Loading...
හදන හදන eBay account එක suspend වෙනවද? මෙන්න හරියනම විසඳුම

අද මම කතා කරන්න යන්නේ ලංකාවේ eBay Dropshipping කරන කිසිම කෙනෙක් කත නොකරපු දෙයක් ගැන කතා කරන්න. මේක වැදගත් වෙන්නේ eBay accounts හදලා හදලා suspend වෙන අයට. මේකට ඕන කරන සම්පූර්ණ විසඳුම තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ.

මේක පටං ගන්න කලින් මෙන්න මේ software ටික download කරගන්න ඕනේ.

Oracle VM Virtual box - Download (210MB)
Windows 7 ISO - Download (4.27GB)

මොකද්ද මේ Virtual Machine එකක් කියන්නෙ

මේ Virtual Machine කියන එක හදන්නෙ අපේPC එක ඇතුලෙමයි. ඔයා හිතන්න ඔයා දැනට use කරන PC එක හරි Lap එක හරි Windows 10, RAM එක 8GB, HDD එක 500GB සහ Processor එක i3 7th gen කියලා.

හරි එතකොට ඔයාගෙ eBay account හදලා දැන් ඔයාගෙ PC එකේ user accounts හදලා හදලා browsers තියන හැම එකම දාලා දාලා කලත් හදන හදන eBay account එක suspend වෙනවනම්, එතනදි අපි භාවිතා කරන්න ඕන එකම දේ virtual machine කියන එක. Virtual machines හදන්න පුළුවන් software ඕන තරම් තියෙනවා. ඒත් මම මෙතනදි භාවිතා කරන්නේ Oracle virtual machine එක.

මෙතනදි වෙන්නේ ඔයාගේ PC එක ඇතුලේ උඩ දීලා තියෙන software භාවිතා කරලා තවත් PC එකක් ඔයාගේ PC එක ඇතුලේ build කරන එක. Windows 7 file එක එහෙම ටිකක් ලොකු file එකක් නිසා night time data වලින් වගේ download කරගන්න.

Virtual machine එකෙන් කොහොමද account suspend වෙන්නේ නැත්තේ?

ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා හදන හදන eBay account එක suspend වෙනව නම් ඒකට පල්ලෙහා හේතු බලපාන්න පුළුවන්.

  • eBay එකෙන් ඔයාගේ location එකේ ඉඳලා එන ඔයාගේ PC එකේ screen resolution එක සහ browser එකේ resolution එක track කිරීම.
  • ඔයා internet යන්න භාවිතා කරන router එක track කිරීම.
  • ඔයාගේ PC එකේ motherboard එකේ serial number එක track කිරීම.
  • PC එකේ MAC-Address එක track කිරීම.
  • PC එකේ performance track කිරීම.

මෙන්න මේ වගේ හේතු නිසා eBay එකට පුළුවන් එක පාරක් suspend කරපු කෙනෙක් ආයෙම අළුත්  account එකක් හදාගෙන එනව නම් ඒක track කරල අඳුර ගන්න මේ එන්නේ කලින් ඇවිත් suspend වෙච්ච කෙනෙක් කියල.

ඔයා Virtual Machine එකකින් යනවා කියන්නේ, ඔයාගේ PC එකේම තියෙන වෙනස්ම වර්ගයේ PC එකක්. එතනදි Resolutions, performances, MAC-Address හැම එකම ඔයාගේ PC එකට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ වෙනම PC එකක්. වෙනම connection එකක්. ඔයාගේ PC එකේ හැදුවා උනත් ඒක මෙතනටදි ගෑවෙන්නෙවත් නෑ. ඒ උනත් ඔයාගේ internet connection එක ගන්න භාවිතා කරන router එක හෝ dongle එක වෙනස් කරනවා නම් හොඳයි. ඒ වගේම වෙන connection එකක් ගන්නව නම් තවත් හොඳයි.

තව වාසියක්

අපිට පුළුවන් මේ virtual machine එකේ installation file එක pen drive එකකට දාගෙන ගිහින් වෙනම ඕනම PC එකක run කරලා ඔයා හදන Virtual machine එකට log වෙන්න. එහෙම කලාට ඔයා ඇතුලේ save කරලා තියෙන කිසිම දේකට හානියක් වෙන්නේ නෑ.

කොහොමද Virtual Machine එකක් හදාගන්නේ කොහොමද?

ඒ ගැන හරි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට සරලව මං ඔයාලටම video එකක් හැදුවා. ඒක හොඳින් බලලා ඔයාලගේ virtual machine එක හදාගන්න.


මේ දේ dropshipping වලට විතරක් නෙවෙයි, තවත් දේවලට භාවිතා කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ Windows PC එක ඇතුලේ Linux PC එකක් build කරගන්න. ඒ ගැන අපේ Tharaka Chamod ලියපු ලිපිය කියවන්න. Linux වලට මාරු වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මුලින්ම Virtual Machine එකක Linux install කරලා බලන්න මේ විදිහට.