ගිය ටිකෙ බහුලවම ඇහුන නම් ටිකක් තමා බැලස්ටික මිසයිල (Ballistic missile) සහ ගයිඩඩ් කෲස් මිසයිල (guided cruise missile) කියන ටික හැබැයි මේ මොන වගෙ ආයුධ ද කියල ඔයාලා දන්නවද ?
මෙහෙම අහපු ගමන් ඔයාලගෙ සරල උත්තරේ වෙන්නෙ මෙ දෙකම මිසයිල කියන එකනෙ. හැබැයි ඇත්තටම මේ මිසයිල කියන නම ඇතුලෙ ඔයාලා හිතනවට එහා ගිය තාක්ෂණයක් හා විනාශකාරි බවක් තියෙනවා. අද කියලා දෙන්නම් ඒක ගැන.
හරි එහෙනන් මුලින්ම බලමු ballistic missile ගැන එහෙමත් නැතිනම් ඔයාලා හැමෝම දන්න Intercontinental Ballistic Missiles (ICBMs) ගැන.
Ballistic missile එකක් කියන්නෙ මොකක්ද?
ඇත්තටම ballistic missile එකක් කියන්නෙ Rocket propelled මගින් පණගන්වන හා පෙර සකසන ලද ටාගට් එකකට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කරන මිසය්ල් වරගයක්. මේවා වලින් කිලොමිටර් සියගානක ඉඳන් කිලෝමිටර් දාස් ගානක් දුර තියෙන ඉලක්කයකට උනත් පහර දෙන්ඩ පුළුවන්.
උදහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්ඩකො ඇමෙරිකාවට ඕනා රුසියාවෙ මොස්කවු වලට පහර දෙන්ඩ හැබැය් මෙ වැඩෙ කුඩ පරිමානයෙ මිසය්ලකින් කරන්ඩ හිතන් ඉන්නවනම් ඇමෙරිකාව රුසියාවෙ දේශ සීමා ඇතුලට රින්ගන්ඩ ඕනා. හැබැය් මෙ විදිහට රින්ගනවා කියන්නෙ රුසියාව දැනගන්නවා ඇමෙරිකාව අපෙ සිමාවලට ඇතුලුවෙලය් තියෙන්නෙ කියලා. ඒත් ඒක්කම රුසියානු Air defence වලින් ඇමෙරිකානු යානය බිම හෙලනවා. එතකොට මෙහෙයුම අසාර්ථකයි නේද ? මෙන්න මෙතනදි උදව්වට එනවා Ballistic missile කියන එක.
ගොඩක් අය හිතන් ඉන්නෙ මෙ කියන Ballistic missile වල රැගෙන යන්නෙ Nuclear warhead විතරය් කියලා ඒත් ඇත්තටම මේ Ballistic missile වල conventional explosives , chemical , biological වගෙ ඒවා උනත් රැගෙන යන්ඩ පුළුවන්. දැන් ඔයාලා කල්පනා කරන ඇති මොනවද මෙ කියපු අමුතු ද්‍රවය ටික කියලා.
එ ටික මම මෙහෙම පැහැදිලි කරන්නම්.
conventional explosives කියන්නෙ TNT, RDX, Ammonium Nitrate, හෝ වෙනත් අධි පුපුරන ද්‍රවය එකතු කිරීමෙන් ඈති කරනා පිපිරීම් වලටය්. හැබැය් මෙකෙනුත් ඔයාලා TNT ගැනය් Ammonium Nitrate ගැනය් අහලා තියෙනවනෙ ඒත් මොනවද මෙ RDX කියන්නෙ. ඇත්තටම RDX කියන්නෙ Royal Demolition eXplosive කියන එකය් අනික මේක TNT වලට වඩා ආසන්න වශයෙන් දෙගුනයක් විතර බලවත්. හැබැය් මේ දෙකටම වඩා බලවත් HMX මේවා ගැන මම වෙනම වෙලාවක සම්පූර්ණම කියලා දෙන්නම් දැනට මෙ ටික ඔලුවට දාගන්ඩ.
(මෙ chemical , biological ගැනය් මම වෙනම ආටිකල් එකකින් පැහැදිලි කරන්නම්)
මෙ ballistic massage වල ගමන් මාර්ගය වැටෙන්නෙ බොහො වෙලාවට 360km සිට ඉහලට මෙ විදිහට මෙයාලා ඉහල ගමන් මාරගයක් හැමතිස්සෙම ලබාගන්නෙ ඉහලට යන්ඩ යන්ඩ වායූගෝලය තුනිවන නිසා අඩු බලයකින් වැඩි වේගයක්, වැඩි දුරක් ගමන් කිරිමෙ හා ඔවුන්ගෙ ටාගට් රේන්ජ් එක පුලුල් කර ගැනීම සඳහාය්.
