Loading...
ශ්‍රී ලංකාවේ නිර්මිත කෙටි සජීවීකරණ කාටූන් මාලාව "බුවා"

ගජමෑන් Movie එකත් එක්ක මේ Animation කියන එක ගැන ලංකාවේ ගොඩාක් අයගේ කතා බහට ලක්වුණා. ඉතින් මේකත් එක්ක ගොඩක් අය මේ ගැන හොයන්න සහ ඒ වගේම ගොඩක් අලුත් අය මේ Field එකේ වැඩකරන්න පටන් ගත්තා. ඉතින් මේ අතරේදී Cartoon Animation Field එකේ ගොඩක් කාලෙක ඉදන් වැඩ කරන ඒ ගැන ප්‍රවීණයෙක් වුණ ඉසුරු හතුරුසිංහ අයියා "බුවා" නමින් එයාගේම YouTube Mini Series එකක් පටන් අරන් තියෙනවා.


සෑම දේ ගැනම ඉතා කුතුහලයෙන් බලන, සෙල්ලක්කාර Buva Moonstone නම් අවුරුදු 14ක් වූ පාසල් ළමයෙකු මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහුගේ හොදම මිතුරා Lota Wisemind නම් බියගුලු, යාලුවාගේ මතයට නිතරම සවන් දෙන බඩ ජාරී චරිතයක්. මේ චරිත භාවිතා කරමින් විනෝදජනක හා ත්‍රාස්‍යජනක සිද්දි ඇතුලත් කරමින් මේ කතා මාලාව ගොඩනැගී තිබෙනවා.

ඉතින් මේක හදපු ඉසුරු හතුරුසිංහ ගැන කතා කරොත් කෑගලු විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලබා තියෙන්නේ. මෙයා පොඩි කාලේ ඉඳන්ම උත්සාහ කරලා තියෙන්නේ කොහොම හරි ලස්සන Cartoon Story හදන්න. ඉතින් ඒ තිබුනු දැඩි ආශාව නිසාම 2012දී තිබුනු නොයෙක් අධ්‍යාපන ආයතන වල තරමක් දුරට ඒ පිලිබදව සාර්තකව ඉගෙන ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ අධ්‍යාපන වැඩකටයුතු ඉවර වෙනවත් එක්කම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් ඉතා කෙටි කාලයක් තුල ලැබිලා තියෙනවා. ඒ අපි කවුරුත් දන්න Arimac එකේ.

එයින් වසර 10ක් පමණ අත්දැකීම් ලබා ගත් ඉසුරු මේ වන විටද එම ආයතනයේම රැකියාවේ නිරත වන අතර එම කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ නිපදවන ලද Nero වැනි ප්‍රධාන පෙලේ පරිගනක ක්‍රීඩා කිහිපයකටම හා 3D Animation Trailers, Advertising වැනි දේ වලට මේ අයියා දායක වෙලා තියෙනවා. එහිදී 3D Character Designing, Character Animating වැනි ක්ෂේත්‍ර තුල බොහෝ විට නිරත වන අතරම 3D Character Rig නිර්මාණය කිරීමටද මේ ඉසුරු ප්‍රියතාවයක් දක්වනවා.

තව ඔයාට මතක ඇති නේද පහුගිය දවස් වල Social Media වල ගොඩාක් Share වුණ මේ Arts ටික. ආ.. ඒ ටික ඇදුණේ මේ ඉසුරු හතුරුසිංහ අයියාගේ අතින් තමයි. Izzaartz Facebook Page එකට ගියොත් මේ අයියාගේ තව Arts ගොඩාක් බලාගන්න පුළුවන්.

මේ Mini Series එකේ පළවෙනි Episode එක මේ වන විට Release කරල තිබෙන අතරම ඔයාට ඉතුරු Episodes ටිකත් Izzaarts YouTube Channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් නරඹන්න පුළුවන්.

කතා මාලාවේ ඉදිරිය කෙසේ වේවිද?

බුවා ලොටා යන ප්‍රධාන චරිත දෙක වගේම පාසල් මුරකරු යන සෙසු චරිතය කතාවේ මුල් කොටසින් දැක ගත හැකි වූවා වගේම ඉදි‍රියේදිි කතා මාලාවට තවත් චරිත කිහිපයක්ම එක් වීමට නියමිත වනවා. ඔවුන් ජීවත් වන මෙම Bluebend නම් කුඩා ගම පිහිටලා තියෙන්නේ නාගරීකරණය නොවූ ප්‍රදේශයක. Sweet Falls නම් විශාල වනාන්තරයක් ඉදිරිපිට මෙම ගම්මානය පිහිටා ඇති අතර මෙම වනාන්තරයට ඇතුළු වන දොරටුව වන්නේ ද මේ Bluebend ගම්මානය. මෙම වනාන්තරය අභිරහස් ගොඩකින් පිරුණු භයානක තැනක්. ඉතින් මෙම සුන්දර ගමේ වගේම අපි කාගෙත් සුන්දර කුඩා කාලය නැවත නැවතත් සිහිගන්වන සිදුවීම් කතාව තුල රසිකයන්ට ඉදිරියටත් නැඹීමට හැකියාව වගේම ත්‍රාස්‍යජනක අත්භූත මෙන්ම රසවත් සිදුවීම් ඇතුලත් කතා මාලාවක් ගෙන එන්න මේ ඉසුරු හතුරුසිංහ අයියා සූදානමින් ඉන්නවා.

Drawing සහ Animation කල ආකාරය

මේ සදහා මුලිකවම භාවිතා කරලා තියෙන්නේ Adobe Photoshop හා Tv Paint තුල frame by frame animation ක්‍රමයයි. ඒ මගින් මෙයට අවශ්‍ය හැඩයන් නිර්මාණය කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවා. මීට අමතරව After effects හා Maya යන Software මෙන්ම iPad සඳහා ඇති Procreate Software එකද යොදා ගෙන තිබෙනවා.

Animation කරද්දී animation principles භාවිතයෙන් චලනයන්ගේ නිරවද්‍යතාව හා එය අලංකාර කර ගැනීමටද හැකිවී තිබෙනවා. මීට අමතරව යම් යම් ස්ථාන වලදී characters වලට සහ objects වලට එම අවස්ථාවට ගැලපපෙන rig නිර්මාණය තුලින් චලනයක් කිරීම After effects හා Maya යන Software මගින් සිදු කර තිබෙනවා.

මේ වැඩේ ඉසුරු අයියා තනියම කරගෙන යන හින්දා එක Episode එකක් Release කරලා තව Episode එකක් Release කරන්න කෙටි කාලයක් ගත වෙනවා.


ඉතින් ගජමෑන් වගේම ලංකාවේ හැදුණු International Quality එකෙන්ම තියෙන තවත් එක සුපිරි වැඩක් තමයි මේකත්. මේ හැම දෙයක් ගැනම ඇහෙද්දි ලංකාවේ අපිට කරන්න බැරි දේවල් නැහැ, පුලුවන් තවත් බොහෝ දේවල් තියෙනවා කියන එකත් මතක් කරන්නම ඕන. මේ ගැන ඔයාගෙ අදහස් පහළ Comment Section එකෙන් කතා කරමු.

ALL Image Source: Izzazrtz FB Page