Loading...
න්‍යෂ්ටික පිපුරුමකින් පවා නොනැසී, හිස නොමැතිවත් සතියක් පමණ ජීවත්වෙන කැරපොත්තන්

ටයිටල් එක දැක්කාම තේරෙන්න ඇතිනේ මොනාගැනද කතාකරන්නේ කියලා. අද අපි කතාකරන්න යන්නේ කැරපොත්තො ගැන. ඔව් ඔව් ඔයාට වගේම තමා මටත් පේන්න බැරි ජාතියක්. කවුරු හරි මගෙන් මං අකමැතිම සත්තු කවුද කියලා ඇහුවොත් මගේ ලිස්ට් එකේ කැරපොත්තා උඩින්ම ඉන්නවා.

කැරපොත්තො ගැන ඔයාලා මොනවද දන්නේ? කැරපොත්තාට ඔලුව නැතුව ජීවත් වෙන්න පුලුවන් ද, විකිරනවලින් පවා නොමැරී ඉන්න පුලුවන් ද, පලිබෝධ නාශක වලට ඔරොත්තු දෙන්න පුලුවන්ද ඉතින් අද අපි හොයලා බලමු ඇයි මේ කැරපොත්තා මරන්න මෙච්චර අමාරු කියලා.


කැරපොතු විශේෂ 4600 කට අධික ප්‍රමාණයක් ලෝකය පුරාවට මේවන විට ජීවත් වන බව අනාවරනය කරගෙන තියෙනවා. මේ අතරින් 99% ක්ම කැරපොතු විශේෂ මියගිය හෝ කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීමට දායක වෙමින් පරසරය තුල වැදගත් කාර්‍යභාරයක් ඉෂ්ට කරනවා. මේ විශේෂ 4600කට අදික ප්‍රමානය අතරින් විශේෂ 30කට ආසන්න ප්‍රමානයක් තමයි මිනිස් වාසස්තාන ආශ්‍රිතව ජීවත් වෙන්න හැඩ ගැහිලා ඉන්නේ. ඔව් ඔව් ඒ 30 තමා කරදරකාරයෝ සෙට් එක.

මේ  විශේෂ අතරිනුත් ලෝකය පුරාවට නිවෙස් ආශ්‍රිතව සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා ඉන්න කැරපොතු විශේෂ විදියට Brown banded cockroach, German cockroach, සහ American cockroach යන විශේෂ හඳුනා ගන්න පුළුවන්. මෙයින් German cockroach, සහ American cockroach යන විශේෂ ශ්‍රීලංකාව තුලදී අපිට බහුලව දැක ගන්න පුලුවන්.

source: businessinsider.nl

කැරපොත්තො ගැන පොඩි විස්තරයක් දැනගත්තානේ එහෙනම් දැං යමු අපි අපේ මාතෘකාවට ඇයි කැරපොත්තෝ මරන්න මෙච්චර අමාරු?

මේ කැරපොත්තන්ට පරිසරයේ නොනැසී ජීවත් වීමට ඔව්න්ගේ ආහාර රටාව,ශරීර හැඩගැසීම, ප්‍රතිශක්තීකරන පද්ධතිය හා ප්‍රජනන ක්‍රියාවලිය විශාල දායකත්වයක් ලබාදෙනවා.ඉතින් අපි ඒ ගැන විස්තරාත්මකව හොයාලා බලමු.

ආහාර රටාව

කැරපොත්තොන්ට ඕනෙම දෙයක් ආහාරයට ගන්න පුලුවන් කිව්වත් වරදක් නෑ මොකද මොකද මොවුන්ගේ ආහාර ජීරන පද්ධතිය බහුතරය්ක් කාබනික ද්‍රව්‍ය ජීරනය කරන්න පුලුවන් විදියට තමා හැඩ ගැහිලා තියෙන්නේ. උදාහරණ විදියට හිසකෙස්,නියපොතු,මියගිය සම,කාඩ්බෝඩ් වගේ දේවල් පවා ආහාරයට ගෙන පෝෂන අවශ්‍යතා සපුරාගෙන ඕනෑම පෝෂන ඌන පරිසර පද්ධතියකට හැඩ ගැහෙන්න මොවුන්ට පුලුවන්.