දැන් ඔයාලා කල්පනා කරනවා ඇති රෙඩාර් සිස්ටම් එකකින් මේකක් ඩිටෙක්ට් කරගෙන මේක විනාශ කරලා දාන්ඩ බැරිද කියලා. අපො පුළුවන් මේක පොළවට එන්ඩ කලින් අහසෙදිම විනාශ කරලා දාන්ඩ පුළුවන්. උදා හරනයක් විදිහට ඔයා හිතන්ඩකො ඇමෙරිකාවෙන් රුසියාවට ICBM එකක් දියත් කරා කියලා එතකොට මේක අනිවාර්යයෙන් එන්ඩ ඕනෙ මුහුද හරහනෙ එතකොට මුහුද මැද අපිට ගොඩබිම වගෙ ගිහින් රෙඩාර් මධයස්තාන පිහිටවන්ඩ බෑනෙ ඒක නිසා අපි මේකට පාවිච්චි කරනවා නැවු අපි මේවට ක්ෂේත්‍රයේදී කියනවා SEA - BASED RADAR AND INTERCEPTOR කියලා මීට අමතරව LAND - BASED RADAR අපි හිතමු මොනම යම් හො අකාරයකින් මෙ දෙකෙන්ම මේක ඩිටෙක්ට් කරාගත්තෙ නැහැ කියලා එතකොට මොකද කරන්නෙ. මෙන්න මෙතනදි අපිට උදව්වට එනවා පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති චන්ද්‍රිකා අපි මේවට කියනවා SATELLITE - BASED SENSOR කියලා. මෙ තුනෙන්ම අරගන්න ඩේටා යවනවා ගොඩබිම තියෙන COMMAND CENTER එකට මෙතනින් මේ ඩේටා එකිනෙක ඇනලය්ස් කරලා මිසය්ල් එකෙ පාත් එක මිසය්ල් එකෙ ටාගට් එක මිසය්ල් එකෙ වර්ගය Interceptor missile එක කොතෙන්ටද ගහන්ඩ ඕනෙ කියලා තීරණය කරලා මේවා යවනවා LAND AND SED RADAR D INTERCEPTORS කියන තැනට මෙතනින් තමා මෙ ලැබෙන ඩේටා අනුව මෙ එන සතුරු මිසය්ලය බිම දාන්ඩ Interceptor missile එක නිකුත් කරන්නෙ.(මේවා මම සම්පූර්ණම පැහැදිලි කරා Irone dome Article එකෙදිත්.) මෙ කියපු ක්‍රමය තමා මෙ වගෙ වෙන හැම තැනම පාවිච්චි වෙන්නෙ ඒක මුලු ලෝකෙටම පොදුය්.
හැබැය් guided cruise missile කියන්නෙ ballistic massage වලට වඩා ටිකක් වෙනස්ම පැත්තක්. මම එහෙම කිව්වෙ මේවා ballistic missile වගෙ නෙමෙ බොහො දුරට ගමන් කරන්නෙ ගොඩක් පහතින් එවගෙම මේවා වේගෙන් හෝ හෙමීට යන ක්‍රම දෙකෙන්ම ගමන් කරනවා. මේවා මෙහෙම ගමන් කරන්නෙ Radar සහා interceptors මගහරින්ඩය්. මේ කෲස් මිසයිල බොහෝ විට බැලස්ටික් මිසයිලවලට වඩා කුඩා පුපුරණ ද්‍රව්‍යයකින් සමන්විතවනවා. මේ කෲස් මිසය්ල් එකක දැනට පවතින උපරිම Payload එක වන්නෙ ටොන් එකහමාරක් (1500kg). හැබැය් ballistic missile වල මෙ වගෙ දෙගුනෙකට ආසන්න Payload එකක් රැගෙන යන්ඩ පුළුවන්.
මේ කෲස් මිසය්ල් වල කුඩා Payload එකක් රැගෙන යන්ඩ හේතු කිහිපයක් තියෙනවා. ඒතමා මේවා කුඩා කාලෙකදි අධික වේගයක් ලබා ගන්නට ඕනා ඉතින් මෙ අධික බර මේකට විශාල බාදාවක්. එවගෙම මේ මිසය්ල් වලට පුළුවන් Radar සහා interceptors වලට අහුනොවි maneuvers කරමින් මෙ අවධානම් මගහරිමින් ගමන් කරන්ඩ ඉතින් මෙකෙ අධික බරක් තිබුනොත් මෙ ක්‍රියාවලිය මේකට හරියට කරාගන්ඩ බැරිවෙනවා.
