Loading...
Devil May Cry 5


Android  වැඩකාරයෝ අපිත් සමග එකතු වෙලා ඉන්න අපේ Fans ලට ඔන්න අපෙන් අලුත්ම අද්දැකීමක් ඒ තමා Gaming Side එකේ ඉන්න Gamers ලට ගේන අලුත්ම Post Series එක. ඔන්න හා හා පුරා කියලා අලුත් Post එකක් අරන් ආවා. අද කියන්න යන්නේ ටිකක් අහලා පුරුදු නැති Game එකක් ගැනයි (අහලා පුරුදූ නැ කිව්වට දන්න අය නම් දන්නවා නම කිව්ව ගමන් මොකක් ගැනද කියලා) Devil May Cry 5 ගැන තමා අද පොඩි post අරන් එන්න හිතුවේ Game එක End කරලාම.

Devil May Cry 5 ගැන සදහන් කරොත් මේ Game එක Hack And Slash කියන Video Games වලට අයිති වෙන Game එකක් ටිකක් Brutal Fighitings ( Combat Based ) එහෙම තියෙන සුපිරිම Action Game එකක්. Game එක Developed And Published කරන්නේ අපි කවුරුත් දන්න CAPCOM ලා. ඉතින් මේ Series එකේ එන 5 වෙනි Edition එක තමා මේ DMC 5 කියන්නේ දැනට අවුරුදු පහකට කලින් Devil May Cry 4 Release උනා ඒකත් සුපිරිම Story එකක් තියෙන Game එකක්. ඉතින් මේ Game එකේ Main Characters 3ක් ඉන්නවා Dante, Nero, V යනුවෙන් Story එක යන්නේ Demons ලත් එක්ක මෙයාලගෙත් Main Character එක තමා Demon King Urizen කියන්නේ (Villain Game එකේ ඉන්න) ඉතින් මේ Urizen ඇතුලු Demons ලගෙන් Human World එක බේර ගන්න එක තමා Main Missions 19 බෙදිලා Story එකක් විදිහට යන්නේ Game එකේදි.

Missions 19 ම එකදිගට උනත් සෙල්ලම් කරන්න පුලුවන් විදිහට හදලා තියෙනවා තනිකර Actions වලින් පිරුන Game එකක් කිසිම කම්මැලි කමක් නැතුව සෙල්ලම් කරන්න පුලුවන් ව්දිහට Developer ලා හදලා තියෙනවා කිව්වොත් මං හරි. මම ඉහත සදහන් කර Characters 3න් ම අපිට සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවා එක එක Missions වලදි ඉතින් මෙයාලාගේ Skills අපිට Customize කරන්නත් ලැබෙනවා සැම Mission එකක් පටන් ගැන්මේදිම. (අනිවාරෙන් මේ Skills Upgrade කර ගන්න වෙනවා Game එකේ ඉස්සරහට යනකොට නැත්තං ලෝක ආමරුවක වැටෙනවා)

මේ තුන් දෙනාට තියෙන්නෙ එයාලාටම ආවේනික උන විවිදාකාරයේ Fighting Skills අනිවාරෙන් සෙල්ලම් කරලා බලන්න මෙදේවල් හරියටම තේරුම් ගන්න පුලුවන් වෙයි. මේ Story එක End එක පුරාවටම V කියන Character එක ට්කක්  Mystery Character එකක් විදිහට අරන් යනවා Game එක End එකට ලංවෙනකොට වගේ දැනගන්න පුලුවන් වෙයි Play කරන අයටත් Play කරන්න ඉන්න අයටත් මොකක්ද මේ V කියන Character එකේ Mystery Connection එක කියලා (මේක පොඩි Hint එක්ක Game එකේ End එක Spoil නොකර දුන්න)

Devil May Cry 5 Game එකට ගොඩක් Positive Reactions හම්බෙලා තියෙනවා IGN Ratings වලිනුත් 9.5 ගන්න සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 2019/2020 වසර වලදි සුවිශේෂි සම්මන දෙකක්ද ලැබුනා මේ Game එකට. Release එකෙන් සති දෙකකට පසුව වර්තා ගත 2 Millions Copies විකිනිලා තියෙනවා ලැබුන වාර්තා වලට අනුව. Game එක ගැන පොඩි හැදින්වීමක් කරේ දැනටමත් Fitgirl Repack Site එකෙන් මෙ Game එකේ Repack Version එක Download කිරීමේ හැකියාව තිබෙනවා පුලුවන් නම් සෙල්ලම් කරලා බලන්න සුපිරි Game එකක්. ඉතින් තවත් මේ වගේ අලුත් Game එකක් ගැන Post එකක් අරන් එන්නම් එතකන් හැමෝටම ජය.