Loading...
Marketing වලට Benchmark scores රවටා හසු වූ ලොව ප්‍රධාන පෙලේ ජංගම දුරකතන නිෂ්පාදකයෝ

Huawei

Benchmark cheating කිව්වම කට්ටියටම මතක් වෙන්නෙ Huawei එක, Huawei p20 pro, Huawei p20, Huawei Nova 3, Honor play කියන device මේ විදිහට Underwriters Laboratories (පහසුව සඳහා ඉදිරියේදි ලිපිය තුල UL ලෙස භාවිතා වේ) ලගෙ 3Dmark benchmark cheat කරලා 3Dmark list එකෙන් අයින් කරලා තිබුනා. මේකට Huawei එකෙන් ප්‍රකාශයක් නිකුත් කරලා කියලා තිබුනෙ Huawei වල තියෙන Ai එකෙන් performance optimize කරන නිසා Score එක වැඩි වෙනවා කියලා.‌‌

හැබැයි UL ලා benchmark cheat කරා කියලා හොයා ගත්තෙ උඩ කිව්ව device වල වෙනස් benchmark test දෙකක් run කරලා. පලවෙනි එක public available 3Dmark benchmark, දෙවෙනි එක මේකට සර්ව සම ඒත් 3Dmark වල private version එකක්. මේ test දෙකේදි benchmark score දෙකක් ආවෙ.‌‌

UL එකෙන් කිව්⁣වෙ මේකට හේතුව Huawei ලාගෙ හංගපු performance mode එක benchmark test වලට artificial score එකක් එකතු කරන නිසා කියලා. Huawei එක මේකට උත්තර විදියට EMUI 9.0 එක හරහා userට performance mode එකට access කරන්න දෙනවා කියල කිව්වා. ඒකෙන් userට කොයි වෙලාවෙද device එකේ Maximum power එක පාවිච්චි කරන්න ඕනෙ කියලා තීරණය කරන්න පුලුවන්. කොහොම උනත් Huawei කියන්නෙ benchmark cheat කරපු පලවෙනි හෝ එකම company එක නෙමේ.

Source: Theverge

Samsung

2013 අවුරුද්දේදි Samsung සමාගම benchmark cheat කරලා අහු උනා. Real world එකට වඩා වැඩි Score එකක් CPU, GPU benchmark app වලදි පෙන්නලා. ඒ Samsung S4 device වල. මේක නිසා Samsung එකට අවුරුදු තුනක් යනකම් benchmark co.de පාවිච්චි කරන්න බැරි වුනා. ඒවගේම S4 userලට $10ක් ගෙවන්නත් එකඟ උනා.

Source: Android authority

Mediatek

ඊලඟට Benchmark cheating කිව්වම මතක් වෙන නමක් තියෙනවා ඒ තමයි Mediatek, මේක එලියට ආවෙ Mediatek helio p95 වලින් බලගැන්වෙන Oppo reno 3pro එක Mediatek ලගෙ අලුත්ම හොදම Dimensity 1000L එකෙන් බලගැන්වෙන reno 3 වලට වඩා perform කරපු නිසා. Mediatek වලත් හංගපු Sports Mode එකක් නිසා Huawei වල වගේම artificial score එකක් මේ benchmark වලට එකතු කරලා තිබුනා. Mediatek එකෙන් මේකට උත්තර දුන්නෙත් Huawei එක වගේම තමයි.

කෝම උනත් Mediatek වල cheat කරපු එකම device එක Oppo reno 3 විතරක් නෙමේ. ඊට කලින් 2017දි ආපු Helio p20 වලින් බලගැන්වෙන Sony XA1 එකෙත් මේ විදිහටම කරලා කියලා හොයා ගත්තා.‌‌ ඊට අමතරව MediaTek Helio G90, MediaTek Helio G70, MediaTek Helio P95, MediaTek Helio P90, MediaTek Helio P65, MediaTek Helio P60, MediaTek Helio P20, MediaTek Helio A22 කියන chipset වලින් බලගැන්වෙන Brand 25ක විතර device 50කට වැඩි ප්‍රමාණයකට මේ ගැටලුව තියෙනවා. මේකට Xiaomi Redmi Note 8 Pro, Oppo F15, Vivo Y19, සහ Realme 6 කියන deviceද ඇතුලත්.

Source: Anandtech

මීට අමතරව OnePlus 3, OnePlus 3T, OnePlus 5, Xiaomi Mi 8, LG G2, Meizu pro 6,Asus PadFone Infinity, Samsung galaxy note 3, hTC one, hTC one mini, hTC U12 plus මේ විදිහට benchmark cheat කරපු device වලින් ටිකක්.

Source: XDA developers, Android authority, Apple insider

හැම සමාගමක්ම වගෙ benchmark cheat කරලා තියෙනවා. ඒත් තාමත් කිසිම iPhone එකක් හෝ Motorola device එකක් හෝ Pixel device එකක් benchmark cheat කරලා අහුවෙලා නෑ.