Loading...
Bugatti Chiron - ලොව නිශ්පාදිත වේගවත්ම මෝටර් රථය

ප්‍රංශයේ සුපිරිතම මෝටර් රථ සමාගමක් වන Bugatti Automobiles S.A.S. විසින් නිශ්පාදනය කරන 304.77mph (490.47kmh) වේගයට ළඟා විය හැකි සුපිරි මෝටර් රථය වන Bugatti Chiron රථය ලොව වේගවත්ම නිශ්පාදන මෝටර් රථය (world fastest production car.) ලෙස වාර්තා අතරට එක් වේ.

මෙම chiron රථය මුල් වරට ලොවට ප්‍රදර්ශනය කරන ලද්දේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදීය.ඒ 2016 මාර්තු 1වැනිදාය.මෙහි නිර්මාණකරුවන් වන්නේ  Achim Anscheidt (Head of Design), Frank Heyl, Sasha Selipanov, Etienne Salome යන ඉංජිනේරුවරුන්ය.බෝහෝමයක් ක්‍රීඩා මෝටර් රථ වල සාම්ප්‍රදායික ලක්ෂණයක් වන දොර 2ක කූපේ (2door coupe) ශරීර අංගයකින් (body style) මෙයද සමන්විත වේ.

මධ්‍යස්ථ එන්ජිමක් (mid engine) සහිතව උපත ලබා ඇති මෙම රථය සියලුම රෝද සඳහා බලය සපයනු ලබන (all wheel drive) රථ මාදිලියකි. 8.0L quad-turbocharged W16 හදවතකින් මෙය බලගැන්වෙන අතර මෙම  Bugatti  රථයට අශ්වබල 1500කින් (1500  horsepower) සමන්විතය.

මෙම බලය උපයෝගී කරගනිමින් Bugatti Chiron රථයට 0-60 mph වේගයට ළඟාවීමට තත්පර 2.5ක් වැනි සුළු කාලයක් පමණක් ගත වේ. ගියර 7කින් සමන්විත Chiron  රථය ඩුවල් ක්ලච් (dual clutch) පද්ධතියකින් සමන්විත වේ. 2019 වසර වන විට මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ($3 million) ලෙස සටහන් වේ.

ඉදිරිපස සහ පිටුපස රෝද අතර දුර (Wheelbase) - 2,711 mm (106.7 in)

දිග (Length) - 4,544 mm (178.9 in)

පළල (Width) - 2,038 mm (80.2 in)

උස  (Height) - 1,212 mm (47.7 in)

මුලු බර (Kerb weight) - 1,996 kg (4,400 lb)