Loading...
Facebook සහ Instagram යුරෝපයෙන් ඉවත් කර ගැනීමෙ​න් යුරෝපා සංගමයට කිසිදු ප්‍රශ්නයක් නැති බව ප්‍රකාශ කර​යි

යුරෝපයේ වෙසෙන තම පරිශීලකයන්ගේ දත්ත ඍජුව භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන්නේ නම් යුරෝපය තුල Facebook සහ Instagram වල මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සිදුවන බව දැනුම් දුන් බව ඔබට ඊයේ වාර්තා ක​රා. එහිදී Meta සමගම සඳහන් කර තිබුනේ "වාර්තාවේ සඳහන් වනුයේ තම ආයතනයේ මෙහෙයුම් කටයුතු සහ දැන්වීම් ප්‍රචාරය කිරීම් නිවැරදි​ව කරගෙන යාම සඳහා යුරෝපයේ පරිශීලක දත්ත ලබාගැනීම තම ආයතනයට අත්‍යාවශ්‍ය බවයි."

Meta සමාගමේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් යුරෝපානු සංගමයේ නියෝජිතය​න් දෙදෙනෙකු වන Robert Habeck (German Economy Minister) ස​හ Bruno Le Maire (French Finance Minister) විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ Meta සමාගමට යුරෝපය තුල තව දුරටත් රැදී සිටීමට අවශ්‍ය නම් යුරෝපානු සංගමයේ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කල යුතු බවත්, එසේත් නැති නම කලාපය තුල Meta සමාගමේ සමාජ ජාලා තහනම් කිරීමට සිදුවන බවත්ය. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ තිබුනේ ඔහු වසර හතරකට ආසන්න කාලයක් Facebook භාවිතා කිරීමෙන් වැලකි සිටි අතර ඒ ජීවිතය ඉතාමත් අනර්ඝ ජීවිතයක් වූ බවයි.

I’ve lived without Facebook for four years and life has been fantastic. The European Union is such a big internal market with so much economic power that if we act in unity we won’t be intimidated by something like this. - Robert Habeck (German Economy Minister)

එම අදහසට තවත් අදහස් එකතු කරමින් Bruno Le Maire (French Finance Minister) විසින් ප්‍රකාශ කර තිබුනේ Facebook භාවිතාවෙන් තොරව මිනිසුන්​ට ඉතාමත් හොදි​න් තම ජීවිකාව පවත්වාගෙන යා හැකි බවයි.

I can confirm that life is very good without Facebook and that we would live very well without Facebook. Digital giants must understand that the European continent will resist and affirm its sovereignty.” - Bruno Le Maire (French Finance Minister)

ඉහත යුරෝපානු සංගමේ නිලධාරීන් දෙදෙනාගේම ප්‍රකාශ වලින් ගම්‍ය වන්නේ යුරෝපානු සංගමය ඔවුන්ගෙ පුරවැසියන්ගේ අයිතීන් තවදුරටත් ආරක්ෂා කරන අතර ඒ සඳහා Facebook සහ Instagram සමාජ ජාලා යුරෝපය තුල රැදී සිටීම හෝ නොසිටීම ගැන ඔවුන්ගේ තැකීමක් නැති බවයි.

මේ ආකාරයට යුරෝපානු සංගමය විසින් Meta සමාගමේ ප්‍රකාශය සම්බන්ධයෙන් තම ස්ථාවරය ඍජුව ප්‍රකාශ කර ඇති අතර, මේ වන විට තීරණය ගැනීමට ඉතිරිව ඇත්තේ Meta සමාගමටය. ඔවුන් කුමන ආකාරයේ තීරණයක් ගනු ඇතැයිද යන්න අපට බලා සිටීමට සිදු වනවා.

Source: Bloomberg