මිලියන 440ක යුරෝපානුවන්ට ගෑස් සපයන රුසියාවේ Nord Stream ගෑස් නළ මාර්ග​ය

Nord stream කියන්නෙ මොකක්ද කියලා දන්නවද? Nord stream කියන්නේ රුසියාවේ සිට යුරෝපය දක්වා ගෑස් සැපයීම සඳහා භාවිතා කරන ගෑස් Pipeline එකක්. මුළු යුරෝපයේම වෙසෙන මිලියන 440.8ක් වු ජනතාවගෙ ගෑස් අවශ්‍යතාවයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් සපයන්නෙ මේ Nord stream කියන Pipeline එක හරහා තමයි.

මෙතනදි ගෑස් line දෙකක් තියෙනවා, ඒ දෙකම 1,222 km දිගකින් යුක්ත වන අතර මෙහි පළවෙනි line එක Nord stream 1 නමින් 2011 නොවැම්බර් 08 වෙනිදා වැඩ පටන්ගත් අතර දෙවෙනි line එක Nord Stream 2 නමින් 2012 ඔක්තෝබර් 08 වෙනිදා වැඩ පටන් ගත්තා. දැන් gas leak වෙනවා කියලා කියන්නේ මේ 2011දි පටන් ගත්ත Nord stream 01 කියන line එකේ.

Nord Stream 1 සහ 2 Source: Al Jazeera

Pipeline කිව්වට මේවා ඇත්තටම cast/wrought iron, steel, සහා plastic. කියන material වර්ග භාවිතා කරලා හදපු නළ මාර්ග. මොකද මේ නළ මාර්ග වල Pressure එක 220bar වගෙ ලොකු අගයක් ගන්නවා. ඒ කියන්නෙ 3190 psi වගෙ අධික පීඩනයක්. මේ පීඩනයේ තරම ඔයාලට මෙහෙම කිව්වට පැහැදිලි මදිනෙ ඔයාලා දන්නවද ඔයාලගෙ ගෙදරට එන ගෑස් සිලින්ඩර් එකක තියෙන Pressure එක කොච්චරක්ද කියලා ? සාමාන්‍යය භාවිතය සඳහා ගන්නා ගෑස් සිලින්ඩර් එකක Pressure එක වෙන්නෙත් 26 bar - 40bar අතර වගෙ අගයක් එතකොට මේ 220bar කියන්නෙ ඒවගේ හත් අට ගුණයක Pressure එකක්.

මේක කොපමණ ලොකු අගයක්ද කියලා මම තවත් පැහැදිලිව කියන්නම්. ඔයාලා දන්නවනෙ පෘථිවියෙ ගැඹුරුම තැන වන්නෙ මරියානා ආගාධය කියලා. ඒවගේම ඔයාලා දන්නවා මුහුද යටට යන්න යන්න ගැඹුර වැඩිවෙනවා කියලා එතකොට පීඩනය තව තව වැඩිවෙනවා. එතකොට මේ මරියානා අගාධයේ ගැඹුර වන්නෙත් මීටර 11,034 ක්. ඒ කියන්නෙ අඩි 36,201ක් මෙ ගැඹුරෙදි පීඩනය වන්නෙත් (1103.161bar) Psi වලින් ගත්තොත් psi 16,000ක්. දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මෙ නළ මාර්ග හරහා ගෙන යන ගෑස් වල Pressure එක මේ මරියානා ආගාදයේ තිබෙන Pressure එකෙන් පහෙන් එකක් පමණ වනවා කියලා.

හරි, අපි අයෙත් එමු මේ නළ මාර්ග ගැන කතාවට. මේ නළ මාර්ග සම්පූර්ණයෙන්ම රුසියාවට අයිති දෙයක් නෙවෙයි. මේකට යුරෝපය සහ රුසියාව කියන දෙකම ආයෝජනය කරලා තියෙනවා. හැබැයි මේ Project එකේ භාරකාර සමාගම විදිහට නම් කරලා තියෙන්නේ රුසියාවෙ පිහිටි Gazprom PJSC සමාගම. මේ සමාගම ආදායම අතින් පිළිවෙලින් ලොකේ ලොකුම Natural Gas නිපදවන සමගම් දහය අතර නවවෙනි ස්ථානය දරනවා.

