Loading...
Phone එකෙන්  Cryptocurrency mine කරන්නෙ කොහොමද?

හැමෝම වගේ දන්නවා නේ Cryptocurrency ගැන , වටිනා කම සහ ඒ කියන්නෙ මොනව ද කියලා. ඉතිං අපි බලමු Phone එකෙන්ම මේවා Mine කරගන්න පුළුවන්ද කියලා.

ඉස්සෙල්ලම කියන්නොන Google Play ඒකේ කිසිම Cryptocurrency mining App එකක් නෑ කියලා සේරම Ban කරලා තියෙන්නෙ.

Cryptocurrency කිහිපයක්ම තියෙනවා අපි බලමු ඒයින් කිහිපයක් ගැන Bitcoin, Ethereum , Litecoin සහ  Dogecoin තමා ටිකක් ප්‍රසිද්දම.

දැං කල්පනා කරනවා ඇති නේ කොහොමද වැඩේ කරන්නෙ කියලා හරියට, ගොඩ දෙනෙක් මයින් කරන්නෙ Custom Built Rig වලිං නැත්තම් හොද GPU තියෙන ඒවායෙන්, තමන්ගේ පරන Android Phone  එක ප්‍රයෝජනයට ගන්න හිතෙනවා නම් Try කරලා බලන්න. දැනට use කරන Smart Phone එකෙන් කරන්න යනවා නම් ඒක  Recommend කරන්න බෑ. Android වලට තියෙන Cryptocurrency Apps වලින් generate කරන්නෙ Bitcoin, Litecoin, සහ  Ethereum විතරයි Background  එකේ. අනික පටං ගත්ත ගමන් එක රැයකින් සල්ලි කාරයෙක් වෙන්නත් බෑ.

කොහොමද Cryptocurrency වලිං සල්ලි හොයන්නෙ

කියන්න තියෙන්නෙ සෑහෙන කාලයක් යයි කියලා තමා හොද ගානක් mine කරගන්න. අපි මේවායේ වටිනා කම ගැන බැලුවොත් එක බිට්කොයින් එහෙකට $9,165.00 වගේ වටිනාකමක් තියෙනවා. Phone එහෙකින් කරනවා නම් මාස ගානක් යයි ඉතිං ඒත් උත්සහ කරලා බලන්න පුළුවන් කැමති නම්.

මෙතන Hash rate එකක් තියෙනවා ඒ තමයි Device එහෙකට cryptographic puzzle එකක් Complete කරන්න පුළුවන් Speed එක .සාමාන්‍යයෙන් සෑහෙන පවර්ෆුල් GPU එකක් වෙන NVIDIA GTX 1080 Ti එහෙකට Generate කරන්න පුළුවන් $0.01615 වගේ ගානක් තමා 980 MH/s (980 Million hashes per second) hash rate එහෙකින් මාසෙකට. පල්ලෙහා තියෙනවා Android Phones කිහිපයක Hash Rates.

ඕක දැක්කම තේරෙනවා නේ අපි ලග ලාච්චුවේ දාලා තියෙන පරන Smart Phone එකෙන් mine කරන්න කොච්චර කාලයක් යයිද කියලා.

Cryptocurrency mining pools

Cryptocurrency mining pools කියන්නෙ  කණ්ඩායමක් විසිං servers  host කරගෙන තම තමන්ගෙ සම්පත් බෙදාගෙන Transactions  Crack කරන එකටයි. මෙතනදි හැම කෙනාටම සාදාරන ගානක් හම්බ වෙනව තමන් දායක වුනු Processing Power එකට අනුව.

Android වල තියෙන සමහර Crypto mining apps අපිට pool එහෙකට join වෙන්න කියනවා ඒ හින්දා අපි ඒ ගැනත් බලමු. මං පල්ලෙහා දාන්නම් අඩු ගානකින් සහ ලේසියෙන්ම sign-up වෙන්න පුළුවන් pools ටිකක්.

  • Slush Pool
  • AntPool
  • BTC.com
  • Kano CKPool
  • F2Pool

Pool එකක් තෝරගනිද්දි ඒකේ size එකත් පොඩ්ඩක් බලන්න වෙනවා මොකද ඒක අනුව තමා අපිට නිතරම ගෙවීම් ලැබෙන්නෙ ලොකු pools වල නිතරම වගේ payments සිද්ද වෙනවා.

Mining apps

  1. MinerGate Mobile Miner
  2. Crypto Miner
  3. NeoNeonMiner
  4. AA Miner
  5. Pocket Miner

මෙකේ පොඩි විශේෂත්වයය් තියෙනවා ඔයා නිතරම  Cryptocurrency switch කරන කෙන්කෙ නෙමේ නම් Pocket Miner තමා ඔයාට ගැලපෙනම App එක මොකද ඒක එක Cryptocurrency එකයි සපොර්ට් කරන්නෙ.

දැන ගැනීම පිනිස පමණයි. මේවා අතහදා බැලීමෙන් හෝ සිදු කිරීමෙන් ඔබගේ දත්තව වලට හෝ ජංගම දුරකථන වලට්ස් සිදුවන කිසිඳු ආකාරයේ හානියකට Android වැඩකාරයෝ විසින් වග කියනු නොලැබේ.