Loading...
SUV ජනතාකරණය

Toyota, ජපානයේ ඉහළම වාහන සන්නම් නාමය, එදා මෙදාතුර පාරිභෝගික හිත් දිනාගනිමින් භාවිතයට ඉතාමත් හොඳ වාහන නිපදවු සමාගමක් මුල් පෙලේ වාහන සමාගම් කිහිපයකම හිමිකාර සමාගම toyota වේ.

Suv platform එකෙන් මදක් ඉවතට පැමිණ Car සහා SUV දෙක අතරට Crossover යන නම එකතුකරමින් දැරිය හැකිමිලකට Car එකක සැපපහසුව හා Suv එකක බලය යන දෙකම පාරිභෝගිකයන්ට ලබාදීමට වාහන සමාගම් පෙළඹිණි. එයින් මේ වන විට ඉතාමත් ජනප්‍රිය වූ TOYOTA C-HR ගැනයි අද කතාව. 2013 දී C-HR PRODUCTION LINE එක පටන්ගෙන 2016 නොවැම්බර්  GENEVA MOTOහිදි C-HR ලොවට එලිදැක්වුණි. C-HR නම පටබැඳුනු ආකාර 3කි.

  • Compact High Rider
  • Cross Hatch Run
  • Coupe High Rider

C-HR එකේ Design එකේ නම් කිසිම අඩුපාඩුවක් නැති තරම්. C-HR එක මුලින්ම දැක්පු වෙලේ මාත් දෙතුන්පාරක්ම බැලුවා මොකක්ද මේ කියලා. ඒතරමටම Aggressive Design එකක් ඒක. අනිත් හොඳම දේ තමයි sequential singal lamps system එක, ගොඩක් අය C-HR එකට කැමති වෙන්න ප්‍රධානම හේතුවක් ඒක. මේකෙ Engine version 2ක් එනවා.

  • 1.2L Turbo - 12KM/L. ( all wheel drive)
  • 1.8L HYBRID - 20KM/L. (front wheel drive )
  • Engine: 1197cc 16v turbo 4-cylinder petrol, 114bhp @ 5200-5600rpm, 136lb ft @ 1500-4000rpm or 1798cc 16v 4-cylinder with electric motor, 120bhp @ 5200rpm total system output.
  • Transmission: Six-speed Intelligent Manual Transmission, front-wheel drive / CVT automatic, front-wheel drive.
  • Performance: 10.9sec 0-62mph, 118mph, 47.9-47.1mpg, 135-136g/km / 11.0sec 0-62mph, 105mph, 74.3-72.4mpg, 86-87g/km CO2.
  • Weight / material:1320-1420kg / steel.
  • Dimensions (length/width/height in mm):4360/1795/1565mm.

මේ modles දෙකම 0-100 accelerate කරන්න ගන්නෙ තත්පර 10ක් වගෙ සුලු කාලයක්. ඇත්තටම crossover එකක් විදිහට මේක සෑහෙන්න powerful (114Hp-120Hp), මේකෙ ride comfort එක කාර් එකකට වඩා ටික්ක් stiff ගතියක් තියෙනවා overall ගත්තම හොඳයි, Cabin එකට පිටත සද්දෙ එන්නෙම නැතිතරම්, Handling /conerring කාර් එකකට වඩා හොඳයි. මේ වාහනෙ කොච්චර sporty විදිහට හදලා තිබ්බත් ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි මේකේ Paddle Shifters එන්නෙ නැ කිසිම grade එකකට, sport experience එක ගන්න පොඩ්ඩක් අමාරුයි ඉතින් ඒක නිසා. හැබැයි 2020 C-HR එකේ නම් PADDLE SHIFT වගේම 2L Engine එකකුත් අපිට බලාගන්න පුලුවන් වෙනවා ටොයෝටා එකෙන් ජනතාවගේ මතයත් පිලිඅරන් ඒ කියන්නෙ.

ලන්කාවෙ වැඩියෙන්ම තියෙන්නෙ 1.2Lඑක තමයි. ලන්කාවෙ ටැක්ස් වල බලපෑම තමයි ඒකට හේතුව. නිපදවන රට Grade එක අනුව additional function විදිහට Adaptive cruise ccontrol, Blind spot monitoring, Rear cross traffic alert, Collision avoidance system, Lane departure warning, Automatic High beam, Air bag 6-10 වැනි දේවල් ලබාගන්න පුලුවන්. මේකට J-NCAP 5 STAR RATING එකක් තියෙනවා.

ලංකාවේ ටැක්ස් එක්ක අද වන විට C-HR 2020 Version එකට කලින් Version එකක් ලක්ශ 60සිට ඉහළට මිලදීගන්න පුලුවන්. ඔය price range එකේ තියෙන හොඳම crossover එකක් තමයි C-HR එක. හැබැයි ජපන් මිලටම ගන්න පුලුවන් GERMAN COROSSOVERS දැන් දැන් ජනප්‍රිය වෙමින් තමයි තියෙන්නෙ. මගේ මතේ නම් German එකකට වඩා මේක හොඳයි කියලා.තවත් පෝස්ට් එකකින් හම්බෙමු.