ඒ වගේම German cockroach, සහ American cockroach යන විශේෂ ඔව්න්ගේම මල ද්‍රව්‍ය,වමනය සහ මියයමින් සිටින හෝ මියගිය ජනපදවාසීන්ව පවා ආහාරයට ගෙන හදිසි අවස්තා වලදී ඔවුන්ගේ පෝෂන අවශ්‍යතා සපුරාගන්නා බව වාර්තා වෙනවා. මේ දේවල් එක්ක කියන්න තියෙන්නේ ඉතින් ආහාර හිගයකින් නම් කැරපොත්තො ලේසියකට මැරෙන්නේ නෑ.

source: shutterstock.com

ශරීර හැඩගැසීම

හිසෙහි පිහිටා ඇති ඇන්ටනා යුගලය මොවුන්ගේ පැවැත්මට විශාල කාර්‍යක් ඉටු කරනවා.කැරපොත්තන් ආහාර සොයා ගැනීමට සහ ඔවුන් ඉදිරිපිට ඇති ඕනෑම බාධකයක දුර සහ උස තක්සේරු කිරීමට ඔවුන්ගේ ඇන්ටෙනාව භාවිතා කරනවා. එමෙන්ම ඔවුන්ට සහකරුවන් සොයා ගැනීමට හැකි වන පරිදි ෆෙරමෝන හඳුනා ගැනීමටද,කම්පන දැනීමට, ගන්ධ හදුනා ගැනීමට, වායු තෙතමනය හඳුනා ගැනීමට,උෂ්නත්වය හදුනා ගැනීමට සහ වායුගෝලීය පීඩන වෙනස්කම් දැනීමට මේ ඇන්ටනා යුගලය දායක වෙනවා.තවද පෙනීම අහිමිවූ කැරපොත්තෙකුට තම ඇන්ටනා භාවිතාකරමින් ඉතා හොදින් සංචරනය කිරීමටද හැකියාව පවතිනවා.

source: wunc.org

සාමානයෙන් ඇමරිකානු කැරපොත්තෙකුට තම ශරීර ප්‍රමාණයෙක් 1/4 වැනි කුඩා ඉඩකඩක පවා සැගවීමේ හැකියාව තියෙනවා. ඒවගේම කැරපොත්තකුට තත්පරයකට ඔවුන්ගේ සිරුරේ දිග මෙන් 50 ගුණයක් වේගයක් ලබාගන්න පුලුවන්කම තියෙනවා(3mph).එය මිනිසෙකු 210mph වේගයෙන් ගමන් කිරීමක් හා සමානයි. ඒ වගේම මේ කැරපොත්තන්ට  තම බර මෙන් 300 සිට 900 ගුණයක් දක්වා වූ බරක් පවා ශරීරයෙන් දරා සිරීමට පුලුවන්කම ලැබෙනවා.

කැරපොත්තෙකුහට තම හිස නොමැතිව සතියක පමන කාලයක් ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවා කියලා ඔයාල දැනන් හිටියද? දැං ඔයාලට ප්‍රශ්න දෙකක් එයි පලවෙනි එක ඔලුව නැතුව කොහොමද හුස්ම ගන්නේ? ඊලග එක ඔලුව ගැලවුනාම ලේ යන්නේ නැද්ද?

පලවෙනි එකට උත්තරේ කැරපොත්තන්ගේ ශරීරය පුරාවට spiracles ලෙස හදුන්වන කුඩා සිදුරු විශේෂයක් තියෙනවා. ඒ සිදුරු තුලින් තමයි ඔව්න් තම ස්වසන ක්‍රියාවල සිදුකරන්නේ සහ එම ස්වසන ක්‍රියාවලිය සිදුවෙන්නේ මොලයේ සම්බදතාවයක් නොමැතිව ස්නායු පද්ධතිය හරහා.ඒ නිසා කැරපොත්තෙකුට ඔලුව නැති උනා කියලා හුස්ම ගන්න එක ප්‍රශ්නයක් නැහැ.

source: rajusbiology.com


දෙවෙනි එකට උත්තරේ කැරපොත්තන්ගේ  රුධිර පීඩනයෙහි පහත වැටීම් සහ පාලනය කළ නොහැකි රුධිර වහනය වැළැක්වීම සඳහා ඔවුන්ගේ රුධිර සංසරණ පද්දතිය ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා හිස වෙන්වීමෙන් පස්සේ රුධිර වහනයක් වෙන්නේ නෑ. හිස වෙන්වූ පසු එම ස්තානය සිවියකින් වැහිලා යනවා හරියට තුවාලයක් හොද වෙනවා වගේ. හිස අහිමි වූ කැරපොත්තෙකුගේ මරනයට මූලික හේතු වන්නේ විජලනය හා ආහාර නොමැති වීමයි .ඒවගේම මොව්න්ට හිස හැර ශරීරයෙන් වෙන්වූ පාද වැනි කොටස් නැවත වර් ධනය කර ගැනීමේ හැකියාවක්ද පවතිනවා.

