Loading...
Google Bard භාවිතා කර නොමිලේම AI Images Generate කරගමු

AI එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය යොදාගෙන පසුගිය අවුරුදු කිහිපය තුළ ලෝකයට බොහෝ මෙවලම් හඳුන්වාදෙනු ලැබුවා. Google Bard කියන්නෙත් අන්න ඒවගේ AI යොදාගෙන කරපු දෙයක්. මේවා ගැන ඉතින් මම අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනේ.

අද අපි කතා කරන්න යන්නේ Google Bard භාවිතා කරලා ලේසියෙන් නොමිලේම AI Images Generate කරගන්නේ කොහොමද කියලා. ChatGPT වලත් මේ පහසුකම තිබුණත් මේක ඒකේ Premium Version එකේ තියෙන හින්දා ඒකට Google සමාගමෙන් Free දෙන මේ Tool එක ගොඩක් හොඳ අභියෝගයක් වෙයි.


Google සමාගම එයාලගේ Imagen 2 කියන Model එක Bard වෙතට Integrate කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම Imagen 2 Model එකෙන් හදා ගන්න Images Google ලගේම ImageFX කියන Tool එකෙන් අපිට ඕන විදියට Customize කරගන්න පුළුවන්.

මුලින්ම bard.google.com වෙතට ගිහිල්ලා ඔයාගේ Google Account එකෙන් Sign in වෙන්න.

දැන් එතන යටම තියෙන Text Field එකේ "create an image of …” කියලා හරි “generate an image of …” කියලා හරි පටන් ගෙන ඔයාට අවශ්‍ය Image එක ගැන හොඳ විස්තරයක් ලබා දෙන්න. (දැනට මේ Tool එක Support කරන්නේ English විතරයි)

තත්පර කිහිපයක් ගියාට පස්සේ ඔයාට Images 2ක් හෝ 4ක් ලැබෙයි. ඔයාට තවත් Images ඕන නම් Generate More Click කරලා ලබාගන්න පුළුවන්.

දැනට ඔයාට මේකෙන් Download කරගන්න පුලූවන් වෙන්නේ 512 x 512 Resolution එකෙන් තියෙන .jpg file එකක් විතරයි. ඒත් ඔයාට මේක මන් කලින් කිව්වා වගේ Google ImageFX tool එක භාවිතා කරලා ඔයාට කැමති Resolution එකකට Upscale කරගන්න පුළුවන්.

google imageFX AI tool

ඒත් තවම මේ ImageFX Tool එක පරීක්ෂණ මට්ටමේ පවතින නිසා මේක භාවිතා කරන්න පුළුවන් වෙන්නෙ US Region එකේ විතරයි. ඒ කොහොම උනත්;

  • Image Scaler by Stability AI
  • SuperImage
  • Upscayl
  • Remini
  • Upscale.media
  • Gigapixel AI
  • Let’s Enhance
  • Img Upscaler

වගේ Tools භාවිතා කරලා මේ Images Upscale කරගන්න පුළුවන්.


හරි අපි හිහනවා අදත් ඔයා දැනගෙන හිටපු නැති අලුත් හ්ඩෙයක් ඉගෙන ගන්න ඇතියි කියලා. තවහ් මේ වගේ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් දැනගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රදී සිටින්න.