Loading...
තමන් අතින් third party apps සඳහා user data වැරදි ආකාරයෙන් share වී ඇති බව Facebook සමාගම නැවත පිළිගනීයි

Facebook කියල කියන්නෙ මොකක්ද කියල අපි හැමෝම දන්න දෙයක් ආයෙ ඒ ගැන බොරුවට ලියල පෝස්ට් එකේ දිග වැඩි කරන එකේ තේරුමක් නෑ. ඉතින් මේ social media දැවැන්තයාට කාලාන්තරයක් තිස්සෙ විවිධ චෝදනා තිබුනා. ඉන් එක චෝදනාවක් තමා user data expose කිරීම. කාලයෙන් කාලයට මේ ප්‍රශ්නය උඩ යට යනවා.

ඉතින් ඔන්න ආපහු ඔවුන් පිලි අරන් තියෙනවා තමන්ගෙ platform එකේ inactive users ලගෙ data third party apps වලට අනියම් ආකාරයෙන් ඔවුන් ලබා දීලා තියෙනවා කියලා. ඔවුන් ඒ විදිහට ප්රකාශ කරලා තියෙන්නේ ඔවුන්ගේ ම blog post එකකින්.

ඉතින් ඔවුන් estimate කරන ආකාරයට third-party app developers ලා 5000ක් පමණ ඒ ආකාරයට information අරන් තියෙන්නෙ Facebook හරහා එම apps වලට log උන සහ මේ වෙද්දි inactive users ල ගෙන්. මෙතන දී දින අනූවක් තිස්සේ Facebook use කරලා නැතත් එම users ලා inactive category එකට වැටිලා තියෙනවා.

ඉතින් ඒ දින 90 ක කාල රාමුව exceed කරන එක Facebook policy එක violate කරන කාරණයක්. මොකද Facebook policy එකට අනුව දින 90ක කාලයක් තුල user තමන්ගෙ account එක use කරේ නැතිනම් ඒ user ගෙ data third-party apps වලට ගැනීමේ හැකියාවක් නැති නිසා.

මේ නිසා affect උනු users ලා ප්‍රමාණය ගැන Facebook ලා confirm කරලා නැතත් ඔවුන් පවසන්නේ ඒ විදිහට share උන information වල mail address, birthdays, gender, language වගේ දේවල් අයත් වෙනවා කියලයි.

ඉතින් කොහොමද මේ දේ සිද්ධ උනේ?

Facebook සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ, කිසියම් active user කෙනෙක් ගේ friend list එකේ inactive user කෙනෙක් ඉන්නවා නම් සහ ඒ inactive user third-party app එකක් හරහා ඒ user authorization දීල තියෙනව නම් ඒ අදාල app එක දිගටම data retrieve කරනවා කියලයි.

“For example, this could happen if someone used a fitness app to invite their friends from their hometown to a workout, but we didn’t recognize that some of their friends had been inactive for many months”                                                                                                                                      -Facebook

තව දුරටත් ඔවුන් සඳහන් කරන්නේ මේ issue එක හඳුනාගත් දවසේදී ම එය නිවැරදි කිරීමට කටයුතු කල බවයි.

“We fixed the issue the day after we found it. We’ll keep investigating and will continue to prioritize transparency around any major updates.”                                                                                                                                       -Facebook

ඉතින් මේ විදිහට user data ගැන කලිනුත් විවිධ අර්බුධ මතු උනා. Cambridge Analytica scandal විදිහට හැඳින්වුනු එම අර්බුධය නිසා users ලා මිලියන 87 ක users ල ගෙ personal data expose උනා. කලින් සඳහන් කරපු 90-day limit එකත් introduce උනේ ඒකෙ ප්‍රතිඵලයක් විදිහටයි.