මේවන විට විනාශ වෙලා තියෙන මේ Nord stream 01 කියන line එක යන්නෙ යුරෝපයට මැදිව පිහිටා තිබෙන Baltic සාගර කලාපයේ මීටර් 80ක් එහෙමත් නැතිනම් අඩි 262ක් ගැඹුරින්. මේක මගින් දවසකට රුසියාවෙ සිට ජර්මනිය දක්වා දවසකට Natural Gas කියුබික් මිටර් මිලියන 170ක් පමණ ගෙන යන අතර මෙම නළ මාර්ග හරහා යුරොපය වෙත දවසකට පමණක් Natural Gas කියුබික් මිටර් මිලියන 400 - 500ත් අතර ප්‍රමාණයක් ගෙනියනවා.

​මේ විනාශය කොහොමද වුණේ කියලා කියන්න නම් තාම හරි සඳහනක් නැහැ. හැබැයි මේක වෙන්න කලින් විශාල පිපිරීම් දෙකක් මුහුද යටදි සිද්ද උනා කියලා තමා අදාල බලධාරින් කියන්නේ. Nord stream 1 line එක මේවන විට සම්පූර්ණයෙන්ම වසාදමා ඇතත් මේ පිපිරිම නිසා Natural Gas කියුබික් මිටර් මිලියන 500ක් පමණ අපතේ ගිහින් තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන්නේ.

දැන් ඔයාලා කල්පනා කරනවා ඇති රුසියාව සම්පුර්ණම ගෑස් වැහුවොත් ඉදිරියට එන ශීත ඍතුවත් එක්ක ජර්මනිය ඇතුලේ යුරෝපයට තමන්ගෙ දෛනික වැඩ කටයුතු කිසිම ගැටලුවකින් තොරව කරගෙන යාමට පුළුවන් වෙයිද කියලා?

ඔව්, පුළුවන් හැබැයි ඒක අපි හිතන තරම් ලේසි වෙන්නෙ නැහැ. මොකද ඒකෙන් ජර්මනිය වගේම මුළු යුරෝපයේම ආර්ථිකයට මරු පහරක් එල්ල වෙන වැඩක්. මේක මම මෙහෙම පැහැදිලි කරන්නම්කො, මුළු යුරෝපයම බලශක්ති අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් එහෙමත් නැතිනම් 34%ක් යැපෙන්නෙ රුසියානු ගෑස් මත එතකොට මෙ බලශක්ති අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් නැතුව යනවා කියන්නෙ මේක හිතාගන්න බැරි විදියේ පාඩුවක්.

Nuclear Power Plant, Coal Power Plant, Hydro Plant, Wind Powernplant, Solar Energy වගේ ඒවා හැම එකක්ම යුරොපෙට තිබුනත් දෛනික විදුලි පරිභෝජනය අඛණඩව සපයන්න මේක මදියි ඉතින් ඒක නිසා ගෑස් කියන්නෙ යුරෝපෙට නැතුවම බැරි දෙයක්. මේකෙනුත් ජර්මනිය කියන්නේ යුරෝපයේ වැඩිම විදුලි පරිභෝජනයක් තියෙන රට මෙයාලා 2021දි විතරක් Terawatt hours 560ක් විදුලිය පරිභෝජනය කරලා තියෙනවා. ඒ කියන්නෙ ලොකයේ වැඩිම විදුලි පරිබෝජනයක් තියෙන රටවල් අතර නවවෙනි තැනට තමා ජර්මනිය තියෙන්නේ.

රුසියාව ඇරෙන්න යුරෝපයට ගෑස් ගන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවද?

