ ඇඟිලි වල ඇති වන වේදනාව හා හිරිවැටීම තමයි කාපල දෝනා සහලක්ෂණය කියන්නේ. මූසිකය (Mouse) හා යතුරුපුවරුව (Keyboard) නිවැරදිව භාවිතා නොකිරීමෙන් හා ස්ථාන ගත නොකිරීමෙන් මේ තත්ත්වය උදාවෙනවා.

මේ සෞඛ්‍ය ගැටළු මගහරවාගන්නේ කොහොමද?

හරි, අපි ඔය උඩදි කතා කරේ පරිගණකයක් නිවැරදිව පාවිච්චි නොකිරීමෙන් ඇති වෙන ලෙඩ රෝග කීපයක් ගැන. දැන් අපි කතා කරමු මේ ගැටළු මගහරවාගන්නේ කොහොමද කියලා.

පරිගණකයක් භාවිත කරනකොට නිවැරදි ඉරියව්වකින් අසුන් ගැනීමෙන් මේ ගැටළු ගොඩක් මගහරවාගන්න පුළුවන්. එනම්,

  1. පරිගණකයේ තිරය (Monitor) ඇස් මට්ටමට හෝ ඊට පහතින් සිටින සේ අසුන් ගන්නා පුටුව හා තිරය තබා ඇති මේසය හැඩගස්වා ගන්න.
  2. පරිගණක තිරය හා ඇස් අතර පරතරය අඟල් 18-28ත් පමණ තබාගන්න
  3. කකුල් පොළොවට ලම්බකව තබාගෙන යටිපතුල් පොළොව මත සැහැල්ලුවෙන් තබා ගන්න.
  4. පරිගණක තිරයේ ආලෝකය (Brightness) ඇසට පහසු ලෙස සකස් කරගන්න.
  5. මූසිකය යතුරුපුවරුව ළඟින් තබාගෙන සැහැල්ලුවෙන් යතුරුලියනය (Type) කරන්න.

මීට අමතරව,

  • කුඩා ළමුන් හට පරිගණකය භාවිතා කිරීම සඳහා සීමිත කාලයක් වෙන් කර දෙන්න.
  • දීර්ඝ වෙලාවක් පරිගණකය භාවිත කරන විටදී විටින් විට තිරයෙන් පිටත බලන්න.