Loading...
Smartphone වල Dual Camera Systems වල ඉතිහාසය

මේ දිනවල smartphones ගැන කතාකරද්දි ඒවගේ ඇතුලත්වෙන cameras වැදගත්ම දෙයක් විදියටනේ හැදින්වෙන්නේ. Smartphones වල එන මෙන්න මේ camera systems ගැන කතාකරද්දි එක එක models වල එන මේ එක එක විදියේ dual camera systems කියන්නේ ගොඩක් අයට පැටලිලි සහගත තැනක් වෙන එක සාමන්‍ය දෙයක් නේ. ඉතින් මේ මගේ දිගම ඒවගේම වැදගත්ම පැහැදිලි කිරීම මොනවද මේ smartphones වල එන dual camera systems, මොකද්ද මේ dual camera systems එන එකේ අරමුණ කියන දේ. (මේක පැහැදිලි කරන්න මම තෝරාගත්තේ ඇත්තටම smartphones වල ආපු dual cameras වල මුල සිට මොකද එතකොට මේක වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක් වෙන නිසා.)

ජංගම දුරකථන වල Dual camera භාවිතයේ ආරම්භය

Smartphone වල dual camera systems වල ආරම්භය විදියට අපි දකින්නේ 2011 දී Lg සහ hTC කියන සමාගම් වලින් නිර්මාණය කරපු LG Optimus 3D, HTC EVO 3D කියන 3D phones එක්ක තමයි. ඉතින් මේ smartphones වල මූලික අරමුන උනේ ඇත්තටම users ලට 3D අත්දැකීමක් ලබාදීම තමයි. මේ සදහා මේ devices වල Autostereoscopic 3D displays අන්තර්ගත උනා. Autostereoscopic 3D කියන්නේ users ලට 3D glasses වල අවශ්‍යතාවයකින් තොරව 3D ඇත්දැකීමක් ගන්න හැකිවෙන විදියට මේ devices වල displays නිර්මානය කර තිබුනා. මෙන්න මේ 3D experience එක සම්පූර්ණ කිරීමට තමයි මේවගේ dual camera system අන්තර්ගත කරලා තිබුනේ. සරලවම කිව්වොත් මේ වර්ගයේ dual camera system වලින් cameras 2ක එකවර භාවිතය මගින් 3D photos සහ videos ලබාගැනිමේ හැකියාව ලබා දී තිබුණා.

LG Optimus 3D
hTC EVO 3D

Dual camera මිනිසුන් අතරට ගෙන ආ hTC One M8

2011 දී ආපු මේ පැරණි 3D dual camera system එකට consumersලගෙන් එතරම්ම ලොකු interest එකක් ලැබුනේ නැහැ ඒකට ඇත්තටම ඒවගේ තිබුන technical limitations ලොකු හේතුවක් උනා කියන්න පුලුවන්. මේ පැරණි Smartphone dual camera systems වලින් පස්සේ අද අපි භාවිතා කරන dual camera systems වලට සමාන system එකක් මිනිස්සු අතරට ගේන්න සමාගම් වලට අවුරුදු කිහිපයක්ම ගත උනා. ඒ අනුව 2014 වසරෙදී අනාගතය දෙස නිවැරදිව බලන hTC සමාගම තමන්ගේ engineers ලත් එක්ක එකතුවෙලා 2014 දී ගේන්න සමත්වෙනවා ඔවුන්ගේ One M8 device එකෙන් අනාගතයට සරිලන අකාරයේ dual camera system එකක්.

hTC One M8

මේ dual camera system එකට මූලික උන අදහස අදටත් smartphone industry එකේ භාවිතා වෙනවා. ඉතින් hTC සමාගම ඔවුන්ගේ One M8 device එකේ ගෙන ආපු මේ dual camera system එක නිර්මානය කිරීමේ මූලික අරමුණ උනේ ඇත්තටම smartphones වල camera hardware මගින් ලබාදීමට නොහැකි එහෙත් Professional cameras වල lens එක මගින් ලැබෙන bokeh effect එක mobile phone camera එක සදහා ලබා දීම තමයි ඉතින්. අපි ටිකකට මේ dual camera system එකේ specs මතක් කරලා බැලුවොත් ගොඩක් අයට මතක ඇති මෙහි ඇතුලත් උනේ 4MP primary camera එකට අමතරව 4MP camera එකක් විදියට තමයි. ඉතින් ඒකත් එක්ක අදහසක් නැති ගොඩක් අයත් මේක මේ විදියටම භාවිතා කරා ඒ 4MP camera එකත් වෙනම camera එකක් විදියට. නමුත් නිවැරදිම දේ තමයි මෙහි ඇතුලත් උන මේ 4MP camera එක ඇත්තටම සාමන්‍ය camera එකක් විදියට නම් භාවිතා වෙන්නේ නැහැ අනික් 4mp primary camera එක වගේ මොකද ඒකෙන් කිසිදු photos සහ videos ලබා ගැනීමක් නම් සිදු කරන්නේ නැහැ.

