Loading...
කොරෝනා වෙනුවෙන් Facebook සහ Instagram news feeds වල අලුත් වෙනසක් සිදු කරයි

මේ දිනවල ලෝකය පුරා ඉතාමත් වේගයෙන් COVID-19 හෙවත් කොරෝනා වෛරසය පැතිරී යනවා. රටක් විදිහට ශ්‍රී ලංකාව මෙය සාර්ථකව පාලනය කොට තිබුණත් ඇමෙරිකාව වගේ රටවල දෙවැනි රැලි පවා ඇති වී තිබෙනවා. අප රටේත් 100%ක් තුරන් වෙලා නෑ. ඉතින් ඇමෙරිකාව ප්‍රමුඛව ලෝකයේ ම ප්‍රශ්නයක් වෙලා තියෙන මේ තත්වය සැලකිල්ලට අරගෙන් සිය සමාජ වගකීම පසක් කරමින් Facebook සමාගම අලුත් initiative එකක් announce කලා. ඔවුන් ප්‍රකාශ කලේ users ලට නිවසින් බැහැරව යාමේදී මුව ආවරණයක් එහෙමත් නැතිනම් face mask එකක් පලඳින ආකාරයෙන් massage එකක් ඔවුන්ගේ news feed එකේ උඩ දිස් වෙනු ඇති බවයි.

ඊට අමතරව CDC සහ Facebook COVID-19 information centers වලටත් links එම massage එක අසලින් බලා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම මේ වෙනස Facebook වලට විතරක් සීමා වෙන දෙයක් නෙමේ. Instagram වලත් මේ විදිහටම news feed එක උඩින් message එකක් ඉදිරියේදී දිස් වේවි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට ඉතාමත් වේගයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වෙමින් පවතිනවා. එය එක දිනකට ආසාදිතයන් 50,000 කට ආසන්න සාමාන්‍යයකින්.

පසුගිය දිනවලදී Coronavirus misinformation campaigns එක්ක ලොකු struggle එකක් Facebook ලට කරන්න සිද්ධ උනා. ඒ වැරදි තොරතුරු විශාල ප්‍රමාණයක් Facebook එක තුල roam උනු නිසා. ඉතින් මේ අලුත් feature එක තුලින් වෛරස ව්‍යාප්තිය ගැන users ලට නිවැරදි තොරතුරු ලබා දීමට ඔවුන් උත්සාහ කරනවා.

Facebook සමාගමට අනුව අද දිනය අවසානයේ දී පමණ මේ feature එක release වෙනවා. කෙසේ වෙතත් මේක US වලට විතරක්ද නැතිනම් global release එකක් ද කියල නම් තවම පැහැදිලි නෑ. අනිත් රටවලත් මේ ප්‍රශ්නය තිබෙන් නිසා සමහර විට මේක global release එකක් වෙන්න ඉඩකඩ තියෙනවා.

ඉතින් Facebook එකෙන් message එකක් ආවත් නැතත් ඔයා ගෙදරින් එලියට යනකොට අනිවාරෙන් mask එකක් use කරන්න ඕනෙ. ඒක ඔයාට තියෙන සමාජ වගකීමක්. ඒක ඔයාට comfortable නැති වෙන්න පුලුවන් ඒත් ඔයාගෙ සහ සමාජයේ ආරක්ෂාව ඊට වඩා වැදගත් දෙයක්.