ප්‍රතිශක්තීකරන පද්ධතිය හා ප්‍රජනන ක්‍රියාවලිය

කැරපොත්තන්ගේ ප්‍රතිශක්තීකරන මට්ටම ඉතාම ඉහල මට්ටමක තිබෙනවා.බොහො සතුන්ට විෂ වන සමහර ද්‍රව්‍ය /ආහාර කැරපොත්තන්ට විශ වන්නේ නැහැ.එසේ ප්‍රතිරෝධය දැක්වීමට මොව්න්ගේ ඉහල ප්‍රතිශක්තීකරන පද්ධතිය හා ක්ෂුද ජීවීන් සදහා ඔරොත්තු දිය හැකි ලෙස සැකසී ඇති ආහාර ජීරණ පද්ධතිය හේතු වෙනවා. ඒවගේම කැරපොත්තන්ට කෘමිනාශක/රසායනික ද්‍රවය වලට ජානමය වෙනස්වීම මගින් ප්‍රතිරෝධය ඇති කරගැනීමටද හැකියාව පවතිනවා. එමෙන්ම මොව්න්ගේ වේගවත් ප්‍රජනන ක්‍රියාවලිය හේතුවෙන් ඉතා ඉක්මනින් පලිබෝදක වලට ප්‍රතිරෝධය දක්වන නව ජනිතයින් බිහි කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

කැරපොත්තන්ට න්‍යෂ්ටික පිපුරුමකින් පවා නොනැසී ජීවත් විය හැකිද?

මේක කැරපොත්තන් ගැන තියෙන තවත් එක මිත්‍යාවක්.න්‍යෂ්ටික පිපුරුමක් ආසන්නේ ඉන්න කැරපොත්තන්ට ඉන් ගැලවෙන්න කිසිම අවස්තාවක් නැහැ. සාමන්යෙන් කැරපොත්තෙකුගේ විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව මිනිසෙකුගේ ඔරොත්තු දීමේ හැකියාවට  වඩා වැඩි උනත් එය න්‍යෂ්ටික පිපුරුමකින් ආරක්ෂාවීමට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. පිරුමට සැලකිය යුතු දුරකින් ඉන්න කැරපොත්තන්ට ඉන් ආරක්ශා වීමට හැකියාව ලැබුනත් නිරන්තරයෙන් විකිරණ වලට නිරාවරණය වීමෙන් ඔව්න්ගේ ආයුකාලය අඩු වෙන පුලුවන්

කැරපොත්තන් හට ලිංගික ප්‍රජනනය මගින් වර්ගයා බෝ කරන අතර ආයුකාල දින 100ක් පමන වෙනවා. සමහර කැරපොතු විශේෂ වලට (American cockroach) ලිංගික හා අලිංගික යන ප්‍රජනන ක්‍රම දෙක මගින්ම වර්ගයා බෝකල හැකි අතර මෙම අලිංගික ප්‍රජනන ක්‍රමය Parthenogenesis ලෙස හදුන්වනවා. (Parthenogenesis යනු ශුක්‍රාණුවකින් සංසේචනය නොවී බිත්තරයක් කලලයක් දක්වා වර්ධනය විය හැකි ප්‍රජනන ආකාරයකි.)

source: scitechdaily.com

එනම් මේ ගැහැනු කැරපොත්තන් හට පිරිමි කැරපොත්තෙකු නොමැතිව පවා ජනිතයින් බිහිකිරීමට හැකියාව පවතිනවා. ඉතින් කැරපොත්තන්ට පරිසරයේ නොනැසී ඉන්න මේ අලිංගිකව වර්ගයා බෝරීමේ කැකියාවත් එක් හේතුවක්.


ඔන්න එහෙනම් අද අපි කැරපොත්තො මරන්න මෙච්චර අමාරු ඇයි කියන එක ගැන ගොඩක් දේවල් කතාකරා. අදින් පස්සේ කැරපොත්තෙක් දැක්කොත් මේ ලිපියේ තිබ්බ දේවල් ඔයාලට මතක් වේවි. එහෙනම් මේ වගේ වෙනස් මාතෘකාවක් එක්ක ආපහු හම්බෙමු.