එවගේම තමා මෙ කෲස් මිසය්ල් වල සය්ස් එක දැනට තියෙන විශාලතම කෲස් මිසය්ල් එක වන ඉන්දියාව හා රුසියාව එක්ව නිපදවන BrahMos එකෙ දිග ප්‍රමානය වන්නෙත් 8.4m එහෙමත් නැතිනම් අඩි 28ක්. හැබැය් දැනට තියෙන විශාලතම ballistic missile එක වන උතුරු කොරියානු Hwasong-17 එකෙ උස 26m එහෙමත් නැතිනම් අඩි 85ක් වෙනවා.එවගේම මේවල ටාගට් එක ballistic missile වගෙ නෙමෙ ඔනැම අවස්තාවක තමුන්ට අවශය වෙනත් ටාගට් එකක් සිලෙක්ට් කරලා පහර දෙන්ඩ පුළුවන්.
අනික කෲස් මිසය්ල් එක පහරදීලා බිම දාන්ඩ ඉතාමත්ම අමාරුය් මොකද මේවා ෆ්ලය් කරන්නෙ රේඩාර් වලට ඩිටෙක්ට් නොවෙන බිම් මට්ටමේ එවගේම මේවට රේඩාර් ඩිටෙක්ටින් සෝන් වලට අහු නොවි maneuvers කරමින් ගමන් කරන්ඩ පුළුවන්.අනික Russian missile නම් ගොඩක් දුරට රේඩාර් වලට ඩිටෙක්ට් වෙනවා අඩුය්, ඩිටෙක්ට් උනත් මේවා Interceptors ගහලා බිම දාන්ඩ අමාරුය් මොකද රෙඩාර් එකෙන් ඩිටෙක්ට් කරාගෙන Interceptor එක ගහද්දි මේක එ අවධානම් කලාපය පහු කරලා ගිහින් අවශය ටාගට් එක ඩෙස්ට්‍රෝය් කරලා ඉවර නිසා.
දැන් ඔයාලට තෙරෙනවා නේද මෙ දෙකෙ වෙනස මීට අමතරව දුර තියෙන ටාගට් එකකට ලොකු ඇකියුරසි එකකින් පහර දීම සඳහා Smart bomb,Torpedo,multi bearel rocket launcher වගෙ ඒව සහා ප්‍රධාන වශයෙන් බූමියම ඉලක්ක.කරගෙන පහර දීම සඳහා SURFACE - TO - SURFACE MISSILES භාවිතා කරනවා. උදා හරණ වශයෙන්....
- Battlefield range missile ( BRBM ) : කිලෝමිටර් 200කට අඩු රේන්ජ් එකක් සඳහා.
- Tactical missile ( TAC ) : කිලොමිටර් 150-300ත් අතර රේන්ජ් එකක් සඳහා.
- Short Range missile ( SRBM ) : කිලොමිටර් 1,000කට නොවැඩි රෙන්ජ් එකක් සඳහා.
- Intermediate Range missile ( IRBM ) : කිලොමිටර් 4000කට නොවැඩි රෙන්ජ් එකක් සඳහා.
- Long Range missile ( LRBM ) : කිලොමිටර් 5500කට නොවැඩි රේන්ජ් එකක් සඳහා.
- Intercontinental missile ( ICBM ) : කිලෝමිටර් 5,500යෙ සිට ඉහලට.
එවගෙම දැනට සම්පුර්ණම ඩිවලොප් කර අවසන් ලොව පවතින පවර්ෆුල්ම ICBM එක ලෙස සැලකෙන්නෙ චීනය විසින් නිපදවපු DF-41 ICBM එකය්. එ වගෙම ලොව වේගවත්ම ICBM එක ලෙස සැලකෙන්නෙ Russian R-36M (SS-18) Satan ICBM එකය්.එ වගෙම මෙ කියපු මිසය්ල් වර්ග ගුවනෙ මුහුදෙ හා අහසෙ සිට යන ඔනැම අකාරයකින් නිකුත් කරන්ඩ පුළුවන්. ඉතින් මම හිතනවා මිසය්ල වර්ග ගැන ඔයාලට යම් අවබොදයක් එන්ඩ ඇති කියලා.ආටිකල් එක ටිකක් දිග උනෙ ඔයාලට මේක. තේරෙන විදිහට උපරිම සරලව පැහැදිලි කරලා දීපු නිසා. එහෙන අලුත් ආටිකල් එකකින් හමුවෙනකන් මම ගියා 🤗