Loading...
DIY Spy Detector එකක් හදමු 04

4: Wiring and Finishing

දැං තියෙන්නෙ අපේ Final Part එක. ඒ තමයි Wiring and Finishing. මේකේ එහෙම ලොකුවට කියන්න දෙයක් නෑ. පහල මං image එකක් දානවා. ඒකේ තියෙන විදියට හරියට wiring එක කර ගන්න. මතක ඇතුව අපි අර හදා ගත්තු Bluetooth modules දෙකෙන් master module එක Pro mni එකටත්, Slave module එක Beetle එකටත් විතරක් wiring කරන්න. වැරදියට පටලවල කරොත් වැඩ කරන්නෙ නෑ..

ඊට පස්සෙ මං අර උඩින් කිව්ව වගේ පොඩි plastic box එකක් හොයාගෙන Remote  unit එකට අදාල කොටස් ටික ලස්සනට දාලා වහන්න. මේකෙදි මතක ඇතුව Ultrasonic sensor එකේ ලොකු රව්ම් දෙක boxඑකෙන් එලියට එන විදියටbox එක කපල හදා ගන්න. මොකද ඒකෙන් තමයි කෙනෙක් අපේ ලඟට එනව නම් detect කර ගන්නෙ. සාමාන්‍යෙන් මේක අඩි 5ක් වගේ දුරකදි detect වෙන්න තමයි මං program එක ලිව්වෙ. ඒක වෙනස් කර ගන්න ඕනෙ නම් මාව contact කර ගන්න. මං ඒක වෙනම කියල දෙන්නම්.

ඊට පස්සෙ අර Dongle unit එකත් ලස්සනට හදා ගන්න. පරන internet dongle එකක plastic casing එක ඇතුලට උනත් ඒක දාන්න පුලුවන්. ඒකත් හදා ගත්තට පස්සෙ ඒක  connect කරන්න ඔයාගෙ PC එකට. Connect කරපු ගමන් Beetle එකේ LED එකක් වේගෙන් blink වෙලා නවතියි. එහෙම උනා නම් dongle එකේ Program එක වැඩ. දැං Remote unit එකත් on කර ගන්න. ඒකත් on උනාට පස්සෙ බලන්න කලින් වගේ Bluetooth modules දෙක හරියට connect උනාද කියල.

ඊට පස්සෙ Remote unit එකේ Ultrasonic sensor එක ඉස්සරහින් අත පොඩ්ඩක් යවල බලන්න ඒ signal එකට ඔයාගේ PC එකේ වෙනසක් උනාද කියල. එහෙම උනා නම් Congratulation..! වැඩේ 100% සාර්තකයි.

දැං මේ remote unit එක තියන්න ඕනෙ ඔයාගෙ ලඟ ඉඳං  10m ඇතුලත ඔයා ඉන්න තැනට එන පාරක කොනක. කෙනෙක් ඒක හරහා එනවා කියන්නෙ අනිවාර්‍යෙන් ඔයාට signal එකක් එනව ඒ ගැන.

මේකෙදි වෙන්නෙ අපේ Remote unit එකෙන් යවන signal එකක් මත අපේ Dongle unit එකේ තියෙන Beetle board එකෙන් PC එකට keyboard commands කිහිපයක් යවන එක. ඒ තමයි Space key, alt+Tab, Tab again.

මේ keys ටිකෙන් වෙන්නෙ ඔයා film එක බලන ගමං නම් ඉන්නෙ Space key command එක ආවම film එක pause වෙලා  alt+Tab command එකෙන් ඔයාගෙ previous windows වලට ගිහිල්ල ආයේත් alt command එකෙන් ඔයාගේ previous window එක (word, exel, chrome ect) open වෙන එක.

මේකෙම අනිත් පැත්ත තමයි වෙන්නෙ ඒ ආපු කෙනා ආයේ යද්දි. එතකොට ඔයාට open උන word හරි exel හරි මොනම එකක් හරි minimize වෙලා ඔයාගෙ film එක open වෙලා automatically play වෙනවා.

පට්ටයි නේහ්.....!!!

මේ ගැන ඕනම ගැටලුවක් ආවොත් මාව facebook එක හරහා contact කර ගන්න.

එහෙනම් ආයෙ දවසක මේ වගේ තවත් DIY එකක් අරං එන්නම්.