Loading...
හොර Software නැතුව Genuine Software ගන්න ඕනේ මේ කරුණු 5 නිසයි.

අපි අලුත් Laptop එකක් ගන්න කියලා authorized dealer කෙනෙක් ගාවට ගිහින් ගන්න එකක් හොයනවස් එතනදි Specs , Features අනුව ගාන වෙනස් වෙනවා.

ඔය අතරම තියෙනවා Windows Genuine එන Laptop එක සහ ඊට අඩුවට එන ඒවායේ DOS හරි Linux හරි තියෙනවා. ඉතිං අපි ගනං අඩුයිනේ කියලා DOS හරි Linux හරි තියෙනෙක අරගෙන Windows  ගහගන්නම් කියලා හිතාගෙන එනවා සෑහෙන සතුටුයි නේ සල්ලි ඉතුරු උන හින්දා.

දැං හැමදාම ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන් වෙයිද අපිට ? Update off කරල එහෙම වැඩ ගන්න පුළුවන් වෙයි. නමුත් වෙන වෙන ප්‍රශ්න එයි. ඕක හින්දා Update on කරහම මොකද වෙන්නෙ හොරබඩු හින්දා ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.

ඔය හේතුන් නිසා තමා අපි අද Genuine Software  පාවිච්චි කරන එකේ වාසී ගැන කතා කරන්න යන්නෙ.

1.අහු උනාම තියෙන කරදරේ

Genuine software copy ගහලා විකුණන හෝ Site වල දාන එකේ අවුලක් නෑ. නමුත් ගන්න කෙනා තමන් ගන්න Risk එක ගැනත් හිතන්න ඕනේ ඔය Software crack කරන කෙනාට අපේ Data collect  කරගන්න එහෙම පුළුවන් ඕනේ නම්. එතනදි අපේ Privacy එක 0 ටම වැටෙනවා ඒ විතරක් නෙමේ Crack එකක් කියලා අහු උනහම Error messages ගොඩයි වැඩක් කරගන්න හම්බ වෙන්නෙ නෑ. තව අපිට වැඩක් කරගන්න බැරි වෙන්නම Software එකට access නැති වෙන්න පුළුවන්. අපි වැදගත් වැඩක් කර කර ඉන්න වෙලාවක එහෙම උනොත් අපි Computer එකට බැන බැන ඉදී නමුත් වැරැද්ද අපේ. කට්ටියක් කියයි අර විදියට කරහම මේ විදියට කරහම අහු වෙන්නේ නෑ කියලා ඒ උනාට අපිට 100% විශ්වාස කරන්න බෑ මේවා අහු නොවී තියෙයි කියලා. මොකද මේ Software companies නිතරම Updates එවනවනේ.
මෙතනදි ඔගොල්ලන්ට හිතෙයි Genuine Software තිබ්බා නම් කොච්චර හොදද කියලා.

2. Continues Updates

Os එකක් උනත් Software එකක් උනත් කාලෙන් කාලෙට අපිට Updates එනවා. සමහර Genuine use කරලත් Updates off කරලා තියනවා කරදරයි කියලා. ඒක නම් ඇත්තටම මෝඩ වැඩක් මොකද Update එහෙකින් තමා අපිට අලුත් අලුත් Features , Bug fixes එහෙම එවන්නෙ. මෙතනදි Security එකත් Update වෙනවා Software එකේ හෝ Os එකේ.ලංකාවේ ගොඩක් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා Update එකක් ආවම මේක හොදයිද මොකද වෙන්නෙ කියලා අහන්න ඒක තරම් මෝඩ වැඩක් වෙන නැති තරම්. Updates වල කිසි වැරැද්දක් නෑ ඒවා එවන්නෙ අපේ හොදට සහ පහසුවට අලුත් Features එක්ක. මේවයේ Bugs තියෙන්නෙ පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් නේ, ඒවා Fix කරලා පුළුවන් ඉක්මනට Developers ලා Updates එවනවා. ඕවා තමා Genuine Software එකක් පාවිච්චි කරද්දි හම්බ වෙන වාසී.

