Loading...
ලොව මිල අධිකම, උඩුගුවනේ නිහඬ මාරකයා F35

ඇමෙරිකාවේ Lockheed Martin සමාගම විසින් නිශ්පාදනය කරන මෙම F-35 ප්‍රහාරක යානය සැලකෙන්නෙ ලොව 'වඩාත් මිල අධිකම' ප්‍රහාරක යානය ලෙසයි. තනි එන්ජිමක් සහ තනි නියමු කුටියක් ඇති මෙම F35 stealth multirole combat aircraft එකක් ලෙසත් සැලකෙනවා. එහි අදහස වන්නේ F35 යනු ලොව ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ඕනෑම මෙහෙයුමක් සඳහා ලොව ඕනෑම තැනක සිට ඉතාමත් හොඳින් හැසිරවිය හැකි Fighter jet එකක් වන බවයි.

F35 යානයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 80 වගේ වන අතර එවැනි ඉහළ අගයක් ගැනීම නිසාම මෙය ලොව වඩාත් මිල අදිකම Fighter Jet එක ලෙස සලකනු ලබනවා. F-35 යානය එක් මෙහෙයුමක් සඳහා වැය කරන මුදල් ප්‍රමාණය කෙතෙක් ඉහල අගයක් ගන්නවාද කිවහොත් එක් පියාසැරි වාරයක් සඳහා US ඩොලර් 33,000 ත් 37,000ත් අතර ප්‍රමානයක් වැයවෙනවා.

අනිත් විශේෂතම කාරණය තමයි මේක SVTOL (short take-off and vertical landing aircraft) ගනයට අයත් වෙන පස්වන පරම්පරාවෙ Fighter jet එකක් වීමයි. මේ Vtols ගැන අපි කලින් ලිපියකින් විස්තර කරා.

ඇමරිකාවේ Lockheed Martin සමාගම විසින් නිෂ්පාදනය කරන ලද X35 කීයන prototype එකේ වැඩිදියුණු කරණ ලද නිෂ්පාදනයක් ලෙසයි මෙම යානය එළිදකින්නේ. මෙම F-35 යානාවන්හි මාදිලි කිහිපයක් තිබෙනවා. F-35A (USAF) United States Air Force / F-35B (USMC) united states marine corps / F-35C (USN) United States Navy

මෙම යානයේ තිබෙන රහස්‍ය බව සුරක්ෂිත බව හා ආරක්ෂිත බව නිසාම නිෂ්පාදිත රටවන ඇමරිකාවට අමතරව Israel, Australia, Belgium, Denmark, Italy ඇතුළු තවත් රටවල් නමයක් විසින් මෙම යානා මිලදිගෙන තම ගුවනේ ආරක්ෂාව සඳහා මෙම යානා යොදවා තිබෙනවා.

මෙහි Empty weight එක13,290ක් වන අතර සම්පූර්ණ ලෝඩ් කළ පසු 29,990kg පමණවේ ඒ අනුව මෙයට 29,990kg පමණ බරක් රැගෙන උඩුගුවනට නැග Mach 1.6 පමණ වේගයකින් සතුරාවෙත පියාසර කලහැක.

උඩ කී එවට අමතරව මෙයට 8160kg පමණ අවි ආයුධ රැගෙන යා හැක ඒවාට....

  • AIM-120 AMRAAM
  • AIM-9X "Sidewinder" Short Range Air-to-Air Missile
  • GBU-31 Joint Direct Attack Munitions (JDAM) Guided Bombs
  • Laser-Guided Bombs
  • Internal 25 mm GAU-22/A Cannon යන ඒවා ඇතුලත් වේ.

මෙයට 8278 kg පමන Fuel Capacity එකක් ඇතුලත් වන අතර මෙමගින් කිසිදු නැවත ඉන්දන පිරවීමකින් තොරව 2,200km පමණ ගමන් කළ හැක.

එවගේම මෙහි Engine එක වන Pratt & Whitney F135-PW-100 යන Engine එකට After burner එක නැතුව 25,000 lbක Thrust එකක් නිපදවිය හැකි අතර After burner එකත් සමග රාත්තල් 40,000lb වන උපරිම Thrust එකක් නිපදවිය හැකි අතර. මෙම සියලු බලයන් එක්ව මෙම යානවට 1,960 km/h (Mach 1.6) වේගයක් ලබාදෙන අතර මෙමගින් සතුරා වෙතට විදුලි වේගයෙන් පියාසර කර ඉලක්කය සුනු විසුනු කර නැවත සාර්ථකව සතුරාගෙන් මිදි පලා යාහැක.

දැන් අපි මේකෙ ගුවන් නියමුවා පළඳින හෙල්මට් එක ගැන කතා කරමු.

මෙම හෙල්මට් එක මගින් නියමුවා Targeting data,  aircraft system එක පිලිබඳ සියලු විස්තර හා Aircraft එකෙන් පිටත ලෝකය ගැන සම්පූර්ණ විව් එකක්ද Infrared Camera විව් එක සහා Night Vision Camera විව් එකද නියමුවාට ඩිස්ප්ලේ කරයි. මෙහි තවත් සුවිශේෂී Feature එක තමා X-Ray විශන් කියන එක. මෙමගින් නියමුවා යානයේ ගමන් කරමින් සිටින විට ඔබට යානය හරහා විනිවිද දැකිය හැක.

X-Ray කිව්වට මෙතන තියෙන්නෙ ඇත්තම X-Ray වීමක් නොවෙයි. මේක වැඩ කරන්නෙ යානයේ බඳට සම්බන්ද වෙලා ඇති අධිතාක්ශනික කැමරා හයක් මගින් ලබා දෙන ඩේට ප්‍රොසෙස් කිරීමකිනුයි. (හරියට ගූගල් ස්ට්‍රීට් විව් එක වගේ) මේ සියල්ල එක්ක මෙම එක හෙල්මට් එකක ගාන 400,000$ ක් වෙනවා. ගාන වගේම මේකෙ තියෙන වැඩත් වැඩියි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ.

මේම versatile, super stealthy යානයේ Life time Cost එක USD 1.6 Trillion පමණ වෙනවා. ඉතින් මේ සියල්ල එක්ක කිසිම සැකයක් නැතුව කියන්ඩ පුළුවන් මේක තමා මිනිස් ඉතිහාසය තුල මෙතෙක් සාදනු ලැබු මිල අධිකම weapon system එක සහ stealthy බව වැඩිම ෆයිටර් ජෙට් එක කියලා.