එතකොට දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් වෙයි මොකද්ද මේ 4MP photos සහ videos ලබා නොගන්නා camera එක කියලා. ඇත්තටම සාමන්‍ය camera එකකට වඩා මේක හදුන්වන නිවැරදි ක්‍රමය තමයි depth sensor එකක් කියන්නේ මේක ඇත්තම කිව්වොත් 4MP depth sensor එකක්. එතකොට මේ dual camera systems වල මේ depth sensors භාවිතා වෙන එකේ අවශ්‍යතාවය වෙන මුකුත්ම නෙවෙයි ඉතින් depth map එකක් නිර්මානය කරගැනීමට අවශ්‍ය details ලබාගැනීම.

ඒ අනුව smartphones වල මේ depth sensors ඇතුලත් dual camera systems වලට හැකිවෙනවා primary camera එක භාවිතා වෙන පරිසරයේ depth එහෙමත් නැත්තම් ගැඹුර නිවැරදිව මැනගෙන ඒවගේම අපිට camera එකෙන් ලබාගැනීමට අවශ්‍ය object එක හදුනාගෙන bokeh effect එක සෑහෙන්න හොදින් සිදුකිරීමට. මම දැකලා සමහරතැන්වලදි සමහර අය මේ dual camera system වලට ඇගිල්ල දිගු කිරීමක් සිදුකරනවා මේ සිදුවෙන bokeh effect එක සම්පූර්නෙන්ම software වලින් විතරක් සිදුවෙන දෙයක් විදියට. නමුත් මම මේ post එකෙන් ඒක නිවැරදි කරනවා මේ දේ ඇත්තටම software මත විතරක් නොව depth sensor එකක් වගේ hardware මතත් රදාපවතින දෙයක් බව.

Wide-angle cameraව සමඟ 2016 පැමිණි LG G5

2016 වසරේදී අපි දකිනවා LG ආයතනය ඔවුන්ගේ LG G5 device එක මගින් ටිකක් වෙනස් විදියේ dual camera system එකක් ගේනවා. මේකෙදි ඇත්තටම මොවුන් dual camera භාවිතා කිරීමේ මුලික අරමුණ වෙන්නේ සාමාන්‍ය primary wide-angle camera එකට අමතරව අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කිරීමට 135° super wide angle camera එකකුත් ලබා දීම. ඉතින් මීට අමතරව dual camera භාවිතය නිසා මෙම dual camera system එකටත් depth sensor එකක් භාවිතයෙන් තොරව depth map එකක් සාදාගැනීමට හැකිවෙනවා camera 2ක මගින් ලැබෙන details එකතුවෙන්.

LG G5

2016 අවසාන භාගයේ සිට ප්‍රසිද්ධ වන Dual Cameras

2016 වසරෙම අවසාන භාගයේ අපි දකිනවා දැනටත් smartphones වල භාවිතා වෙන ඉතාම සාර්ථක dual camera system එකක්. මේ dual camera system එක අපි දකින්නේ Apple සමාගමේ iPhone 7 plus device එකෙන්. මේ dual camera system එකේ මූලික අරමුණ වෙන්නේ ඇත්තටම primary wide-angle camera එකට අමතරව telephoto lens එක සහිත camera එකක් භාවිතා කිරීම මගින් smartphones සදහා ඒ වනවිට තිබුණු digital zooming වලට අමතරව lens මගින් සිදුවන 2X optical zooming ලබාදීමයි.