3. Security

කලින් කිව්වා වගේ cracked ඒවා use කරද්දි අපේ Privacy එක බිංදුවටම වැටෙනවා. අපිට ආදරේට නෙමේ නේ crack කරලා දෙන්නෙ. අනාගත ලෝකයේ වටිනම දේ වෙන්නෙ මිනිස්සුන්ගේ Data, ලංකාවේ තාම පිරිසක් ඉන්නවා අපේ මොනවා ගන්නද කියලා කියාගත්ත ගමන් අපිට ඉතිං ඒකට කරන්න දෙයක් නෑ. Software එකක් අපි Site එහෙකින් Download කරද්දි ඒ එක්කම Ransomware එවන්න පුළුවන්. මෙතනදි එහෙම උනහම අපිට අපේ encrypt උන Files ටික ගන්නම 400$ වලට වඩා මුදලක් ගෙවන්න වෙනවා. අන්තිමට වෙන්නෙ නිකන් ගන්න ගිහින් වැඩියෙනුත් ගෙවලා එන්න වෙන එක.

Ransomware විතරක් නෙමේ Trojan keyloggers වගේ දේවලුත් එවන්න පුළුවන්. Crack කරන කෙනාට අපේ Bank details සහ අනෙකුත් sensitive personal data ගන්න පුළුවන්. මේ හින්දා Genuine Software  use කරොත් හොදයි කියලා මෙතනදිත් ඔගොල්ලන්ට හිතෙයි.

4. Customer Support

අපේ රටේ ගොඩ දෙනෙක් Customer Support එක use කරන්නෙ නෑ, Genuine use කරන users ලා උනත්. Cracked use කරන අය නම් මොනවහරි වෙච්ච ගමන් Reinstall කරනෙක නේ කරන්න තියෙන්නෙ, නමුත්  Genuine Software එකක් පාවිච්චි කරද්දි අපිට මොකක්ම හරි ප්‍රශ්නයක් ඇති උනොත් Software එක සම්බන්ධයෙන් අපිට Customer care කතා කරලා ප්‍රශ්නේ විසදගන්න පුළුවන් ලේසියෙන්ම. Customer Support members ලා අපිට හොද technical support එකක් දෙනවා වගේම අපි දන්නැති දෙයක් තිබ්බොත් Software එකට අදාලව ඒකත් අපිට එගොල්ලන්ගෙන් අහලා දැනගන්න පුළුවන් පහසුවෙන්ම ඒකට ඒගොල්ලො බැදිලා ඉන්නවා.

5. Discounts & Free Software

එක පාරක් අපි Software එකක් Purchase කරහම අපිට කාලෙන් කාලෙට Pay කරන්න වෙන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා, Monthly pay කරන්න තියෙන ඒවට කාලෙන් කාලෙට Discount එහෙම හම්බ වෙන්න පුළුවන් ඒ වගේම ඒ Companies වල අලුත් Software අපිට Free Test කරන්නත් ඒගොල්ලො දෙන අවස්තා නැතුවාම නොවේ. One time payment ඒවයෙදිත් අපි කලින් ඒ Company එකේ Software එකක් Purchase කරලා තියෙන නිසා අලුතින් ගන්නකොට Discount හම්බ වෙන්න ඉඩ තියෙනවා.

කෙටියෙන්ම කිව්වොත් Genuine Software නිකන් හම්බ වෙන්නෙ නෑ කියලා හැමෝම දන්නවනේ , හැබැයි ඒ Software තමන්ගේ Job එකට හෝ Business එකට අවශ්‍යයි නම් අයෝජනයක් කියලා හිතලා Purchase කරොත් හැමෝටම හොදයි. ඒ හින්දා තමන්ට පුළුවන් හැම අවස්තාවකදීම Genuine Software use කරන්න බලන්න හැමෝම.