Loading...
Apple Watch, Airpods Replica වලට රැවටෙන්න කලින් මේක කියවලා බලන්න

හැම තැනම මං දකිනවා Apple Watch Replica, Airpods, Airpods Pro Replica විකුණන්න දාලා තියෙනවා. ඉතිං මං අද මේ ඔක්කම ටික try කරා. හිතුනේ මේකයි, කෙටියෙන් කියනවා නම් දෙයක් ගනන් නම් එක ගන්න බැරි නම් කට්ට කාලා එක ගන්න තැනට එනවා මිසක් පෙනුමට අරන් හිත හදාගන්න එපා.

මං AirPods OG Version එකේ ඉදන් අලුත්ම Pro වෙනකනුත් Apple Watch OG Series එකේ ඉදන් Series 5 වෙනකනුත් Use කරලා තියෙනවා. Apple Product එකක features, Look එකට වඩා මට නම් වටින්නේ experience එක අවුරුදු ගානක් Android OG version එකේ ඉදන් Use කරලා එපාම වෙලා Apple Side එකට මාරු උනේ මේ Experience එක නිසාමයි. Appleලගේ Eco System එකට කොටු වෙනවා කීවට ඇත්තටම වෙන්නේ Eco System එක එන්න එන්න ආසා කරන එක.

අද මං Apple MacBook , iPhone, Apple Watch , Airpods වගේ major devices ඔක්කම use කරන කෙනෙක්. ඒත් මට මුලින්ම ඔක්කම ගන්න බැරි උනා එහෙම ඕනේ උනෙත් නෑ. ටික ටික ඔක්කම target එකක් කරන් අන්තිමට මට ඕන ඔක්කම ගත්ත. එත් කවමදාකවත් replica වලට ගියේ නෑ මොකද මට ලෝකෙට පෙන්නවට වඩා ඕනේ උනේ Apple Experience එක.

අනිත් දේ Apple Watch එක health and activity monitor එකක් එක්ක එන Smartwatch එකක්, පෙනුමට දාන සෙල්ලම් බඩුවක් නෙවේ. ඉතිං ඔය replica එකකවත් හොඳ heart rate monitor එකක් වත් නෑ. කොටින්ම basically වෙන්න ඕන දේවත් වෙන්නේ නෑ. Genuine Apple Watch එකක් හරියට Use කරන කෙනෙක්ට ඒ experience එක වෙන කෙනෙක්ට කියන්න අමාරුයි ඒ එකිනෙකා භාවිතා කරන විදිය වෙනස්.

මං වැඩිපුරම Use කරන්නේ Digital Minimalism වලට වගේම මගේ Studies වලට. ඒ Phone එකෙන් ඈත් වෙන්න schedules, time table, reminders, වගේ දේවල් වලට. Social media වලින් ඈත් වෙන්න primary functions විතරක් use කරලා Productive වෙන්න මේ device ගොඩක් වටිනවා. හැබැයි එතනදි Proper Apps, වගේම Device integration ඕනේ ඒ කියන්නේ phone එකයි watch එකයි sync එකේ තියෙන්න ඕනේ. මේ කිසිම එකක් නෑ

ඒ වගේම Airpods Clone කියන්නේ කොටින්ම ජරාවක්. ඔය කියනවා වගේ same Quality Sounds ANC මොකුත් නෑ එවා ඉතිං විහිලු. Apple Airpods කියන්නේ ලොකේ මුල්ම Bluetooth True Wireless Bud එක නෙවේ. ඒත් මේක ගොඩක් ප්‍රසිද්ධ උනේ Easy to use හා compact elegant form factor එක නිසයි. ගොඩක් මේ Airpods Clone ගොඩක් Size එකෙන් වෙනස් සමාන එවා ගනන් එත් Sounds කිසිම Quality එකක් නෑ. කොටින් Branded Offerings තියෙනවා එකම Price Range වල යන ඊට වඩා Quality Sounds තියෙන.

කොහොම උනත් මේ එකක වත් Sounds Quality නෑ OG Device තරම්. ඒ වගේම Airpods Pro Replica වල ANC කියන්නේ තනි විහිලුවක් මොකද Genuine Airpods Pro වල Transparency Mode එක Noise Cancelation mode එක Seamless මුලින්ම experience කරද්දි හරියට Magic එකක් වගේ. එකත් ඉතිං Experience කරන්නම ඕනේ කියලා දෙන්න තෙරෙන්නේ නෑ කොහොමත් මේ මොකුත්ම නෑ Replica වල.

නිකමට හිතන්න Device එකක් හොද වෙන්නේ Hardware Software වල එකමුතුව වගේම හොද අනුව. ඔච්චර අඩු ගානට හදද්දි manufacturesලා වැඩිපුරම වියදම් කරන්නේ design එක copy කරන්න මොකද quality බලන කෙනෙක්ට වඩා ඕක ගන්නේ පෙන්නන් ඉන්න කෙනෙක්. ඒ නිසා Device එකේ functionality ගොඩක්ම දුර්වල වෙනවා.

කොහොම උනත් iOS 14 වල එන Smart Switch නැත්තන් Special Audio වගේ Features නැති කමෙන් Airpods වල තියෙන User friendlyකම කොහොමත් ලැබෙන්නේ නෑ මේ වගේ.

ඒ වගේම කියන්න ඕනේ Original Airpods උනත් අවුරුදු ගනන් Use කරපුවා ගන්න එපා, මොකද Non Replaceable Battery නිසා කාලයත් එක්ක Life time එක වගේම Quality එකත් Loss වෙන්න පුලුවන්. ගන්නවා නම් Brand New අරන් දිගටම Use කරන්න. ඒවගේම Apple Watch ගැන කියනවානම් දැන් ගන්නවා නම් අඩුම Series 4 වත් ගන්න ඊට පරන එකක් ගන්න එපා තේරුමක් නෑ.

ඒ වගේම කියන්න ඕනේ ඔයාලට මේ Price Range වලට යන්න බැරි නම් Smartwatch එකක් විදියට Mi Band 5 එක ගන්න. මොකද Hardware වගේම Software ගොඩක් Reliable මුලික ඔක්කම කරගන්න පුලුවන්. තව ගොඩක් choice තිබ්බත් ගාන අඩු මුදලට වැඩිම වටිනාකමක් හම්බෙන Device එකක් Mi Band 5 කියන්නේ. ඒ වගේම True Wireless Ear Buds ගත්තාමත් ගොඩක් ගනන් අඩු Branded options තියෙනවා. Mi Airdots කියන්නෙ හොද option එකක්.