iPhone 7+ dual camera

මිට අමතරව අපි මේ dual camera system එකේදී දකිනවා අපි කලින් smartphones වල දැකපු bokeh mode එකම වැඩි දියුණු කරලා නිර්මාණය කරපු නව portrait mode එකක්. මෙතැනදී ඇත්තටම Apple සමාගම ඒ වනවිට තිබුණු Machine learning තාක්ෂණයද භාවිතයට ගෙන වැඩි දියුණු කිරීමට සමත්වෙනවා පැරණි bokeh mode එක. ඒ අනුව නව portrait mode එක පියවර දෙකක් යටතේ ක්‍රියාකරනවා එහි පළමු පියවර වෙන්නේ machine learning යොදාගෙන object එක නිවැරදිව හදුනාගන්නව camera එක මගින් ඒවගේම දෙවන පියවර විදියට එම හදුනාගත් object එක camera දෙක මගින් සාදාගත් depth map එකත් භාවිතයෙන් ඉතාම ඉහල accuracy එකක් යටතේ background blur කිරීම සිදුකරනවා.

Leica lens සමඟ පෙරලියක් කරන Huawei P9

2016 වසරේදීම අපි Huawei සමාගමෙන් දකිනවා තවත් ටිකක් වෙනස් dual camera system එකක් Huawei P9 device එකෙන්. මේකෙදි Huawei සාමාගම නිර්මණය කරන්න සමත්වෙනවා සුප්‍රසිද්ධ Leica සමාගම සමග එකතුවෙමින් low light සදහා වඩා ඉහල quality එකක් ලබාදෙන dual camera system එකක්. මෙහිදී primary camera එකට අමතරව මෙහි අඩංගුවෙනවා monochrome camera එකක්. මොවුන්ගේ අදහස වෙන්නේ monochrome camera එකකදී color camera එකක අඩංගු Bayer filter එක අඩංගු නැති නිසා වඩා හොද low light photos ලබාගත හැකි බවයි. මෙහිදී මොවුන් මෙම monochrome camera එකෙන් ලබාගන්නා photos වලට color camera එකෙන් ලබාගන්නා colors එකතුකර වඩා හොද low light photos නිර්මණය කරනවා. මිට අමතරව මෙහි dual camera සහිත නිසා bokeh mode එකක්ද සහිත වෙනවා.

Huawei P9 rear camera

තනි කැමරාවෙන් Dual camera පැරදූ Google Pixel 2/2XL

2017 වසරේදී Google සමාගමෙන් Pixel 2 සහ Pixel 2 XL devices වලින් අපි දකිනවා ඒ වනවිට තිබුණු අනිත් සියලු dual camera systems වලට ටිකක් නිර්භය පිළිතුරක්. Google සමාගමේ engineers ලා සමත්වෙනවා primary තනි කැමරාව පමණක් භාවිතයෙන් portrait mode එකක් නිර්මාණය කිරීමට. මේ සදහා මොවුන් භාවිතයට ගන්නේ අනිත් සමාගම් වලට සාපේක්ෂව ඉතාම දියුණු තත්වයේ machine learning algorithms. මීට අමතරව මොවුන් depth map එකක් සැදීමට අවශ්‍ය data, එහි අඩංගු dual pixel camera sensor එකෙහි pixel එකක ඇතුලත් photo diodes 2ක මගින් ලබාගැනීමට සමත්වෙනවා. මිට අමතරව Google සමාගම ඔවුන්ගේ බලය පෙන්වීමට depth map එකක් රහිතව අති දියුණු machine learning algorithms සමග පමණක් ක්‍රියා කරන portrait mode එකක්ද smartphone ලෝකයේ ප්‍රථමවතාවට front camera එකට ගෙන ඒමට සමත්වෙනවා.

Powerful single cameras of Google Pixel 2 / 2 XL

Dual Camera සමඟ කරලියට එන Flagship killer – OnePlus

2017 වසරේදී OnePlus සමාගමේ OnePlus 5 සහ OnePlus 5T devices තවත් ආකාරයක dual camera system එකක් අපිට දකින්න ලැබෙනවා. මෙහි අරමුණ වෙන්නේද වඩා හොද low light camera එකක් නිර්මාණය කිරීමයි. මේ සදහා මෙහි primary camera එකට අමතරව 20Mp camera එකක්ද ඇතුලත් වේ. මෙමගින් pixel binning තාක්ෂනය යටතේ pixel size එක වැඩිකර, එමෙන්ම high resolution sensor වල details භාවිතා කර වඩා හොද low light camera experience එකක් ලබාදෙනවා. එමෙන්ම මෙහි dual camera සහිත නිසා portrait mode එකද සහිත වෙනවා.