ඔව්, යුරෝපයට ගෑස් ගන්න වෙන ඔන තරම් ක්‍රම තියෙනවා. ඒත් යුරෝපය රුසියාවේ ගෑස් මතම යැපෙන්න ප්‍රධානම හේතුව තමා ඕනෑම වෙලාවක කිසිම කරදරයකින් තොරව ගැස් ලබාගත හැකිවීම හා වියදම අඩුවීම. රුසියානු ගෑස් අර්බුදයට ප්‍රධානම විසඳුම විදිහට මේ වන විට යෝජනා වෙලා තියෙන්නෙත් අසර්බයිජානයේ (Azerbaijan) සිට තුර්කිය හරහා ඉතාලියට එන Trans Adriatic Pipeline එකෙන් බල්ගෙරියාවේ (Bulgaria) සිට ජර්මනිය දක්වා ගෑස් රැගෙන යාමයි. මේ අතර එක්ස​ත් රාජධානියත් යුරෝප​ය වෙත කියුබික් මිටර් බිලියන 15ක් සැපයීමට තමාට හැකි බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ වෙද්දි ඉන්න යුරෝපයේ දෙවෙනි ලොකුම ගෑස් සැපයුම්කරුවන ඩෙන්මාර්කයත් එයාලාගේ සැපයීම් තවත් වැඩි කරනවා කියලා කියනවා.

මේ ඔක්කොම එක්ක බලද්දී හිතෙන දේ තමයි oil 38.3%ක්, gas 24.6%ක්, Coal 11.2ක්%, renewable 11.0%ක්, nuclear power 10.6%ක් සහ Hydro electricity 4.3%ක් වන යුරෝපයේ බලශක්ති පරිභෝජනයෙන් මේ 24.6%ක් gas මතම යැපෙන එකට විසඳුමක් ඉක්මනට හොයා ගත්තෙ නැත්තම් යුරෝපය නුදුරේදිම ලොකු අමාරුවක වැටෙයිද කියන එක. මොකද යුරෝපයට අවශ්‍ය කරන 37 086 PJ (PJ= පෙටාජූල්ස්) පමණ විදුලිය අඛන්ඩව සපයාගන්න එක ලේසි වෙන්නෙ නැහැ.

මේ ප්‍රශ්න ටික නිරාකරණය කරාගන්නකම් අනවශය විදිහට බලශක්තිය අපතේ නොයවා පාවිච්චි කරන එක යුරොපෙ ජීවත් වෙන අයගේ වගකීමක්.

මේක අපිට මෙහෙම කරන්න පුළුවන්. ඔයාලා දන්නවද ඔයාලගෙ ගෙදරක බලශක්ති පාවිච්චි වෙන්නෙ කොහොමද කියලා? ඒක වෙන්නෙ මෙහෙමයි.

Space heating (සීත කාලෙට ගෙවල් රත් කරන හීටර් සිස්ටම් එක) මේක මගින් 62.8%කුත් Water heating 15.1%ක් Lighting 14.5%ක් Coking (ඉවීම් පිහිම් සඳහා) 6.1%ක් Air conditioning (Ac) 0.4%ක් සහ වෙනත් නොයෙකුත් වැඩ සඳහා 1.0%ක් පාවිච්චි වෙනවා. ඉතින් මේ අතරින් අපිට මේ බලශක්ති පරිභෝජනය සුරැකිමට හැකි සෑම අතකින්ම සුරැකීම අපි හැමෝගෙම වගකීමක්. මේක ලන්කාවෙ ජීවත් වන අපිටත් අදාළයි අපි මුහුණපාලා ඉන්න අර්බුධකාරී සමය නිරාකරණය කරාගන්නකම් බලශක්තිය සුරැකීම අපි හැමෝගෙම වගකීමක්.

මේ Article එක මෙතනින් ඉවර නැහැ. මේකටම සම්බන්ධ තව Article එකක් එනවා ගෑස් වර්ග සම්බන්ධව ඒකෙන් මේ ගැස් ඔයාලගෙ ගෙදරට එන විදිය පොළවෙන් ගන්න විදිය පෙට්‍රල්, ඩිසල් හැදෙන විදිය ආදි සියලුම දේවල් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ඊළඟ ආටිකල් එකෙන් නැවත හමුවෙනකන් හැමෝටම ජයවේවා කිව්වා එහෙනන්!

Related Articles