Meta සමාගම විසින් ඔවුන්ගේ Electron-based WhatsApp Desktop App එක නවතා දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් මේ Electron-based WhatsApp Desktop App එක භාවිත කරන පරිශීලකයන්ට එම යෙදුම තුළ නව WhatsApp Desktop App එක සඳහා මාරැ වන ලෙසත්ට නිවේදනයක් දිස් කිරීමත් සිදු වනු ලබනවා.

මෙලෙස මේ Electron-based WhatsApp Desktop App එක නවතා දැමීමට ඔවුන් තීරණය කර ඇත්තේ මෙය වෙනස් Operating Systemsවල ක්‍රියාත්මක වීමේදී ඇති වු Optimization ගැටලු සහ Resources රැසක් භාවිත වීම නිසයි. මෙයට විසදුම් ලෙස Meta සමාගම විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් නව WhatsApp Desktop App එකත් සමඟ මෙය නවතා දැමීම සිදු වනවා. මේ නව Desktop App එක ඔස්සේ පෙරට වඩා Smooth සහ intuitive user interface එකක් සමඟින් stability එකෙන් වැඩි reliable messaging service එකක් පරිශීලකයන්ට ලබා දීමට හැකියාව ලැබි තිබෙනවා.
කෙසේ වෙතත් මේ නව Desktop App එක ඔස්සේ ඔබට Business Features ලබා ගත නොහැකි වනු ඇති අතර පෙර Electron-based WhatsApp Desktop App එක සමඟ සැසදිමේදී ඇති එකම අවාසිය මෙය වනවා.
Electron-based WhatsApp Desktop App එක මේ වන විට නවතා දමා ඇති නිසා නව Desktop App එක Microsoft Store එක ඔස්සේ Download කර ගත හැකි අතර ඔබට පෙර මෙන් Business Features භාවිත කිරීමට අවශ්‍ය නම් තාවකාලික විසඳුමක් ලෙස WhatsApp Web පහසුකම භාවිත කළ හැකි වනවා. කෙසේ වෙතත් මේ ගැටලුව සඳහා නිශ්චිත පිළියමක් නව WhatsApp Desktop App එක සඳහා ඉක්මනින්ම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Sources: Wabetainfo Cover Image Source: wabetainfo