OnePlus 5T

මම මේකෙදි smartphone වල dual camera systems මේ ආපු දුර ගමනේ ඊට අදාල වැදගත් කියල හිතපු දේවල් ටිකක් තමයි සදහන් කලේ. මේ කියපු devices වලට අමතරව විශාල devices ප්‍රමාණයක් එක්ක 2018 මේ වෙනකොට වෙළඳපලට නිකුත් වෙලා තියෙනවා. iPhone X, Samsung S9, Samsung S9 Plus, Samsung Note 8, Samsung Note 9, iPhone XS, iPhone XS Max වගේ අළුත් devices ගොඩක් පාරිභෝගිකයන් අතට පැමිණිලා තියෙනවා. ඒ ගැන මෙතන සඳහන් නොකරන්න හේතුව වෙන්නේ ඉස්සෙල්ලා කිව්ව වගේ dual camera systems මේ ආපු දුර ගමනේ ඊට අදාල වැදගත් දේවල් පමණක, එහෙමත් නැත්තම් හැරවුම් ලක්ෂ්‍ය ගැන පමණක් මෙතන සඳහන් කරන්න ඕන නිසා.

මිට අමතරව dual camera systems භාවිතා වෙන තවත් විවිද අවස්ථා තියෙනවා. එයින් එකක් වෙන්නේ camera system එකෙහි Autofocus වල speed එක සහ accuracy එක වැඩි කිරීමට dual camera එකෙන් ලබාගන්නා depth info භාවිතයට ගැනීමයි. මෙහිදී camera එකෙහි අඩංගු සාමාන්‍ය Contrast detection AF, Phase detection AF, Dual pixel AF, Laser AF වලට අමතරව depth detection ද ප්‍රයෝජනයට ගැනෙනවා. මිට අමතරව dual camera system භාවිතයට ගතහැකි තවත් අවස්ථාවක් විදියට software based aperture change වැනි features හදුන්වන්න පුළුවන්.

Dual camera වලින් එහාට ගිය Triple camera

මෙතරම් වෙලා මේක කියවපු අයට මම පොඩි bonus එකක් දෙනවා. ඒ තමයි මේක දැන් triple camera වලට පනිනවා. ඉතින් මේ 2018 අව්රුද්දෙ Huawei සමාගමෙන් හදුන්වාදුන්න Huawei P20 Pro device එක ලොව පළමු smartphone triple camera system එක වෙන්නේ. මේකෙදි ඇත්තටම Huawei සමාගම එකිනෙකට වෙනස් dual camera system දෙකක මුලික අරමුණු දෙකක් එකට එකතුකරලා තමයි මේ triple camera system එක නිර්මාණය කරන්නේ. ඒ සදහා මෙහි 40MP primary camera එකට අමතරව මෙහි වඩා හොද low light සදහා 20MP monochrome camera එකක් මෙන්ම optical zooming සදහා 8MP camera එකක්ද ඇතුලත් වෙනවා. එමෙන්ම මේකේ හොද portrait mode එකක් සමග depth focus ද ඇතුලත් 4D focus system එකක්ද ඇතුලත් වෙනවා.

Huawei P20 Pro

මේකෙන් පස්සේ 2018 නිකුත් වෙච්ච Huawei Mate 20 Pro දුරකථනයත් එක්ක Huawei සමාගම තීරනය කරල තිබ්බා එයාලගේ මේ Triple Camera setup එකේ පොඩි වෙනසක් කරන්න. එතනදී ඇත්තටම Huawei සමාගම කරපු දේ තමයි වඩා හොද Low light සදහා යොදාගනිපු 20MP Monochrome camera එක අයින් කරල ඒවෙනුවට 20MP Ultra Wide Angle camera එකක් යොදාගනිපු එක. මෙතනදී Huawei සමාගමේ බලාපොරොත්තු වෙලා තිබ්බේ ඇත්තටම වඩා ප්‍රයෝජනවත් Triple Camera system එකක් නිර්මාණය කිරීමයි.

Huawei Mate 20 Pro

අපි ඊලඟ ආර්ටිකල් එකෙන් හම්බෙමු මීටත් ඉස්සරහට ගිය කතාවක් ගැන.