Loading...
පසුගිය කාර්තුවේ සම්පූර්ණ Android වෙළඳපලේ වර්ධනයට වඩා වැඩි වර්ධනයක් Apple සමාගමේ විසින් ලඟා කරගැනීමට සමත් වේ

2022 වසරේ මුල් කාර්තුව Android ජංගම දුරකථන නිෂ්පාදකයන්ට වෙළෙඳපොළ කොටස් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වීමත් සමඟ ඉතා අයහපත් කාලයක් විය. නමුත් අනෙකුත් සමාගම් වල මෙසේ කොටස් පහළ බැසීමත් සමඟ වෙනදාටත් වඩා කොටස් ප්‍රමාණය වැඩි කර ගැනීමට Apple සමාගම සමත් වී තිබෙනවා.

IDC ආයතනයේ නවතම වාර්තාවකින් Android දුරකතන වෙළඳපොළ අත්විඳින ගැටලු කිහිපයක් පෙන්වා දෙනවා. එනම්, ගෝලීය වසංගත තත්වය, රුසියාව-යුක්‍රේනය අතර ගැටුම් යනාදී ගැටලු වනවා. මේ නිසා බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ Smartphone Shipping ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස පහළ වැටුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම Android ජංගම දුරකතන නිෂ්පාදකයෙකුටම බලපෑම් එල්ල විය.

වසරින් වසර වෙනස් වූ Smartphone නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස් වල තත්තවයන් පහත දැක්වෙනවා.

  • Samsung lost 1.2%
  • Apple gained 2.2%
  • Xiaomi lost 17.8%
  • Oppo lost 26.8%
  • Vivo lost 27.7%
  • Others lost 2.7%

සමස්තයක් වශයෙන් Smartphone නිශ්පාදකයින් 2022 පළමු කාර්තුවේදී Smartphone මිලියන 314.1ක් Ship කර ඇති අතර, එය 2021 වසරේ පළමු කාර්තුවේදී Ship කළ මිලියන 344.7 ට වඩා 8.9%  කින් අඩු විය. නමුත් Apple සහ Samsung සමාගම් විසින් ඉහත සමස්ත ප්‍රවණතාවය ඉහළ නැංවු අතර වෙළඳපොළ කොටස් වල වර්ධනයක් දුටු එකම Smartphone නිෂ්පාදකයා Apple සමාගම වූ අතර Samsung හි පාඩුව පමණක් අනෙකුත් නිෂ්පාදකයින්ට වඩා අඩු විය.

IDC ආයතනයේ උප සභාපති මේ පිළිබඳව වැඩි දුරටත් සඳහන් කරමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

“Our research tells us Samsung and Apple have navigated the supply chain situation a bit better than their competitors, and as a result, we have seen reduced orders from the next set of top OEMs,”

මේ සමාගම්වල පාඩු ගැන සැලකිලිමත් වෙමින්, IDC ආයතනය පවසන්නේ වෙළඳපල කොටස සැබවින්ම අහිමි වීම වෙනුවට,Smartphone ඉල්ලුම හුදෙක් අඩු වී ඇති බවයි. එයින් අදහස් වනුයේ ඉදිරි මාස වලදී විවිධ සමාගම්වල Market Shares හී  සැලකිය යුතු වැඩි වීමක් දැකිය හැකි බවයි.

Source - Android Authority