Loading...
Gaming වලට කියාපු Razer Blackshark v2 Gaming Headset එක

Gaming ගැන කතා කරද්දී අපිට කතා නොකර ඉන්නම බැරි brand එකක් තමයි Razer කියන්නේ. ඒ වගේම මෙන්න මේ Razer Blackshark v2 කියන්නේ gamers ල අතර අතිශය ජනප්‍රිය ඒ වගේම ඉතාමත් ම හොඳ headset එකක්. Razer හඳුන්වා දෙන විදියට මේ Blackshark v2 කියන්නේ headset 3ක range එකක්. ඒ කියන්නේ මෙතන Blackshark v2 X, Blackshark v2, Blackshark v2 Pro කියල headset 3ක් තියෙනවා. ඒ වගේම තමයි මම ඔය headset range එක ලියල තියෙන පිළිවෙළටම තමයි ඔය headset වල price එක වෙනස් වෙන්නේ. (අඩු → වැඩි)

Blackshark v2 X, Blackshark v2, Blackshark v2 Pro

බැලූ බැල්මට නම් ඉතින් ඔය headset තුනම එක වගේ. ඒ වගේම ඉතින් කියන්න තරමට ලොකු වෙනසක් ඇත්තෙත් නැහැ. සරලවම කිවුවොත් Blackshark v2 X එක 3.5mm headphone port එකට connect වෙන්නේ, Blackshark v2 එක dedicated soundcard එකක් හරහා USB port එකට තමයි connect වෙන්නේ. Blackshark v2 Pro එක wireless. කොහොම වුනත් මේ range එකේ හොඳම headset එක විදියට පිළිගන්නේ Blackshark v2 headset එක.ඉතින් ඒක නිසා මෙතනදී Blackshark v2 එකට වැඩි අවධානයක් යොමු කරනවා.

Design එක

Blackshark v2 කියන්නේ එක ඉතාමත් සැහැල්ලු ඒ වගේම සුවපහසු Headset එකක් කිවුවොත් නිවැරදියි. මෙහි earcups දෙක ඉතාමත් premium look එකක් එන විදියට කළු පැහැති matte plastic වලින් සාදා තිබෙනවා. ඒ වගේම තමයි earpads ඉතාමත් සිනිඳු Memory foam breathable fabric material එකකින් සදා තිබෙනවා. මේ සියල්ලෙහිම ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් දිගු කාලයක් මෙම headset එක දිගට පැළද සිටීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම දකුණු පස earcup එකේ volume rocker එකක් සහ microphone mute button එකක් ද අඩංගු වෙනවා.

Memory foam breathable fabric material එක
Green Razer logo
Volume rocker and side button

Features & Specifications

Blackshark v2 headset එකේ භාවිතා වන TRIFORCE 50mm driver එක ඉතාමත් quality sound experience එකක් ලබා දෙනවා. මෙම TRIFORCE driver එකෙහි ඇති විශේෂත්වය නම් මේ මගින්  low frequencies හා high frequencies කවලමින් තොරව ලබා දීමට ඇති හැකියාවයි. Gaming වලදී නම් weapon sounds හා enemy footprints වැනි දෑ ඉතාමත් පැහැදිලිව වෙන් කර හදුනාගැනීමට මෙමගින් හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම Music playback කිරීමේදී ද ඉතාමත් ඉහල quality එකක sound experience එකක් ලබා දෙන අතර පහසුවෙන් එක් එක් instruments පැහැදිලිව හදනා ගැනීමට වුවද හැකියාව පවතිනවා.

50mm TRIFORCE drivers
Blackshark v2 frequency response chart | credit - rtings.com

Blackshark v2 headset එක ඇත්තටම use කරන්නේ 3.5mm audio connector එක. ඒ නිසාම මේක wide compatibility එකක් සහිත headset එකක්. හැබැයි මේකෙන් ඔයාට උපරිම performance ගන්න ඕන නම් මේ headset එක USB soundcard එක හරහා connect කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ Razer Synapse software එක භාවිතයෙන් ඔයාට simulated 7.1 surround sound මේ headset එකෙන් අත්විඳින්න පුළුවන්. ගොඩක් users ල කියන විදියට මේ surround sound simulation ඉතාමත් accurate එකක්. Online competitive games වල දී enemies ල ඉන්න තැන් හරියටම spot කරන්න මේ simulated surround sound එක ගොඩක් උදව් වෙනවා කියලත් ඔවුන් කියනවා.

THX 7.1 surround sound special audio

ඒ වගේම surround විතරක් ම නෙමෙයි තව headphone output එකටයි microphone input එකටයි 10 Band EQ එකක් ද තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ කැමතිම sound taste එක අනුව මේ headset එක customize කරගන්න පුළුවන්. මීට අමතරව තවත් බොහෝ විශේෂාංග මීට ඇතුලත් වනවා.

Microphone EQ
Headphone EQ

ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ headset එකට එන microphone එක ඉතාමත් ගුණාත්මක බවකින් යුත් අතර එහි එසේම එහි ඇති Ambient Noise Reduction ද ඉතාමත් ගුණාත්මක තත්වයේ පවතිනවා.

ඉතින් ඔයා gaming headset වලට ආස කරන premium quality එකක් බලාපොරොත්තු වෙනවා නම් මේ headset එක ඔයාට ගොඩක් දුරට ගැලපෙන headset එකක්.