Loading...
Apple සමාගමේ logo එකේ ඉතිහාස කතාව

Steve Jobs, Steve Wozniak සහ Ronald Wayne එකතු වෙලා තමයි 1976දී Apple සමාගම පිහිටුවන්නේ.

මේකේ ලොගෝ එක  නිර්මාණය කරේ Ronald Wayne විසින්.  ඔහු මේකට යොදා ගත්තේ Sir Isaac Newton ඇපල් ගහක් යට වාඩිවෙලා ඉන්න රූපයක්. නිව්ටන්ගේ ඔළුවට වැටෙන්න හදන ඇපල් ගෙඩියකුත් රූපයේ සඳහන් වෙනවා.

ඒ විතරක් නෙමෙයි, Apple Computer Corporation  කියන company name එකත් Logo එකේ ඇතුලත් කරලා තිබ්බා.

1976 Apple Logo

විශේෂ ම කාරණය තමයි නිවුටන්ගේ පින්තූරයේ බෝඩර් එකේ William Wordsworth විසින් රචිත "Prelude" කියන පොතේ සඳහන් වෙලා තිබ්බ “Newton … A Mind Forever Voyaging Through Strange  Seas of Thought … Alone.” යන්න සඳහන්  වුනා.

මේ ලොගෝ එක 1976 දිම අයින් කරලා අලුත්ම logo එකක් Rob Janoff ඩිසයින් කරා. මේ ලොකු එක ඇපල් සමාගමේ ජනප්‍රියතාවයට ලොකු හේතුවක් වුණා. මේ logo එකට කිව්වේ Rainbow Apple කියලා.

Rainbow Apple Logo

මේ logo එක වටේ ගෙතිච්ච කතා ගොඩයි. සමහරු තර්ක කරනවා අයිසෙක් නිව්ටන්ට උපහාර වශයෙන් ඇපල් කියන පලතුර ම පාවිච්චි කරා කියන එක. තවත් සමහරක් තර්ක කරනවා ලෝක ප්‍රකට ගණිතඥ Alan Turing සිහිවීම පිණිස ඇපල් යොදාගත්තා කියන කාරණය.

මොකද ඔහු සියදිවි නසා ගත්තේ සයනයිඩ් යොදපු ඇපල් ගෙඩියක්  කාලා කියන එක ඒ වෙන වෙනකොට ප්‍රසිද්ධ වෙලා තිබ්බ කාරණයක්. ඒ තර්කය තවදුරටත්  මිනිස්සු අතරට ගියේ rainbow colors යොදාගත්තු හින්දා මොකද ඇලන් ටියුරින් කියන්නෙ සමලිංගික ආශ්‍රයක් තිබ්බ මනුෂ්‍යයෙක් නිසාත්, rainbow colors LGBT community එක නිරූපණය කරන්නත් භාවිතා කරන නිසා.

කොහොම වුණත්  මේ සියලු තර්ක ප්‍රතික්ෂේප කරමින් Janoff කියා සිටියේ,ඒ කාලේ Apple නිපදවපු පළවෙනි වර්ණ තිරය සහිත පරිගණකය වන Apple II පෙන්වන්න rainbow colors භාවිතා කරපු බව.

ඒ විතරක් නෙමෙයි, ඇපල් ගෙඩියෙන් ටිකක් කාපු විදියට ඩිසයින් කරලා තියෙන්නේ “Byte into an Apple” කියන කම්පැනි ස්ලෝගන් එක නිරූපණය වෙන්නත්, චෙරි  ගෙඩියක් එක්ක මේ ඇපල් ගෙඩිය පැටලෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන්නත් කියන එකත් Janoff එහිදී සඳහන් කලා.

1984දි Logo එකෙන් Apple ටයිටල් එක අයින් කරලා ඇපල් ඩිසයින් එක විතරක් තියන්න සමාගම තීරණය කළා. මොකද ඒ වෙනකොට ලොගෝ එක මොන කම්පැනියේද කියන එක සඳහන් කරන්න ඕනේ නැති තරමට එක ජනප්‍රිය වෙලා තිබ්බා.

1998දී සමාගමෙන් අයින් වෙලා හිටපු Steve Jobs නැවත පැමිණීමත් සමඟම සමාගමේ ලොකු වෙනස්කම් ටිකක් වුණා.

එයින් එකක් තමයි rainbow logo එක අයින් කරලා logo එක තනි පාටකින් ඩිසයින් කරපු එක. ඒ ඔර්ජිනල් ෂේප් එක කිසිම වෙනස්කමක් සිදු කරන්නෙ නැතුව. ඒකට ප්‍රධානතම හේතුවක් තමයි එයාලා අලුතින්ම එලියට දාපු iMac G3 පරිගණකයේ තිබුණ අර්ධ පාරදෘෂ්‍ය කේසින් එක. එයාලා හිතුවා විවිධ වර්ණ වලින් ආපු අලුත් casing එකට rainbow logo ඒක ගැලපෙන්නෙ නෑ කියලා.

අද වෙනකන් භාවිත වෙන්නේ මේ තනි වර්ණයේ ලොගෝ එක. 1998 සිට මේ දක්වා මේ ලොගෝ එකෙත් වෙනස් වර්ශන් ආවා. ඒ තමයි,

1998 ආපු Translucent වර්ශන් එක,

2001 ආපු Aqua වර්ශන් එක,

2007 ආපු Chrome වර්ශන් එක සහ

2014 ආපු Flat Design වර්ශන් එක

අද වෙනකොට අපිට දකින්නට තියෙන්නේ මේ Flat Design වර්ශන් එක. ඒකත් පාට 3 කට සීමා වෙලා, Silver, White සහ Black විදියට.

ඔයාලට මේ කතාව වීඩියෝ එකක් විදිහටත් බලන්න පුළුවන්.

ඇපල් ලොගෝ එකේ කතාව | The Story of the Apple Logo

"ඇපල් ලොගෝ එකේ කතාව" ලෝකයේ තියන ජනප්‍රියම ලොගෝ එකක් තමයි ඇපල් ලොගෝ එක කියන්නේ. 1976 ආරම්භ කරපු ඇඇපල් සමාගමේ ලොගෝ එක මේ වන විට වෙනස්වීම් ගොඩකට ලක්වෙලා තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඒ සියලුම වෙනස්වීම් වල ඔබ අහල නැති කතාව. මේ වීඩියෝ එක බලලා දන්න දෙයක් ගැන නොදන්න දේවල් දැනගන්න. ජය වේවා... - Vikum Harshana - #infonator #vikumharshana #apple #applelogo #SteveJobs #SteveWozniak #RonaldWayne #SirIsaacNewton #AppleComputerCo. #WilliamWordsworth #Prelude #RobJanoff #RainbowApple #AlanTuring #LGBT #AppleII #ByteintoanApple #iMacG3 #Translucent #Aqua #Chrome #FlatDesign

Posted by Vikum Harshana on Thursday, July 2, 2020